කවි ලියන ගායකයා

ජනවාරි 30, 2020

 

 

කළ පින් පව් අනුව පැමිණෙන සියලු දෙය

අප පිළිගත යුතුයි සිරිතය පැවති එය

සැමදා කළ පැතුම් කඳුළින් ඉවර විය

හැම සැප සදයි උත්සාහය නමැති ගෙය

 

කවියෙක් මූණු පොතේ කවි ලියන එක සාමාන්‍ය දෙයක්නෙ. ඒත් ගායකයකු කවි ලිව්වොත් කොහොමට හිටීවිද. ඉහත සඳහන් කළ කවිය ලිව්වේ ගායකයෙක්. ඔහු ඔබ හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්. ඔහුගේ මුහුණු පොත පිරික්සුවොත් මෙහෙම ලියූ කවි රාශියක් දැක බලා කියව ගන්න පුළුවන්. මේ කවි ගායකයා තමයි දයාරත්න පෙරේරා. බිඟු බමා බමා, දිගුනෙත් හසරැල්ලේ, ඔබට සිත ආදරේ කරයි වැනි ගීත ගැයුවේ ඔහු. දයාරත්න හොඳ කවියෙකු කියලා දන්නේ කිහිප දෙනයි. ඔහු මුහුණු පොත භාවිත කරමින් සිය කවි ලිවීමේ හැකියාව පෙන්වමින් ඉන්නවා. බලන්නකෝ ඒකෙත් හැටි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.