ජීව දත්ත

ජනවාරි 16, 2020

 

නම - කෙසෙල්ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්න

උපන් දිනය - 1948. 06. 12

ලිපිනය - 97/30, අබේරත්න මාවත, බොරලැස්ගමුව

උපන් ගම - නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ

අධ්‍යාපනය ලැබූ ස්ථානයන් -

1. දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාව

2. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය

3. පේරාදෙණිය විශ්වවිද්‍යාලය

4. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

උසස් අධ්‍යාපනය ලැබූ විෂයයන් - භූගෝල විද්‍යාව, සිංහල,

බෞද්ධ සංස්කෘතිය,

උපාධිය සඳහා පෙනී සිටි විෂයයන් - භූගෝල විද්‍යාව, ඉතිහාසය, සිංහල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශාස්ත්‍රවේදී උපාධිය) ඕ. ඒ

පශ්චාද් උපාධි -

ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද්,

උපාධි ඩිප්ලෝමා

1995 වසරේ දිනාගත්

එකම විශිෂ්ට සාමාර්ථය

(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය

(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

ර්. ඒ.

හැදෑරූ බාහිර පාඨමාලා -

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය පිළිබඳ

පශ්චාත් උපාධි පාඨමාලාව (1981 -

කොළඹ විශ්වවිද්‍යාලය)

දැනට නියැලී සිටින අධ්‍යයන කටයුතු - ජනසන්නිවේදනය පිළිබඳ

දර්ශනපති උපාධිය

(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
 

 

පාසල් සමයේ දැරූ තනතුරු,

ලැබූ සම්මාන හා ත්‍යාග -

1. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ ලේකම් (1965)

2. එම විදුහලේම රංග සභාවේ සභාපති (1966)

3. 1966 සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟයේ අවසාන උලෙළේදී හොඳම රංගන කුසලතා සඳහා සහතිකය (සුනිල් ශ්‍රියානන්දගේ ‘අස්පගුඩුං’)

4. 1966 වසරේ විද්‍යාලයීය අන්තර් නිවාසයීය මලල ක්‍රීඩා තරඟයේ ජ්‍යෙෂ්ඨ විශිෂ්ටතම ක්‍රීඩක

5. විද්‍යාලයීය බාලක නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායක (1965 -1966)

 

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ දැරූ තනතුරු:

1. සිංහල සංගමයේ සභාපති

(1967 - 1968)

2. නාට්‍ය මණ්ඩලයේ කාරක සභික (1969)

3. ගාන්ධර්ව සභාවේ කාරක සභික (1969)

4. ජේම්ස් පීරිස් ශාලයීය බෞද්ධ සහෝදර සංගමයේ සභාපති (1969)

විශ්වවිද්‍යාලයේ දී සහභාගි වූ නාට්‍ය

නිෂ්පාදන:

1. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ (1967)

2. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ (1968)

3. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පෙමතො ජායති සොකො’(1969)

4. අශෝක කොළඹගේ ගේ ‘චිත්‍ර ශිල්පියා’ (1968)

 

දරන ලද වෘත්තීය තනතුරු

1. අනියම් ලිපිකරු - පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

2. ලිපිකරු - පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව

3. ලිපිකරු -

ශ්‍රී ලංකා වරාය කොමිෂන් සභාව

4. සංවර්ධන සහකාර -

මහවැලි සංවර්ධන මණ්ඩලය

5. ප්‍රජා සංවර්ධන නිලධාරි -

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

6. පාලන නිලධාරි - සැලසිනේ ආයතනය

7. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සංස්කරක -

‘ඉසුර’ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

8.අධ්‍යක්ෂ (වැඩසටහන්) ටවර්හෝල් රඟහල පදනම

අතිරේක:

1. බාහිර කථිකාචාර්ය -

ශ්‍රීපාලි මණ්ඩපය

කොළඹ විශ්වවිද්‍යාලය

(නාට්‍ය හා රංග කලාව පිළිබඳ)

2. බාහිර කථිකාචාර්ය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (නාට්‍ය හා රංග කලාව)

3. බාහිර කථිකාචාර්ය - කලා හා සෞන්දර්ය විශ්ව විද්‍යාලය

4. සාමාජික - ළමා නාට්‍ය අනු මණ්ඩලය (1997)

5. සභා සාමාජික - සෞන්දර්ය අධ්‍යාපන පීඨය

කැලණිය විශ්වවිද්‍යාලය(1995/1998)

 

සාහිත්‍ය නිර්මාණ :

නවකතා - දවස තාමත් තරුණයි

නාට්‍ය - තලමල පිපිලා

අන්දරේලා (1995 රාජ්‍ය සාහිත්‍ය සම්මානය)

ගුරුතරුව (1996 රාජ්‍ය සාහිත්‍ය සම්මානය)

සඳගිර

කනේරු මල්

ළමා රංගන - සිංදුයි බිංදුයි

ගල් වඩුරාළ

කෙටිකතා - වැහි එනතුරු

පියසේන සහ කුමාරිකාව (බුද්ධදාස ගලප්පත්ති සමඟ)

මිනිහට නින්ද යන්ට ඇති

කවි - දොළොස්මහේ පහන

(සුනිල් ආරියරත්න සහ බුද්ධදාස ගලප්පත්ති සමඟ)

 

සිනමා ක්ෂේත්‍රය - රංගනය

තිලක හා තිලකා, සිරිබෝ අයියා, හඳයා, ජීවිතයෙන් ජිවිතයක්, මුහුදු ළිහිණි, සප්ත කන්‍යා, ස්ත්‍රී, සිසිල ගිනි ගනී, උමයංගනා, මංගල තෑග්ග, සාරංගා, පුංචි සුරංගනාවි, සුදු කළුවර, ගිනි කිරිල්ලී, සුදු කළු සහ අළු, සූරිය අරණ, හිරිපොද වැස්ස, සමනළ තටු, වලාපටල, භේරුණ්ඩ පක්ෂියා, සිරි රජ සිරි, වලාපටල, බිංදු, බඹර වළල්ල, දරුවනේ, ප්‍රවේගය, හෝ ගානා පොකුණ, සූම්, දේදුනු ආකාසේ, ඒ ලෙවල්, වෛෂ්ණාවී, ගෝල්, තාල

 

රූපවාහිනී මාධ්‍යය -

අධ්‍යක්ෂණය (ප්‍රාසංගික)

සෙක්කු ගෙදර, රංසිරිගේ සංග්‍රාමය, මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන, ඊයේ අද සහ හෙට, තාත්තේ අපි ආවා

 

අධ්‍යක්ෂණය (ඒකාංගික)

බාප්පාගේ පැමිණීම, ඇගේ අවුරුද්ද, රජතුන් කට්ටුව, නිදහස, සීට්ටුව, දෙන්නා දෙමාල්ලෝ, සතුරු මිතුරු, දුප්පතුනද ආදරය කරති, සංතාපය, බුද්ධපුත්‍ර

 

රංගනය - ටෙලිනාට්‍ය

ගම්පෙරළිය, කන්දෙගෙදර, මැණික් නදිය ගලා බසී, මං නැතිදා, නොමැරෙන මිනිස්සු, ගංගා සහ නිශ්ශංක, දූ දරුවෝ, සිංදුයි බිංදුයි, මොරගිරිකන්ද, හත්පණ, වැටත් නියරත්, හිරු සඳු හමුවේ, හිරුට මුවාවෙන්, නිදහස, සංතාපය, ඇගේ අවුරුද්ද, බාප්පාගේ පැමිණීම, විසිතුන් වැනි හෝරාව, බුමුතුරුණු, සඳ අමාවකයි, සකිසඳ එළියස්, දෙයියෝ සාක්කි, පවර මෙනුවර, සසර සඳ, රෝද හතරේ මනමාලයා, සංසාර වන්දනා, රංකැටි දෝනි, රම්‍ය සුරම්‍ය, සෙදෝනා, ගල් පිළිමය බොල් පිළිමය, වර්ණ, තුන්පත් රටාවක ලස්සන, සෙනෙහසට ආමන්ත්‍රණයක්, ඊයේ අද සහ හෙට, සරදියෙල්

 

වේදිකා නාට්‍ය මාධ්‍යය -

රචනය සහ නිෂ්පාදනය

මහගිරිදඹ (1980)

තලමල පිපිලා (1988)

අන්දරේලා (1993)

ගුරුතරුව (1996)

සඳගිර (1998)

කනේරු මල් (2000)

ලෝකය තනි යායක් (2005)

පරිවර්තන නිෂ්පාදනය

පුත්‍ර සමාගම (1985) - පරිවර්තනය - ප්‍රසන්න විතානගේ

 

රංගනය

අස්පගුඩුං, සිංහබාහු, මඟුල් ප්‍රස්ථාව, මනමේ, හිරු නැති ලොව, රතු හැට්ටකාරි, සතුරු මිතුරු, නරිබෑණා, නරියා සහ කේජු, ජසයා සහ ලෙංචිනා, මහහේනේ කතාව, අංගාරා ගඟ ගලා බසී, මා වැනි බිළින්දා, සිරිසඟබෝ, තවත් උදෑසනක්, අහස් මාළිගා, පොකුරු වැස්ස, මහගිරිදඹ, සත සහ සත, සැරදේ සීතා, වෙස්සන්තර, තාරාවෝ ඉගිලේ, චිත්‍රාගේ ප්‍රේම කතාව, මෝදර මෝල, දිවැස් හෙළනු මැන, එලොව ගිහින් මෙලොව ආවා, මධුර ජවනිකා, සිහින සාප්පුව, මායාදේවි, සුභ සහ යස, පුත්‍ර සමාගම, රයිනොසිරස්, යාත්‍රා, ආඬිරැළේ නාඩගම, නෙළුම් පොකුණ, තලමල පිපිලා, ලුසින්දේ, සොක්‍රටීස්, නාග ගුරුළා, ද්විත්ව, මේඝ, උක්දඬුගින්න, දොන් ජුවන්, ඔත්තුකාරයා, අන්දරේලා, ගුරුතරුව, සඳගිර, වාසුදේව, අපේ පන්ති කාමරය, අපි ගෙවන්නේ නෑ, කනේරු මල්, මහාසාර, සුබසාධක, ලෝකය තනි යායක්, හොරු සමඟ හෙළුවෙන්

 

දිනාගත් සම්මාන

හොඳම නළුවා - රාජ්‍ය නාට්‍ය උලෙළ

1974 -රතු හැට්ටකාරි

1985 - පුත්‍ර සමාගම

1988 - තලමල පිපිලා

1990 - සොක්‍රටීස්

1991 - ද්විත්ව

හොඳම අධ්‍යක්ෂණය -

රාජ්‍ය නාට්‍ය උලෙළ

1988 - තලමල පිපිලා

හොඳම රචනය -

රාජ්‍ය නාට්‍ය උලෙළ

1988 - තලමල පිපිලා

හොඳම රචනය -

රාජ්‍ය නාට්‍ය උලෙළ

1993 - අන්දරේලා

හොඳම රචනය -

රාජ්‍ය නාට්‍ය උලෙළ

1996 - ගුරුතරුව

හොඳම නාට්‍ය කෘතිය -

රාජ්‍ය සාහිත්‍ය උලෙළ

1995 - අන්දරේලා

හොඳම නාට්‍ය තෘතිය -

රාජ්‍ය සාහිත්‍ය උලෙළ

1996 - ගුරුතරුව

හොඳම සහාය නළුවා - සරසවිය චිත්‍රපට උලෙළ

1988 - මංගල තෑග්ග

හොඳම සහාය නළුවා - ඕ. සී. අයි. සී. චිත්‍රපට උලෙළ - මංගල තෑග්ග

හොඳම නළුවා -

සුමති ටෙලි සම්මාන උලෙළ

2002 ර්‍ණභබඵබචදඤඪදඨ ර්‍ථඥපටධපථචදජඥ - 2002 ඉඪඨදඪඵ

හොඳම සහාය නළුවා

2003 ජනාධිපති සිනමා සම්මාන උලෙළ

හොඳම සහාය නළුවා - 2004 සරසවිය උලෙළ

හොඳහ සහාය නළුා - 2004 ඉඪඨදඪඵ

හොඳම පිටපත - 2004 සුමති ටෙලි සම්මාන උලෙළ

 

පවුලේ තොරතුරු-

පියා -

කෙසෙල්ගස්පෙ මනතුංග බණ්ඩාර

මව -

අගලකොටුව හේරත් මුදියන්සේලාගේ ලීලා කුමාරි

සහෝදරයන් -

මනතුංග සෙනෙවිරත්න, මනතුංග විජේරත්න, මනතුංග ආරියරත්න

සහෝදරියන් -

ඉන්ද්‍රා කුමාරි මනතුංග,

මල්ලිකා කුමාරි මනතුංග

බිරිඳ -

තමරා ජයන්ති සිල්වා (මනෝරත්න)

පුතා - භානුක ප්‍රබුද්ධ මනෝරත්න

ලේළිය - හිරන්‍යා දුලාෂිණී ගමආරිය (මනෝරත්න)

දුව - උත්පලා ඉන්දීවරී මනෝරත්න

බෑනා - ශිවංක පෙරේරා

 

 

Add new comment