ඉරුමලී සමඟ එන පූර්ණිම හසරංග

අගෝස්තු 15, 2019

ජීවිතේ විඳවපූ

විඳ විඳ සැනසුණු

සනසලා හඬවපූ

මගෙ නොවී මගෙම වූ

කඳුළු මට මිතු කෙරූ

මිතුරි පෙම්වතී නොවූ

ඉරුමලී ඉරුමලී

මමත් ආදරේ කෙරූ...

 

පූර්ණිම හසරංග සංගීත ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. පරාජිත ප්‍රේමයක අත්දැකීමක් ගීතයෙන් ගෙන එන ‘‘ඉරුමලී’’ ඔහුගේ කුලුඳුල් ගීත නිර්මාණය යි. පූර්ණිම සමඟ ඉරුමලී ගීතයේ විශේෂත්වයක් වේ. එනම් එහි පද රචනය, සංගීත නිර්මාණය, ගායනය පමණක් නොව රූප රචනා නිර්මාණයේ පිටපත ද ඇතුළුව සියලු කටයුතු ඔහු විසින් සිදු කිරීමයි. පූර්ණිම සමඟ ඉෂාන් මෙන්ඩිස් සහ හර්ෂි සාරංගා එහි රංගනය වෙනුවෙන් දායක වී සිටියි.

මාතර, කඹුරුපිටිය පදිංචි නාරන්දෙණිය ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහුගේ පාසල් දිවියේ සෞන්දර්යය විෂය වුයේ චිත්‍ර ශිල්පය යි. පාසල් අධ්‍යාපන කටයුතු අතරේදී බේස් ගිටාර් වාදන ශිල්පියකු ලෙසින් කණ්ඩායම් සංගීතයට පිවිසි ඔහු අනතුරුව ගායනයට පිවිසෙන්නේ සංගීතය පිළිබඳ හැදෑරීම් සමඟින්. ඔහුගේ ගී නිර්මාණ අතර ඉෂාන් මෙන්ඩිස් වෙනුවෙන් ද ගී දෙකක් පද රචනය කර සංගීතවත් කර තිබේ. කලාව ගෞරවනීය සේවයක් ලෙස දකින පූර්ණිම මේ වන විට සහෝදර ප්‍රේමය ගැන කියන ‘‘පුදමි හසරැල්’’ ගීතයත් ආදර කතාවක් ගෙන එන ‘‘පුංචි ඇසිල්ලක දුටුව සුරඟනක්’’ ගීතයත් නිර්මාණය කර අවසන්. නුදුරේදී එම ගීත ද එළිදැක්වීම පූර්ණිමගේ බලාපොරොත්තුවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.