පළා නම් බැහැ

සැප්තැම්බර් 5, 2019

පේෂල මනෝජ් සහ මාධව විජේසිංහ එකතු වුණු තැන සචිනි නිපුන්සලාව බයිට් වෙන එකත් අහන්න දෙයක්ද. මේ ඊයේ පෙරේදා දවසකත් එහෙම වුණා. කොහොම හරි බයිට් සෙල්ලම කෙළවර වුණේ සචිනිගේ ඇස් රතු කරලා. දෙරණ ලිට්ල්ස්ටාර් තරගාවලියේදී නිවේදනය කරමින් ඉන්න කොට පළා ප්‍රශ්නයක් ඇවිල්ලා. පේෂල ඇහැව්වලු සචිනිගෙන් හීනියට ලියන්න පුළුවන් පළා මොනවද කියලා. සචිනි ගත්කටටම කිව්වලු කතුරුමුරුංගා කියලා. මාධවට මේ වෙලාවෙ හීනියට හිනාවක් ගිහිල්ලා. සචිනි හිතුවලු දෙනෝ දාහක් ඉස්සරහ තමන්ට වැරදුණා කියලා. ඇයගේ හිත බොහොම රිදිලා. අඬාගෙන වේදිකාව පිටුපසට ගියාලු. මේ වෙලාවේ එතැන හිටපු සංගීත විශාරද මමෝජ් පීරිස් තමයි සචිනිව සනසලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මනෝජ් කියන දේවල් ගැහැනු ළමයි අහනවලුනෙ. අන්තිමේ පළා ගැන අහන්නේ නැහැ කියන පොරොන්දුව පිට සචිනි වේදිකාවට ආවලු.

 

 

Add new comment