වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
තවත් අපූරු නාට්‍යයක්ද

ජනප්‍රිය නිර්මාණකරුවෙක් යළිත් වේදිකාව මත කරක් ගහන්නට සූදානම් වන බව සරසවියට වාර්තා වුණා. ටෙලි සිනමා ලෝකයේ නොමැකෙන නමක් සටහන් කරගත්තු අශෝක හඳගමයි එලෙස වේදිකාවට යළිත් ගොඩ වන්නට සූදානම් වන්නේ. ඔබට මතක ඇති මුල් යුගයේ අශෝක වේදිකා නිර්මාණ කීපයක් ම කළා.ඒවා ඉතාම ජනප්‍රියත් වුණ. හෙණ සහ මාඝාත වැනි නිර්මාණයි ඔහු වේදිකාව වෙනුවෙන් නිර්මාණය කළේ. පසුකාලීනව ටෙලි සිනමා ක්ෂේත්රය පැත්තට යොමු වීම නිසා අශෝකට වේදිකාවට ගොඩ වන්නට කාල වේලාව තිබුණේ නැහැ. විශේෂයෙන්ම සිනමාව පැත්තෙන් අශෝක දැවැන්ත ප්රතිරූපයකුත් ගොඩනඟා ගත්තා. කෙසේ වෙතත් මේ නිර්මාණ නිර්මාණකරුවා යළිත් වේදිකාවට ගොඩ වන්නට සූදානම් වන්නේ වෙනස්ම ආකාරයේ කතාවක් රැගත් වේදිකා නාට්‍යයක් සමඟින්. නොබෝ දිනකින් මෙහි වැඩකටයුතු ආරම්භ වන්නට සූදානමිනුයි තියෙන්නේ. කොරෝනා වසංගතය නිසා කෙටි කාලයක් කල් දාන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ තත්ත්වය පහව ගිය පසු අශෝක හදගම තමන්ගේ ඊළඟ නිර්මාණය විදිහට බොහෝ විට ඒ වේදිකා නාට්‍යයේ ඉදිරිපත් කරාවි