t 2 රැක ගනිමු!

අගෝස්තු 22, 2019

 

පසුගිය සියවසේ විශේෂයෙන් 70, 80, 90 දශකවල බ 2 නමින් කලා ලෝකයේ ප්‍රචලිත ප්‍රචාරක නිර්මාණකරුවකු වූ තෝමස් තිලකරත්නයන් වසර කීපයකට පෙර අංශභාග රෝගයට ගොදුරු වී පසු කලෙක දෘෂ්ටි ආබාධයක් හේතුවෙක් ඇස් පෙනීම දුර්වලවීමේ ප්‍රවණතාවකට ද බඳුන් වී දැන් ඉතා අසරණ අසීරු තත්ත්වයකට පත් වී සිටී.

1938 අගොස්තු මස 31 වැනි දින දකුණු පළාතේ ගෝනාපීනුවල දී උපත ලද තිලකරත්නයන් කොළඹ බලා එන්නේ පාසල් වියේදීමය. එසේ පැමිණීමේදී නිශ්චිත අරමුණක් නොවුණු නමුදු කොළඹදී රැකියාවක නිරත වෙමින්ම චිත්‍ර ශිල්පය විෂයයෙහි තමන් තුළ පැවති නිසඟ හැකියාව මත අකුරු සහ සිතුවම් අතින් ඇඳ පෝස්ටර් නිර්මාණය කිරීම ඔහුගේ පුරුද්දක් විය.

සිල්ක් ස්ක්‍රීන් ශිල්පය මේ රටට ගෙන ආ සුප්‍රකට කලා ශිල්පියකු වූ මැලේ ජාතික රූෆින් සල්ඩින් හඳුනා ගෙන ඔහු වෙතින් සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය හදාරන්නට ඔහු හට අවකාශ ලැබිණ. එය ඉතා ඉක්මනින් මනා ලෙස හැසිරවීමේ හැකියාව බ 2 ලද්දේ චිත්‍ර ශිල්පය විෂයයෙහි ඔහු සතු වූ නිපුණතාව නිසාය. පසුව හේ බ 2 නමින් තමන්ගේම සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණ ආයතනයක් කොළඹ, මරදානේ පරණවාඩියේ කුඩා කඩ කාමරයක උඩු මහලේ දී අරඹන ලද්දේ 70 දශකයේ මුල් භාගයේදීය.

එම කාල වකවානුවේ බිහි වූ වේදිකා නාට්‍යවල ප්‍රචාරක කටයුතු උදෙසා එතෙක් නොවූ විරූ ඉතා අපූරු කලාත්මක පෝස්ටර් බිහි කරන ලද්දේ බ 2 ආයතනය විසිනි. විවිධ වර්ණවලින් අලංකාර වූ එකී පෝස්ටර් ප්‍රේක්ෂක අවධානයට පහසුවෙන් යොමු වන ප්‍රචාරක මෙවලමක් විය. 1978 වසරේ මැද භාගයේදී බිහි වූ ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැළණි පාලම’ නාට්‍යය උදෙසා කළු සුදු වර්ණණවලට පමණක් සීමා වූ පෝස්ටරයක් බ 2 විසින් නිර්මාණය කරන ලද්දේ අත්හදා බැලීමක් වශයෙනි. එය ඉතා ආකර්ෂණීය එමෙන්ම ප්‍රේක්ෂක සහ සංවිධායකවරුන්ගේ අවධානයට දැඩි ලෙස යොමු වූ සාර්ථක පෝස්ටරයක් විය. දිවයිනේ සෑම නාට්‍ය නිර්මාණකරුවකුම පාහේ තම නව නිර්මාණවල ප්‍රචාරක පෝස්ටර් නිර්මාණය උදෙසා බ 2 ආයතනය වෙත යොමු වන්නට වූයේ එතැන් පටන්ය. එම යුගයේ බිහි වූ බොහෝ චිත්‍රපටවල පෝස්ටර් නිර්මාණය කිරීමේ වගකීම ද බ 2 වෙත පැවරිණ.

ඒ අනුව බ 2 ආයතනයෙන් නිර්මාණය කළ පෝස්ටර්වලින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැන්විම් පුවරු, තාප්ප නිරන්තරයෙන් වැසී යන ප්‍රවණතාවක් දක්නට ලැලබිණ. ර්‍ණඛ්ධ්ඛ් ප්‍රධාන පිළිගත් සම්මාන කීපයක්ම සාර්ථක ප්‍රචාරණය උදෙසා බ 2 ආයතනය වෙත පිරිනැමුණේ ද ඒ කාල වකවානුවේය. ඉන් පසුව කොළඹ බොහෝ ස්ථානවල විශේෂයෙන්ම මරදානේ තැන් කීපයක සිල්ක්ස්ක්‍රීන් ප්‍රචාරක මුද්‍රණ ආයතන බිහි වූ අතර එකී නිර්මාණකරුවෝ බ 2 ආයතනයෙන් බිහි වූ ශිල්පීන් වූහ. 1994 වසරේ සතොස ප්‍රින්ටර්ස් ආයතනයේ සභාපති පදවිය හෙබ වූයේ ද ඔහුය.

පුතුන් සිව් දෙනෙකුගේ පියකු වූ බ 2 ඔවුන් සියල්ලන්ම තම ආයතනයේ සේවය සඳහා දායක කර ගත්තේය. එසේ බිහි වූ අති දක්ෂ සිල්ක් ස්ක්‍රීන් ශිල්පියකු වූයේ බ 2 ගේ දෙටු පුත් පියල් තිලකරත්නය. තම දිවි මඟේ 6 වැනි දශකය ගෙවී යමින් තිබියදී තිලකරත්නයන් තම ව්‍යාපාර දෙටු පුත් පියල් හට පවරා ඉන් බැහැර වූයේ ඇතැම් රෝගාබාධ හේතුවෙනි. ඒ වන විටත් මරදානේ කුලී නිවෙසක තම දරුවන් සමඟ දිවි ගෙවූ බ 2 හට ස්ථිර නිවහනක් නොවීය.

ඒ ආසන්න කාල වකවානුවකදීම අංශභාග රෝගයට ගොදුරු වූ බ 2 හට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට වෙහෙසුණේ ඔහුගේ දෙටු පුතණුවන්ය. ඉන් සෑහෙන සුවයක් ලබමින් සිටියදී ඇස් පෙනීම දුර්වලවීමේ ඉරණමකට ඔහු බඳුන් විය. එකී රෝගාබාධයනට වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු කබලෙන් ළිපට වැටුණාක් වැනි අසීරු තත්ත්වයකට පත් වූයේ සාර්ථක ලෙස මුද්‍රණ ආයතනය පවත්වා ගෙන ගිය ඔහුගේ දෙටු පුත් පියල් ඉතා අනපේක්ෂිත ලෙස හිටි අඩියේම අතුරුදන්වීමේ හේතුවෙනි. එතැන් පටන් ප්‍රතිකාර ලබාගැනිම උදෙසා පහසුකම් නොමැතිව එසේම වාසය පිණිස ස්ථිර නිවහනක් නැතිව ඉතා අසීරු තත්ත්වයක පසුවෙන මේ කලාකරුවා වෙත මෙය කියවන ඔබේ අවධානය යොමු කොට ඔහුට කිසියම් දායකත්වයක් ලබා දෙන්නේ නම් මැනවි. ඔහු දැනට තාවකාලිකව වෙසෙන්නේ තම ඥාතියෙකුගේ පහත සඳහන් ලිපිනයේය.

එන් 3/1, මාලිගාවත්ත මහල් නිවාස, පරිසර මාවත, මාලිගාවත්ත, කොළඹ 10.

දුරකථන අංකය 071-8436538, 072-8898630, 072-3652510

ගිනුම් අංකය – 75565368, ලංකා බැංකුව, මරදාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.