කතා නිසා

ජනවාරි 23, 2020

 

 

බන්දුල විජේවීර ගායනයට උපන් හපනෙක්. මයික්‍රෆෝනයක් අතට දීලා සිංදු කියන්න කිව්වොත් එළිවෙනකම් වුණත් ගයයි. ඒත් මේ බන්දුල කතා කියන්නත් හපනෙක් කියලා බොහෝ දෙනෙක් දන්නෙවත් නැතුව ඇති. ඉකුත් දිනයක ගම්පහ අස්ගිරිය පුරාණ රජ මහ විහාරයේ තිබුණා වාර්තාමය චිත්‍රපටයක රූපගත කිරීමක්.

බන්දුල තමයි එහි ප්‍රධාන චරිතය රඟපෑවේ. ගල් පඩි සිය ගණනක් නැගලා කන්ද උඩට ගියාම තමයි සිනමාපටයේ දර්ශන තලය තියෙන්නේ. පඩි ටික දිහා බලපුවාම නිෂ්පාදන කණ්ඩායමේ බොහෝ දෙනෙකුට තරු පෙනුණා. අපි යමුකො එහෙනම් කියාගෙන බන්දුල පඩි පෙළ නඟින්න පටන් ගත්තා. පාමුළදි ඔහු රස කතාවක් කියන්න පටන් ගත්තා. පිරිස දැන් හූමිටි තිය තිය පඩි නගිනවා. අන්තිමේ බන්දුල කියූ දස වැනි කතාවෙන් පස්සේ සියල්ලම කන්ද උඩ. කාටවත් මහන්සිය දැනිලත් නැහැ. පඩි පෙළෙන් නෙවෙයි බන්දුලගෙ කතාවලට නැග නැග තමයි උඩට ආවේ කියලා ඔවුන් බන්දුලට ස්තුති කළාලු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.