සංස්ථා මුල් පුටුවේ

මල් නොපිපුණු සිහිනය
පෙබරවාරි 20, 2020

 

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ වී දැනට වසර 47 ක් ගතව ඇත. එහි ප්‍රථම සභාපති වූයේ එවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතාය. අමුණුගම මහතා සමඟ 1972 මා කළ සංවාදය පෙබරවාරි 11 වෙනිදා ‘සරසවිය’ පුවත්පතේ පළ විය. කීර්තිමත් සිවිල් සේවකයකු, දිසාපතිවරයකු වූ අමුණුගම මහතා කවියකු. ගීත රචකයකු ද, කලා විචාරකයකු ද විය. ඔහු අප සමඟ සංවාදයේදී මූලිකවම අවධානය යොමු කළේ බුද්ධිමත් සිනමා ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනය පුළුල් කිරීම ගැනය. එබැවින් එම ලිපියේ ශීර්ෂ පාඨයට “බුද්ධිමත් සිනමා ප්‍රේක්ෂකයාගේ සිහිනයක මල් පිපෙයි” යනුවෙන් යෙදුවෙමි.

නිර්මාණය හා රසාස්වාදය අතින් වෙනත් කලාවන් මෙන් නොව සිනමාව ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනකගේ අත්දැකීම්වලට ගොදුරු වන අති සංකීර්ණ කලාවක් බව කී සභාපතිවරයා චිත්‍රපට කලාව ගැන විශාල උනන්දුවක් පවතින අවධියක උසස් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සුදුසු තැනක් නැතිකම ප්‍රේක්ෂකයින්ට තිබූ ලොකු බාධාවක් යයි පැවසුවේය. මීට ඉහත විවිධ චිත්‍රපට සංගම්වලින් හා සංවිධාන මඟින් ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා කෘති උලෙළ පවත්වා ඇති නමුත් ඒවා එකම සිනමාහලක ප්‍රදර්ශනය නොවූයේ ඒ සඳහා සුදුසු අංග සම්පූර්ණ සිනමාහලක් ඒ සඳහා නොතිබීම නිසා සීමිත ප්‍රේක්ෂක පිරිසකට පමණක් මේ උසස් චිත්‍රපට නැරඹීමට වරම් ලැබුණු බවය.

“සිංහල සිනමාව උසස් තත්ත්වකට ගෙන ඒමට අදහස් කරන අප රජය උසස් රුචිකත්වයට මඟ පෙන්වීමක් වශයෙන් ලෝකයේ සිනමාවේ විශිෂ්ට කෘතීන් අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට හඳුන්වා දීමේ අදහසින් “තරංගණී” සිනමාහල ඇරඹීමට අප අදහස් කළා. තුරඟ තරඟ පිටියේ මහජනපොළ අසල පිහිටි මේ සිනමා හල පාලනය කරනු ලබන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත්, ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ඒකාබද්ධවයි. මෙහි පාලක මණ්ඩලයට ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යාංශයේ ලේකම් සෝමසාර දසනායක මහතාත්, ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සුසිල් මුණසිංහ මහතාත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂකත් අයත් වෙනවා. තරංගණී සිනමාහල පිහිටුවීමේ පරමාර්ථය හොඳ චිත්‍රපට බුද්ධිමත් ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමයි” සභාපතිතුමා පැවසීය.

එල්. පියසේන

කලාත්මක චිත්‍රපට මෙන්ම නාට්‍ය නැරඹීමටත්, සිංහල සාහිත්‍යය ගැනත් ඇති වී ඇති නව ප්‍රබෝධය නිසා උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ටත් විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලබන තරුණ පරපුරටත් “තරංගණී’ සිනමාහලෙන් ලැබිය හැකි ප්‍රයෝජනය ගැන ද කී අමුණුගම මහතා “තරංගණී” සිනමාහල විවෘත කළ 1972 ජනවාරි 21 වෙනිදා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය”, සුගතපාල සෙනරත් යාපාගේ “මිනිසා සහ කපුටා”, ඩී. බී. නිහාල්සිංහගේ “භක්ති” චිත්‍රපටය ද ඉචබරචණඪබ අචර ගේ ඊඩපඥඥ ච්චභඨඩබඥපඵ, ධ්දඨථචප ඕඥපඨථචද ගේ එඪතඤ ඉබපචඹඡඥපපඪඥඵ මෙන්ම ඇන්තනි මෝස්ගේ “ඩීටා සැක්සෝවා” රාජන් තර්ජදාර්ගේ “ගංගා” ආදී චිත්‍රපට නැරඹීමට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඇදී ආහ. මිලි මීටර් 35 හේ චිත්‍රපට සඳහා මූලික වශයෙන් වෙන් වන මෙම සිනමාහලේ මිලි මීටර් 16 චිත්‍රපට පුළුල් තිරයට පෙරළා ප්‍රදර්ශන කිරීමට හැකිවීම “තරංගණී” සිනමාහලේ තවත් විශේෂ දෙයක් විය. අනෙක් චිත්‍රපට ශාලාවල මිලි මීටර් 16 චිත්‍රපට පෙන්වීමේ ඇති අවහිරතාව නිසා හොඳ චිත්‍රපට බැලීමට මන්දෝත්සාහි විය. එහෙත් “තරංගණී” සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වූ මිලිමීටර් 16 වර්ණ චිත්‍රපටයක් වූ රවි ශංකර් හා යෙහුඩි මෙනුහින් සමඟ වාදනය කළ වාර්තා චිත්‍රපටය මෙන්ම ටුවෙන්ටි ෆෝ පික්චර්ස්, මියුසික් ඉන්ටර්නැෂනල් හා පෝල් සිල්ස්ගේ “භාවනා” විශේෂ තැනක් ගත්තේය.

සරත් අමුණුගම සමඟ අප කළ සංවාදයේදී ඉදිරියට ව්චදදඪ ඹ්ධර ගේ ඊඩඥ ච්චරඵ ධට ව්චනතඥඵ චිත්‍රපට මෙන්ම එඪතතඪචථ ඉඩචඬඥඵනඥචපඥ චිත්‍රපට උලෙළක් සංවිධානය කරන බව කීවේය.

“විලියම් ශේක්ස්පියර් සිංහල අපට අමුත්තෙකු නොවේ. නූර්තියේ සිට නූතන වේදිකාවේ ශේක්ස්පියර් නාට්‍ය රාශියක් වේදිකා ගත වුණා. ශේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨ නාට්‍ය සිංහල ප්‍රේක්ෂකයාට අමුත්තක් නොවෙයි. ශේක්ස්පියර්ගේ කෘති ලෝකයේ විවිධ රටවල සිනමාවට නඟා තියෙනවා. අපි සංවිධානය කළ ශේක්ස්පියර් චිත්‍රපට උලෙළට රුසියාවේ නිපද වූ හැම්ලට් හා ඔතැලෝ, ඇමෙරිකාවේ ටේමිං ඔෆ් ද ෂෲ, ඉතාලියේ හා බ්‍රිතාන්‍යයේ “රොමියෝ ජුලියට්” චෙකොස්ලොවැකියාවේ “රෝමියෝ ජුලියට් ඇන්ඩ් ඩාක්නර්ස්” ඇතුළත් වෙනවා. ඊට අමතරව “ද පොයට් අයි” (කවි ඇස) නම් ශෙක්ස්පියර් ගැන තැනුණු කෙටි වාර්තා චිත්‍රපටයක් තිර ගත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා “ශේක්ස්පියර් සහ සිනමාව“ යන මැයෙන් සම්මන්ත්‍රණයක් “තරංගණී” සිනමාහලේ පවත් වන්න. රෙජී සිරිවර්ධන, මහාචාර්ය ඈෂ්ලි හල්පේ, ගාමිණී හත්තොටුවේගම, ඩේවිඩ් බාලෝ යන විචාරකයන් මේ සම්මන්ත්‍රණයේ දේශන පවත්වනවා.”

“තරංගණී” සිනමාහලේ අසෝකමාලා, සත් සමුදුර, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, දහසක් සිතුවිලි චිත්‍රපට ප්‍රදර්ශනය වූ බව අපි දනිමු. සහන මිලකට අප නැරඹූ චිත්‍රපට නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණි බව අපි දුටුවෙමි. “තරංගණී” සිනමා ශාලාවේ ආසන 60 ක් දක්වා කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම් සලසා තිබුණි. වෙන් කළ ආසනයක් රු:3.50 කි. අනිත් ආසන රු: 5 මුදලකට අලෙවි විණි.

“තරංගණී සිනමාහලට ලැබෙන මුදල් සිනමා කර්මාන්තයේ දියුණුවට යෙදවීමට අපි තීරණය කළා. සිනමාහලේ පොත් ශාලාවක් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සිනමාව හා නාට්‍යය සංගීතය කලාව ගැන ලියැවුණු පොත් ද, නවකතා, කෙටි කතා, කවි පොත් විශේෂ වට්ටමකට අලෙවි කිරීමට අපි තීරණය කර තිබෙනවා. ළඟදීම අපි “චිත්‍රපට සමාජයක්” ඇරඹීමට බලාපොරොත්තු වෙන අතර ඒ සඳහ ඉල්ලුම්පත් සිනමාහලෙන් ලබා ගත හැකියි. 1964 කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා තාවකාලිකව ඉදි කෙරුණ මේ “තරංගණී” සිනමා ශාලාව බවට පත්වීම සිංහල චිත්‍රපට පේ‍්‍රක්ෂකයාගේ ඉහේ මලක් පිපීමක් වැනිය. කොළඹ නගරය තුළ කලාත්මක චිත්‍රපට සඳහා වූ මේ සිනමාහල සිනමා රසිකයන්ට විශේෂයෙන්ම තරුණ පරපුරට කැප වූ බව අවසාන වශයෙන් කිව යුතුයි” එදා අමුණුගම මහතා පැවසුවේය.

1973 ජූලි මාසයේ රාජ්‍ය සංස්ථාවට නව සභාපතිවරයකු පැමිණියේය. දේශීය ආදායම් කොමසාරිස්වරයා ලෙස සේවය කළ එල්. පියසේන මහතාය. නව සභාපතිවරයා හාපුරා කියා පැවැත් වූ පුවත්පත් සාකච්ඡාව “සරසවිය” පත්‍රයෙන් නියෝජනය කළේ ද මාය. ඒ 1973 ජූනි මාසයේ දිනකය. එහිදී සභාපතිවරයා පළ කළ අදහස් “සරසවිය” පුවත්පතට වාර්තා කළේ 1973. 08. 03 පළ වූ ලිපිය සඳහාය.

තීන් කන්‍යා

එහිදී සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“වඩා හොඳ චිත්‍රපට වැඩි වැඩියෙන් නිපදවමු” යන්න චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ආදර්ශ පාඨය විය යුතුයි. මෙම නිෂ්පාදන වර්ෂයේදී රජයේ ඉල්ලීමට කන්දීමක් වශයෙන් දේශීය චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කිරීමට ද විදේශීය චිත්‍රපට කර්මාන්තයට ආනයනය අඩු කිරීමට ද නිෂ්පාදකයන් උනන්දු විය යුතුයි. චිත්‍රපට නිෂ්පාදකයන් යනුවෙන් අදහස් කෙරෙන්නේ අධ්‍යක්ෂවරුන්, චිත්‍රපට කාර්මික ශිල්පීන්, තිරනාටක රචකයන්, කැමරා ශිල්පීන්, නළු නිළියන් හා චිත්‍රපටයෙහි නියුක්ත සියලුම අයටයි. 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනතේ 57 (1) වගන්ති යටතේ ‘අදාළ දිනය’ චිත්‍රපට කර්මාන්තයට බලපාන අයුරු පැහැදිලි කිරීමටයි මේ සාකච්ඡාව පවත්වනු ලබන්නේ.

සභාපතිතුමගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මේ පුවත්පත් සාකච්ඡාවට චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී. බී. නිහාල්සිංහ, අධ්‍යක්ෂ මණ්ඩලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දොස්තර ලීනස් දිසානායක, ආචාර්ය (පසුව මහාචාර්ය) ජී. ඇල්. පීරිස්, හේමසිරි ප්‍රේමවර්ධන, හසන් කුදුස්, බාලසුබ්‍රමනියම් හා ලේකම් ඩබ්ලිව්. බී. රත්නායක යන මහත්වරු එක් වූහ.

“1973 ජුලි මස 23 වෙනි දින ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ ආඥාවක් මඟින් 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා 57 (1) වගන්තිය අනුව එම පනතේ අභිප්‍රායයන් සඳහා 1973 ජූලි 02 වෙනි දනි “අදාළ දිනය” වශයෙන් අග්‍රාමාත්‍ය, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යතුමිය විසින් නියම කර ඇති බව සභාපතිතුමා විසින් පවසන ලදී.

 

ආචාර්ය සරත් අමුණුගම

“අදාළ දින” හෝ ඊට පසු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිගේ ලිඛිත අනුමැතිය නොමැතිව චිත්‍රපට නිෂ්පාදනය හෝ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය චිත්‍රපට ඡායාරූප උපකරණ හෝ යම් ද්‍රව්‍යයක්, යම් උපකරණයක් හෝ උපාංගයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හෝ ශ්‍රී ලංකාව තුළ විකිණීම, සැපයීම හෝ බෙදා හැරීම කිසිම පුද්ගලයෙකු විසින් නොකළ යුතු බව සභාපතිතුමා අවධාරණයෙන් ප්‍රකාශ කළ අතර “අදාළ දින” හෝ ඊට පසු සභාපතිගේ ලිඛිත අනුමැතිය නොමැතිව චිත්‍රපට සංස්ථාව විසින් බෙදා හරිනු නොලැබූ චිත්‍රපට ප්‍රදර්ශනය නොකළ යුතු බව ද කීවේය.

මේ නියමයන්ට පටහැනිව කටයුතු කරන යම් පුද්ගලයෙකු වෙතොත් ඔහුට අවුරුද්දකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් 1000 දඩයක හෝ ඒ දඬුවම් දෙකම ලබාදීමට සිදු වන බව කී සභාපති පියසේන මහතා, මෙසේ දඬුවම් ලබාදීමට තමාට අවකාශ නොලැබේවායි ප්‍රාර්ථනා කළේය.

භක්ති

ශ්‍රී ලංකාව ඇතුළත වාණිජමය ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට ආනයනය කරන සුළු පිරිස හැරුණු විට සාමාජීය හෝ සංස්කෘතික හෝ අධ්‍යාපනික හෝ පදනමක් මත ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් තොරව ප්‍රදර්ශනය කිරිම සඳහා චිත්‍රපට ආනයනය කරන පුද්ගලයන් හා ප්‍රදර්ශනය කරන්නන් ඉහත කී නියමයන්ගෙන් නිදහස් කිරීම සඳහා රෙගුලාසි නිකුත් කිරීමට ඔවුන්ට අවකාශ ඇත.

“හොඳ චිත්‍රපට වැඩි වැඩියෙන් නිපදවනු” යන්න නිෂ්පාදකයන්ගේ ආදර්ශ පාඨය වූ විටත්, යථෝක්ත තීරණයක් ක්‍රියාත්මක අලුත් යුගයක් උදාවෙනු ඇතැයි සභාපතිතුමා එදා වැඩිදුරටත් පැවසීය.

 

 

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Precio Propecia Espana [url=https://apcialisle.com/#]Cialis[/url] Buy Gabapentin On Line Cialis Venlafaxine 150mg India
බ්‍රහස්‌, 03/19/2020 - 16:47

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.