අතරමැදියා හොඳම වූ රාජ්‍ය නාට්‍ය උළෙල

සැප්තැම්බර් 17, 2020

නිශ්ශංක දිද්දෙණිය, අනුලා බුලත්සිංහල, බුද්ධදාස ගලප්පත්ති නාට්‍ය කීර්ති සම්මානය අමාත්‍යතුමන් අතින් ලබාගනිමින්. පසෙකින් මාලිනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය හා ධර්මසිරි බණ්ඩාරනායක

රාජ්‍ය නාට්‍ය උලෙළ - 2020 සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා (11) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ මෙය සංවිධානය කර තිබිණි. ජාතික උරුම, ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උලෙළ පැවැත්වූ අතර රඹුකන සිද්ධාර්ථ හිමියන් ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (වැඩ බලන) තරණි අනෝජා ගමගේ, නිළි රැජන මාලිනී ෆොන්සේකා, රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, වේදිකා නාට්‍ය, සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ රැසක් මෙම සම්මාන උලෙළ සඳහා සහභාගී වූහ. එහි සිංහල අංශයේ සම්මානලාභීන් මෙසේය. 

රංගාලෝකය 

පොත්ගුල - එම්. සුරේෂ් මධුෂාන්

රංගාලෝකය 

දිගු නාට්‍ය - අතරමැදියා -

ඩබ්.ඒ. දුලාංජ විතානආරච්චි සහ 

එම්. සුරේෂ් මධුශාන් පෙරේරා

රංගවස්ත්‍ර නිර්මාණය

කෙටි නාට්‍ය  - ඩාර්ක් කලර් 

සහන් අංජන විජේතුංග සහ ඩී.ටී. 

නිල්මිණි සුරංගිකා චන්ද්‍රසිරි

රංගවස්ත්‍ර නිර්මාණය

දිගු නාට්‍ය - මගුල් කපුවා -

ඉරේෂා ජානකි

රංගභූමි අලංකරණය

කෙටි නාට්‍ය - පොත්ගුල 

කේ.එම්. ඩිල්ශාන් රංග සහ 

ආර්.එම්. අනුරුද්ධ රාජපක්ෂ

රංගභූමි අලංකරණය

දිගු නාට්‍ය - අතරමැදියා - 

එච්.කේ. නදික සුපුන්

අංගරචනය

කුසලතා සහතිකය 

(දිගු නාට්‍ය -)

මගුල් කපුවා -

එච්.ඒ. රන්දික ටිෂාන් සහ 

නිරන්ස අකලංක

අංග රචනය

කෙටි නාට්‍ය - 

ඩාර්ක කලර් 

එච්.ඒ. රන්දික ටිෂාන්

අංග රචනය  

දිගු නාට්‍ය (සිංහල)

ගලේ පිපෙන මල් - පසන් මල්ශාන්

වේදිකා පරිපාලනය

කුසලතා සහතිකය 

(දිගු නාට්‍ය - ) මගුල් කපුවා 

චරිදු කසුන් අලුවිහාරේ, 

යසිදු බිම්සර, පැතුම් ප්‍රමෝදිත සහ 

මලිෂ මැදගම

වේදිකා පරිපාලනය

කෙටි නාට්‍ය - පොත්ගුල -  

පී. දිනුෂ ප්‍රියශාන් සහ 

මදුශංක ගමගේ

වේදිකා පරිපාලනය 

දිගු නාට්‍ය - අතරමැදියා - 

පී.වී.ඩී. සඳුන් ලක්ෂාන් 

ධර්ම ගුණවර්ධන 

සංගීත නිර්මාණය

කෙටි නාට්‍ය -

බොම්බයක් ගැහුවට 

කමක් නෑ සිංදු කියමු -

හේෂාන් කුරුප්පු

සංගීත නිර්මාණය 

දිගු නාට්‍ය - මගුල් කපුවා - 

ප්‍රබෝධ බුද්ධිප්‍රිය

රංග වින්‍යාසය

පොත්ගුල - දුමින්ද සඳරුවන්

රංග වින්‍යාසය 

 දිගු නාට්‍ය - අතරමැදියා  -  

එච්.ඩී. ඉමිත ජයකොඩි ප්‍රනාන්දු

රංගනය 

කුසලතා සහතිකය  -

කෙටි නාට්‍ය - පශ්චාත්තාපය -

ඩී.ඒ.තරිදු මධුශංක

රංගනය 

කුසලතා සහතිකය - 

කෙටි නාට්‍ය - ඇවිත් බලන්න - 

යසිදු බිම්සර

රංගනය 

කුසලතා සහතිකය - කෙටි නාට්‍ය  

බෝම්බ ගැහුවට 

කමක් නෑ සිංදු කියමු - 

දුලාජ් චාමර

රංගනය 

කුසලතා සහතිකය - දිගු නාට්‍ය  

ගලේ පිපුන මල් - තිළිණ පෙරේරා

රංගනය 

කුසලතා සහතිකය - දිගු නාට්‍ය  

විජයන්තිමාලා - කසුනි ගනේවත්ත

හොඳම නළුවා 

කෙටි නාට්‍ය – 3 වන ස්ථානය

ඩබල් ඔඹ්  - සිතුම් පෙරේරා

හොඳම නළුවා 

කෙටි නාට්‍ය – 2 වන ස්ථානය

ඩාක් කලර් - 

 කේ.ඒ. තිලාන් වර්ණජිත් විජේසිංහ

හොඳම නළුවා (සම සම්මාන)

 කෙටි නාට්‍ය - 1 වන ස්ථානය 

ශානක උදාර රාජරත්න -

පොත්ගුල

හොඳම නළුවා (සම සම්මාන)

කෙටි නාට්‍ය - 1 වන ස්ථානය

පොත්ගුල  -  

ඩබ්.එම්.ඩී.බී. වන්නිනායක

හොඳම නිළිය 

කෙටි නාට්‍ය – 2 වන ස්ථානය 

බෝම්බ ගැහුවට කමක් නෑ 

සිංදු කියමු - 

තිළිණි ජයමාලී

හොඳම නිළිය  - (සම සම්මාන)

කෙටි නාට්‍ය  - 1 වන ස්ථානය

Female - 

ආර්.ජී. තිලංකා වික්‍රමසිංහ

සහ

ඒ.එම්. බුද්ධිමා අබේසිංහ

හොඳම සහාය නළුවා 

 දිගු නාට්‍ය - නිර්දේශිත නම්: 

1. එච්.එම්. කුසල් මධුරංග

අතරමැදියා - 

2. ජෙනට් ඇන්තනි - 

විජයන්තිමාලා 

3. සම්පත් ජයවීර

මම නෙවෙයි වෙන කෙනෙක්

සම්මානය -

මම නෙවෙයි වෙන කෙනෙක් - 

සම්පත් ජයවීර

හොඳම සහාය නිළිය

 දිගු නාට්‍ය - නිර්දේශිත නම්: 

1. හර්ෂිකා රත්නායක

හස්තිරාජ මහත්තයා

2. ඉමායා සෙව්වන්දිකා

 මඟුල් කපුවා

3. සුලෝචනා වීරසිංහ

ගිනි ගිනි මාලේ

සම්මානය

මගුල් කපුවා - ඉමායා සෙව්වන්දිකා 

රචනය

කෙටි නාට්‍ය – 3 වන ස්ථානය

නග්න දේව - මුදිත ජයසූරිය

කෙටි නාට්‍ය – 2 වන ස්ථානය

හේෂාන් කුරුප්පු

බෝම්බ ගැහුවට 

කමක් නෑ සිංදු කියමු

කෙටි නාට්‍ය – 1 වන ස්ථානය

එම්. සුරේෂ් මධුෂාන් සහ 

පී. සුදර්ශන ක්‍රිෂාන්ත -

පොත්ගුල

ස්වීය රචනය

දිගු නාට්‍ය - 3 වන ස්ථානය

ලඛිල සපුමල් - මඟුල් කපුවා

2 වන ස්ථානය

සුදත් අබේසිරිවර්ධන -

ගිනි ගිනි මාලේ

දිගු නාට්‍ය - 1 වන ස්ථානය

එච්.පී. නිලංක නිසලාංජල් ධර්මදාස - 

අතරමැදියා -

ස්වීය නොවන රචනය

 දිගු නාට්‍ය 

රංජිත් ධර්මකීර්ති -හස්තිරාජ මහත්තයා

කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය

කෙටි නාට්‍ය 

සුරේෂ් මධුශාන් - පොත්ගුල

කෙටි නාට්‍ය නිෂ්පාදනය 

කෙටි නාට්‍ය – 3 වන ස්ථානය

Female  - බී.කේ.අයි.එම්. 

දේදුනු සංගීතා කළුපහන

කෙටි නාට්‍ය නිෂ්පාදනය 

කෙටි නාට්‍ය – 2 වන ස්ථානය

හේෂාන් කුරුප්පු

බෝම්බ ගැහුවට 

කමක් නෑ සිංදු කියමු - 

කෙටි නාට්‍ය නිෂ්පාදනය 

කෙටි නාට්‍ය  - 1 වන ස්ථානය

සුරේෂ් මධුෂාන් - පොත්ගුල

හොඳම නළුවා

 දිගු නාට්‍ය - නිර්දේශිත නම් : - 

1. ස්ටේෆාන් දිලුක් තිරිමාන්න -අතරමැදියා

2. තිලාන් වර්ණජිත් - මඟුල් කපුවා

3. ශ්‍යාම් ප්‍රනාන්දු - මම නෙවෙයි වෙන කෙනෙක්

සම්මානය :-  තිලාන් වර්ණජිත්- මඟුල් කපුවා

හොඳම නිළිය

 දිගු නාට්‍ය - නිර්දේශිත නම්:   

1. සිළිදු රන්වල - අතරමැදියා

2. මල්කාන්ති ජයසිංහ - මම නෙවෙයි වෙන කෙනෙක්

3. ජයනි සේනානායක - මඟුල් කපුවා

සම්මානය : - සිළිදු රන්වල අතරමැදියා

හොඳම  අධ්‍යක්ෂණය 

දිගු නාට්‍ය - නිර්දේශිත නම් : -     1. අඛිල සපුමල් - මඟුල් කපුවා

2. එච්.පී. නිලංක නිසලාංජල් ධර්මදාස - අතරමැදියා

3. ධර්මප්‍රිය ඩයස් 

මම නෙවෙයි වෙන කෙනෙක්

සම්මානය:  එච්.පී. නිලංක 

නිසලාංජල් ධර්මදාස -

අතරමැදියා

    

නාට්‍ය  නිර්මාණය - 2020

නිර්දේශිත නම් : -     

1. එච්.පී. නිලංක - අතරමැදියා නිසලාංජල් ධර්මදාසගේ 

2. අඛිල සපුමල්ගේ - මඟුල් කපුවා

3. ධර්මප්‍රිය ඩයස්ගේ -මම නෙවෙයි වෙන කෙනෙක්

සම්මානය: අතරමැදියා- 

නාට්‍ය කිර්ති සම්මාන :

නිශ්ශංක දිද්දෙණිය

අනුලා බුලත්සිංහල

බුද්ධදාස ගලප්පත්ති

මරිය ෂේවියර්