ශෝකෝත්පාදකයක චරිත නිරූපණය කරන්නේ කෙසේද?

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ජනවාරි 14, 2021

ශෝකෝත්පාදකයේ චරිත පූර්ණ චරිත විය යුතුවේ. ඊට ප්‍රතිවිරුද්ධව නාට්‍යයයේ දී අපට පැතලි චරිත දැකිය හැකි වුවද එවන් චරිත අපට හමුවන්නේ ප්‍රහසනයක් හෝ අති නාටකයකදීය. නාට්‍යයක චරිතයක් අප විසින් විග්‍රහ කර ගැනීමට නම් එය හොඳීන් හා නිවැරදිව හඳුනා ගත යුතු වේ. නාට්‍ය පිටපතෙහි දක්වන තොරතුරු හා විස්තර, දෙබස් ඇසුරින් හඳුනාගන්නා චරිතවල හැසිරීම ඇසුරින් අපට චරිතවල ස්වභාවය හඳුනාගත හැක. ශෝකෝත්පාදක ලියැවුණු මුල් යුගයේ දී එහි චරිත නිරෑපණය කලේ පිරිමි අය විසිනි. ස්තී‍්‍ර චරිතද පිරිමින් විසින් රඟපෑහ. ස්තී‍්‍රන් නාට්‍යය රඟපෑමට අවතීර්ණ වූයේ 17 වන ශතවර්ෂයේ දී ශේක්ස්පියර් ගේ නාට්‍ය බිහිවීමෙනුත් පසුය. ඉංගී‍්‍රසි වේදිකාවට ප්‍රථම නිළිය පැමිණියේ 1660 දීය. ප්‍රථම නිළිය වූයේ ඡ්තඥචපධප ව්ඥතත ය. එසේම ශෝකෝත්පාදකයේ භාවිත වෙස්මුහුණු සංකේතීය ඇඳුම්, විශාල පාවහන් ආදිය නිසා චරිතයක ඉතා වැදගත් වූයේ වාග්විලාශය නැතහොත් වාචිකාභිනයයි. ඇරිස්ටෝටල් ට අනුව ශෝකෝත්පාදකයේ චරිත කි‍්‍රයාවේ යෙදී සිටින උන් විය යුතුය. ඔවුන් සැබෑ ජීවිතයේ අප දන්නා අයට වඩා හොඳ හෝ උසස්, නරක හෝ පහත්, නැතහොත් සාමාන්‍යය තත්ත්වයේ අය විය යුතුය. සියලු මනුෂ්‍යය, චරිතයෝ ඔවුන්ගේම යහපත් හෝ අයහපත් ගති ලක්ෂණ නිසා එකිනෙකට වෙනස් වේ. 

චරිත සැම විටම අඩුපාඩුවලින් යුතු වරදක් සිදුවිය හැකි අය විය යුතුය. ඊඩිපස් හෝ ක්‍රයෝන් හෝ දුකට පත් වනුයේ ඔවුන්ගේම අත්වැරදි නිසාය. ඊඩිපස් අතින් පියාගේ මරණය සිදුවීම. මව හා විවාහ වීම නොදැන සිදුවූ අත්වැරදීම් වේ. කෝපය, සැකය, උද්දච්චකම ආදී මනුෂ්‍ය දුර්වලතා විසින් ඔවුන් එවන් වැරදි සඳහා යොමු කරනු ලබයි. රූපණය සඳහා යොදන ලද අනුකරණය යන්න ගී‍්‍රක මිමෙසිස් (ර්ඪථඥඵඪඵ) යන්නෙන් බිඳී ආවකි. එහි අර්ථය දෛනික ජීවිතයේ සිදුවන දේ අනුකරණය කිරීමයි. නාට්‍යයකදී සිදුවන අනුකරණය පරමාදර්ශී අනුකරණයක් විය යුතුය. එය පුරුද්දෙන් නොව අභ්‍යාසයෙන් හා නිරීක්ෂණයෙන් කළයුතු දෙයකි. එනම් සිද්ධීන් කාල්පනික ලෙස නිරූපණය කිරීමකි. ශෝකජනකයේ අනුකරණය බුද්ධි විෂයීක වින්දනයක් ජනිත කරයි. ජීවිතය පිළිබඳ දෘශ්ටියක් නැතහොත් චින්තනයක් ප්‍රකාශ කිරීම් වස් එය සිදුකරයි. නාට්‍ය යනු ජීවිතයේ ප්‍රති කෘතියක් නොව ප්‍රති නිර්මාණයකි. එබැවින් ශෝකජනකයේ දී කථාවට අයත් සෑම සිදුවීමක්ම චරිත විසින් අනුකරණය නොකරයි. සෑම සිදුවීමක්ම දැන ගෙන ඒ සියල්ල කථා වින්‍යාසයේ තෝරාගත් සිද්ධීන්වලින් අනුකරණය කරයි. රචකයා කලාකරුවකු වෙන්නේ මේ සිද්ධි තෝරා ගැනීම ට ඔහු තුළ ඇති ශක්‍යතාවය මතය. රූපණ ශිල්පියා කලාකරුවකු වන්නේ මේ තෝරාගත් සිද්ධි අනුකරණයට ඇති හැකියාව මතය.

බොහෝ උසස් ශෝකෝත්පාදක නාට්‍යයන්හී දුෂ්ට චරිත නොමැත. සුඛාන්තයද එසේමය. පැතලි චරිත හමුවන්නේ අතිනාටක, ප්‍රහසන හෝ එවන් ලක්ෂණ සහිත ගැමි නාටකවලදීය. පූර්ණ චරිත යහපත් හෝ අයහපත් ලෙස බෙදා වෙන් කළ නොහැක. ඔවුන්ගේ චර්යාවන්ට ඉතිහාසයක්, මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පදනමක් ඇත. සංස්කෘතික හා අධ්‍යාපනික අවකාශයක් ඇත. උසස් නාට්‍යයකදි. ශෝකෝත්පාදකයක දී අතිශයින් යහපත් පුද්ගලයෙක් විය. අතිශයින් අයහපත් පුද්ගලයෙකු සතුටුදායක මොහොතක සිට දුක්ඛදායක තත්ත්වයකට පත් නොවේ. එතුළින් ප්‍රේක්ෂකයාගේ මානව හැඟීම් පිබිදෙන්නේ නැත. අපේක්ෂිත භාව විශෝධනය හෝ කාරුණ්‍යකයද පහළ වීම සිදු නොවේ. එය ඇති වනුයේ නොසිද්ධවිය යුතු ව්‍යසනයකට චරිතය පාත්‍ර වූ කල්හී ය. එසේම ශෝකෝත්පාදකයේ චරිත අතිශයින්ම ධාර්මික ද භාග්‍ය සම්පන්නද නොවේ. ඔහුගේ අභාග්‍ය සිදුවන්නේ උසස්, යහපත් අරමුණක් වෙනුවෙන් කරන කැපවීම හමුවේ සිදුවන යම් දෝෂයක් හේතුවෙනි. මේ අභාග්‍ය ඔහුගේ දුෂ්චරිත හෝ අකටයුතුවල ප්‍රතිඵලයක් නොවන්නේය.

චරිත යහපත් වුවද නිර්දෝෂි වුවද අයෙක් නොව යහපත් හා උත්තම ගති ඇති මානව දුර්වලකම් සහිත අය වේ. ඔහුගේම චරිතයට උරුම අවාසනාවන්ත අකරතැබ්බක් නිසා ව්‍යසනය පැමිණේ. ශෝකෝත්පාදකය ආරම්භයේදී අපට හමුවන චරිත උසස් කීර්තිමත්, සතුටින් හා සමෘද්ධියෙන් කල් ගෙවන්නෙකි.

චරිතවල වැදගත්ම අංගය සදාචාරාත්මක අරමුණයි. ගී‍්‍රක ශෝකෝත්පාදකය දේව පූජාවේ කොටසකි. කාර්යය සිද්ධිය වනුයේ චරිතයන්ගේ කි‍්‍රයාකාරිත්වයෙනි. මේ චරිත දුක්වේදනා විඳීමින් අරමුණ කරා යයි. ඊඩිපස් ද ඇන්ටිගනී ද මෙන්ම කොස්තයා (මුහුදු ළිහිණි) ද එසේමය. මෙම චරිතවල කාර්යයේ අරමුණ උසස් මානව උපයෝගිතාවයකි. ඇරිස්ටෝටල්ට අනුව චරිත සතුවිය යුතු ගුණාංග සතරකි.

1. චරිත යහපත් විය යුතු වේ.

2. චරිත කථාවින්‍යාසයට යෝග්‍ය විය යුතුය.

3. චරිත යථාර්ථවත් විය යුතුය.

4. චරිත සංගත විය යුතුය.

මේ යෝග්‍යතාවය අතිශයින් වැදගත් වේ. ස්තී‍්‍රයක් නම් ස්තී‍්‍රයක ට පුරුෂයෙක් නම් පුරුෂයෙක් ට ගැළපෙන ගුණාංග ද තිබිය යුතු වේ. එය මාරු වීම උචිත නොවේ. ස්තී‍්‍ර පුරුෂ ගුණාංග අතහැර ස්තී‍්‍ර හා පුරුෂයින් දෙස බැලීම ද උචිත නොවේ. චරිතයක ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, මානසික සංස්කෘතිය චරිතයක් පූර්ණවීමට අවශ්‍ය වේ. යථාර්ථයට සමීප වීම යනුවෙන් අදහස් කරනුයේ ජීවිතයට අනුකූල විය යුතුය යන්නයි. ශෝකෝත්පාදකයේ චරිත ජීවිතයේ අනුමාන චිත්‍රයක් නොව ජීවිතයේ පිළිඹිඹුවක් විය යුතුය. ජීවිතයේ පරිපූර්ණත්වය සහ ජවය ඔවුන් තුළ තිබිය යුතුය.

සංගත බව යනු විශ්වාසනීයත්වයෙන් යුක්ත වූ වෙනස්වීම් සහිත වීමයි. එසේ නොවේ නම් චරිත අසංගත වේ. වෙනස් වීමට ද සකස්වීමට ද ඉඩක් ඇතත් ඒවා විශ්වාස කළ හැකි වෙනස්වීම් සහ සකස්වීම් විය යුතුය. නාට්‍ය ප්‍රාණවත් වනුයේ සහ ජීවයෙන් යුක්ත වනුයේ සංගතභාවයෙන් යුක්ත නම් පමණි.

ශෝකෝත්පාදකයේ චින්තනය

ඇරිස්ටෝටල්ට අනුව ශෝකෝත්පාදක වූ කලී යම් යෝග්‍ය ප්‍රමාණයකින් යුක්ත බරපතළ කාර්ය සාධනයක් නිරූපණය කරන්නා වූ නිර්මාණයකි. එහි අවසානය නැතහොත් කෙළවර වීම අවාසනාවන්ත අවසානයකින් නිම කරන්නට ශෝකෝත්පාදක රචකයින්ට ආශා කළ ද වීරයාගේ හෝ වීරවරියගේ මරණය අනිවාර්ය ලක්ෂණයක් නොවේ. එය සමහර විට අවිනිශ්චිත ජීවිතයක් කරා නික්මයෑමක් විය හැක. ඉබ්සන්ගේ ච්ධතතඵ ඩ්ධභඵඥ හෝ චෙකොෆ්ගේ චෙරිවත්ත අවසානය මෙනි. නැතහොත් ඇන්ටිගනී, මුහුදු ලිහිණියා හෝ ඨඩධඵබ නාට්‍යවල මෙන් වේදනාකාරී මරණයක් විය හැකිය. නැතහොත් ඊඩිපස් රජ මෙන් වේදනාත්මක ව්‍යසනයක් විය හැක. එසේත් නොමැති නම් කොලෝනස් හී ඊඩිපස් මෙන් දිව්‍යයමය මරණයක් විය හැක. ශේක්ස්පියර්ගේ ශෝකෝත්පාදකයන්හි වීරයා පණපිටින් නම් එය ශෝකෝත්පාදකයක් නොවන්නේය. ඔහුගේ නාට්‍යයන් හී අවසානයේ මරණය කරා යොමු වන දුක්ඛ වේදනා සහ විනාශකාරී සිද්ධිවලින් ගහණ වේ. එහෙත් ඉබ්සන් සහ චෙකොෆ් වැනි අයගේ නාට්‍ය එවැනි බාහිර වේදනාවන්ගෙන් තොර එහෙත් පිටතට නොපෙනෙන ආත්මීය වේදනාවලින් ගහණ වේ. එය බොහෝ විට පැරණි ජීවිතය හැර දමා අවිනිශ්චිත නව දිවියක් සොයා යෑමකි. සොෆොක්ලීස් ගේ ඇන්ටිගනී සහ ඊඩිපස් නාට්‍ය‍යේ දී හමුවන්නේ සියල්ල අහිමි වී ගිය ක්‍රයෝන් හා ඊඩිපස් කෙනෙකි. ඊඩිපස් නම් සියතින්ම දෑස ද අහිමි කර ගත්තෙකි. නමුත් ක්‍රයෝන් සියල්ල අහිමි වී ගිය එහෙත් ජීවත්වීමේ වටිනාකම ඉතිරි කරගත් අයෙකි. ශෝකොත්පාදකයේ අවසානය දෙස ගැඹුරින් සිතන විට මෙන්ම වීරයා අත්පත් කරගන්නා ඥානය මෙන්ම ප්‍රේක්ෂකයා අත්පත් කරගන්නා භාව විශෝධනය ගැන සිතන විට සත්‍යය වශයෙන්ම ශෝකෝත්පාදකයේ යටි පෙළෙහි දෘශ්‍යමාන වනුයේ සුබජනිත හැඟීමක් ද යන ගැටළුව මතුවේ. මන්දයත් ශෝකෝත්පාදකයේ වීරයා අවසන මුහුණ දෙන්නේ සියල්ල අහිමි වූ අයකු ලෙසිනි. විශේෂයෙන්ම ඔවුන්ගේ ඛේදවාචකය පැන නගින්නේ සමීපතමයින් හා කරන ගැටුමින් වගේම අවසානය සිදුවන්නේ සමීපතමයින්ගේ අහිමි වීමෙනි. ඇන්ටිගනි හී ක්‍රයෝන් ද ඇන්ටිගනි ද ඛේදවාචකයට මුහුණ දෙනුයේ තම සමීපතමයින් සියලු දෙනා අහිමි කරගනිමිනි. ඇන්ටිගනි හට තම මව ද, පියා ද, සහෝදරයින් දෙදෙනා ද පෙම්වතා ද පෙම්වතාගේ මවද සොහොයුරා ද අහිමි වේ. ‍

ක්‍රයෝන් හට තම බිරිඳ, පුතුන් දෙදෙනා, තම සහෝදරිය හා ඇගේ සැමියා මෙන්ම පුතුන් දෙදෙනාද තම පුතුගේ මනාලිය ද අහිමි වේ. ඇන්ටිගනී මෙන්ම හැම්ලට් නාටකයේ හැම්ලට් ද එසේ ය. මුහුදු ලිහිණියා නාට්‍යයේ කොස්තයා ද එසේය. ඉතින් ඔවුන්ගේ මරණය ඔවුන්ට සුවදායක ඉරණමකි. ශෝකෝත්පාදකයේ කාර්ය සාධනය ගැඹුරු එකක් වන්නේ එහෙයිනි.