එතෙර සිනමාවේ මෙතෙර ශිල්පීන්

එතෙර සිනමාවේ මෙතෙර ශිල්පීන්
මාර්තු 5, 2020

 

කථානාද සිංහල සිනමාව බිහි වෙන්නට පෙරත්, ඉන් පසුත් එතෙර සිනමාවට සම්බන්ධ වූ ලාංකීක කලාකරුවන් හා කලාකාරියන් රාශියකි. ඉන් මුල් යුගයේ එසේ විදේශීය චිත්‍රපටවලට දායක වූ කලා ශිල්පීන්ගේ තොරතුරු මෙසේ එක්තැන් වී තිබුණි.

1934 වසරේ ලෝකයේ නිර්මාණය කරන ලද විශිෂ්ට කෙටි වාර්තා චිත්‍රපට අතර අගනා නිර්මාණයක් වූ (ලංකා ගීතය) ලංකාවේ තේ ප්‍රචාරක මණ්ඩලය වෙනුවෙන් නිෂ්පාදනය කර ඇත. ලෝකයේ සිටි විශිෂ්ට වාර්තා චිත්‍රපටකරු වූ ජෝන් ග්‍රියර්සන් විසින් බැසිල් රයිට් හට අධ්‍යක්ෂණය කිරිමට බාර දෙන අතර ඔහු ලංකාවෙන් තෝරා ගත්තේ දක්ෂතම ඡායාරූප ශිල්පියකු, පියාමෝ වාදක හා කලා විචාරකයකු වූ ලයනල් වෙන්ඩ්ට් නම් තිස් හැවිරිදි තරුණයාවය. බැසිල් රයිට්ට ලංකාවේ දර්ශන තල තෝරා දීමෙන් ද මඟ පෙන්නා ද වූ වෙන්ඩ්ට් ‘ලංකා ගීතය’ රූගන්වා, සංස්කරණය කිරීමෙන් පසු චිත්‍රපටයේ පසුබිම් නිවේදකයා විය.

සමස්ත චිත්‍රපටය පුරාම අපේ වන්නම් ශ්ලෝක තෝරා ගැනීමට ද අපේ සිංහල නැටුම් ශිල්පීන්, චිත්‍රපටයේ පසුබිම් වාදන සැපයීමට ජන ගී ගායකයන්, වාදකයන් ලංකාවෙන් ගෙන්වා ගැනීමට උපදෙස් දෙන ලද්දේ ද වෙන්ඩ්ට් බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපට කියා තිබුණි. වෙන්ඩ්ට් ලන්ඩනයට ගිය අවස්ථාවේදී උඩරට නැටුම් හා බෙර වාදන ශූරයන් වූ එන්. උක්කුවා සහ ආර් ඩබ්ලිව්. සුරඹා යන කලාකරුවන් දෙදෙනාම රැගෙන ගිය බවත් මේ දෙදෙනාගෙන් නිවැරදි නර්තන නිරූපණය හා හඬ චිත්‍රපටයේ අවසාන සංස්කරණ කටයුතුවලට එක් කළ නිසා මේ ලාංකික කලාකරුවන් ද්විතීය රූපයක් ලබා දුන් බව පැවසේ. මේ බව ‘ලයනල් වෙන්ඩ්ට් නැවත සොයා ගැනීම‘ නම් නිබන්ධනය ප්‍රවාද සංස්කෘතික කතිකාවට ලියූ ලිපියෙන් දක්වා තිබුණි. එහි කියා තිබූ ආකාරයට සුරඹා, උක්කුවා, නිත්තවෙල ගුණයා වැනි එකල උඩරට විසූ ශ්‍රේෂ්ඨ සංගීතඥයන් සහ නැටුම් ශිල්පීන්ගේ කීර්ති නාමය ලෝ පතළ කිරීම සඳහා වෙන්ඩ්ට් හා ජෝර්ජ් කීට් ඉමහත් වැඩ කොටසක් කොට ඇත. උඩරට බෙර වාදන, නාද මාලා ‘ලංකා ගීතය’ චිත්‍රපටයේදී බහුලව පාවිච්චි කළා පමණක් නොව අමුණුගම නැටුම් ශිල්පීන් පුහුණුවන අන්දම රැගත් දර්ශන පෙළක්ම ඊට ඇතුළත් කර ඇත. ලංකා ගීතයේ එන ගජගා වන්නම ගායනා කර ඇත්තේ ප්‍රකට ජන ගී ගායකයකු වූ ජගත් පූජිත දේවාර් සූර්යසේන බව පැවසේ.

සුජාතා ජයවර්ධන

ලයනල් වෙන්ඩ්ස් හා ‘ලංකා ගීතය’ අතර සිදුව ඇති කතා රැසක් ආචාර්ය ලෙස්ටර් අපට කියා ඇතත් ඒවා පත්‍රයට ලිවිය නොහැකිය. වෙන්ඩ්ට් කියන ඇතැම් පරුෂ වචන ‘ලංකා ගීතය’ හොඳින් නරඹන අයට ඈතින් ඇසෙනු ඇති. මේ රසවත් මිනිසා ලයනල් වෙන්ඩ්ට් (1900 - 1944) මිය යන විට 43 වැනි වියේ පසු විය.

1937 ඇමරිකානු චිත්‍රපට සමාගමක් නිපද වූ ‘ද ඩ්‍රම්ස්’ ඉංග්‍රීසි චිත්‍රපටයේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් රඟපෑහ. මිරියම් පීරිස්, වෙරෝනිකා පීරිස් හා විලියම් විජේසේකර මේ තිදෙනාය. මෙය ශ්‍රි ලාංකිකයන් තිදෙනෙක් රංගනයෙන් මුල්වරට විදේශීය චිත්‍රපටයක පෙනී සිටි අවස්ථාවක් ලෙස වාර්තා වී ඇත. 1951 වසරේ ලංකාවේ රූගත වුණු ප්‍රථම බ්‍රිතාන්‍ය චිත්‍රපටය ‘දිවයින්වලින් පිටමං තැනැත්තා’ චිත්‍රපටය (ර්‍ණභබජචඵබ ධට බඩඥ ධ්ඵතචදඤ) රූගත කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂ කැරොල් රීඩ් ලංකාවට පැමිණියේය. මේ චිත්‍රපටයට ලංකාවෙන් අතිරේක නළු නිළියන් රැසක් තෝරා ගන්නා ලදී. එවකට සිංහල නාට්‍ය නළුවකු, නිෂ්පාදකයකු හා ගුවන් විදුලි නිවේදකයකු වූ ලැඩී රණසිංහ මේ චිත්‍රපටයේ මලයානු වරායක කම්කරු නායකයකු ලෙස රඟපෑවේය. ලැඩී මලයානු භාෂාව කටපාඩම් කරගෙන කළ රඟපෑමට අධ්‍යක්ෂකගේ ප්‍රශංසා හිමි කර ගත් බව ඔහු ‘සිළුමිණ’ පුවත්පතට කියා තිබිණ.

‘අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්’ චිත්‍රපටයේ තවත් විශේෂයක් වන්නේ ලාංකික නාට්‍ය ශිල්පිනියක් විදේශිය චිත්‍රපටයක රඟපෑමය. ඇය රංජනා තංගරාජාය. එකල අල්ගම කිරි ගණිත ගුරුන්නාන්සේ සමඟ ඇය ‘සිංහලයේ උපත’ උඩරට නාට්‍ය කලාවට අනුව පිළිබිඹු කිරීම නිසා රංජනා ලංකාවේ වඩාත් ප්‍රකටව සිටියාය. ඒ අතීත කතාව ඇගේ පුතු ටී. අර්ජුන (චිත්‍රපට නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂවරයකු වූ ඔහු ‘වසන්තෙ දවසක්’ ‘කලියුග කාලේ’ ඇතුළු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණ්‍ය කළේය. ඔහු කලකට ඉහත මිය ගියේය) අප සමඟ කියා තිබුණි.

‘අම්මගෙ නැටුම් බලපු මහාරාජා කෙනෙක් විශේෂ දුම්රියක් ලැහැ ස්ති කරලා ආරාධනා කරලා තියෙනවා ඔහුගේ මන්දිරයට එන්න කියලා. ලංකාවට ආවට පස්සේ අම්මා අල්ගම කිරි ගණිත ගුරුන්නාන්සේ යටතේ නෘත්‍ය ඉගෙන ගත්තා. ගුරුන්නාන්සේගෙන් මුල සිට අගටම ඉගෙන ගත් මුල්ම ශිෂ්‍යාව අම්මලු. මේ අතර කැරෝල් රීඩ් එයාගේ චිත්‍රපටයට ලොකේෂන් හොයන්න ලංකාවට ආවා. උඩරට නැටුමක් දැකලා ඒ ගැන උනන්දු වෙලා සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු හා කොළඹ නගරාධිපති වූ ඇස්. සෙල්ලමුත්තුට මේ ගැන කියලා තියෙනවා.

‘ඕකට දක්ෂ කෙනෙක් මම හොයලා දෙන්නම්. අපි යමු මහරගම ට්‍රේනිං කොලේජ් එකට. එහි උගන්වන තංගරාජා මගේ හොඳම යාළුවෙක්. එයාගේ බිරිය මේ වැඩේට ගැළපේවි.’

මට එතකොට වයස අවුරුදු 8 ක් විතර ඇති. කැරෝල් රීඩ් හා සෙල්ලමුත්තු සමඟ අපේ ගෙදර ආවා. කාරණාව කිව්වම අම්මා උඩරට නැටුමක් නටලා පෙන්නුවා.

‘මට ඕනෑ මේ වගේ නැටුමක් තමා’

සුජාතා ‘පි‍්‍රින්සස් ඔෆ් මහරාජා’ චිත්‍රපටයේ

කැරොල් රීඩ් ලොකු සතුටකින් අම්මාව තෝරා ගත්තා. ඒ නැටුම චිත්‍රපටයේ නාමාවලියේ පසුබිමට අරන් තිබුණා. මේ නැටුමට කිරි ගණිත ගුරුන්නාන්සේත්, අර්නෝලිස් ගුරුන්නාන්සේ සමඟ වාදන සමඟ උඩරට නැටුමක් ඉදිරිපත් කළා. චිත‍්‍රපටයේ තවත් දර්ශන කිහිපයකම රංජනාගේ නැටුම් තිබුණි. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් පසු අම්මාගේ නැටුම කොතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් චිත්‍රපට නැරඹූ ජර්මන් ජාතික කැමරා ශිල්පී ඡ්ඪබඥත ඹ්චදඨඥ ලංකාවට පැමිණ ඇගේ උඩරට නැටුම් රූප ගත කළා.’

රංජනා තිලෝත්අම්මා විවාහ වූයේ යාපනයේ සිට කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයේ ආචාර්යවරයකු වූ සරවනමුත්තු තංගරාජා සමඟය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් බී. ඒ. හා බී. එස්. සී. උපාධි ලබා ගත් තංගරාජාගෙන් සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත් කීර්තිමත් ශිෂ්‍යයන් දෙදෙනෙකි. ඩඩ්ලි සේනානායක හා සී. පී. ද සිල්වා . 1984 වසරේ රංජනා තංගරාජා නම් මේ ප්‍රතිභාපූර්ණ නැටුම් ශිල්පිනිය මියයන විට වයස අවුරුදු 57 කි.

විදේශිය චිත්‍රටයක මුලින්ම රඟපෑ නිළිය සුජාතා ජයවර්ධන බව ප්‍රවීණ පුවත්පත් කලාවේදී රාජා තිලකරත්න ‘ජනතා’ පත්‍රයට (1953 දෙසැම්බර් 27) ඇය ගැන ලියූ ලිපියක සඳහන් කර තිබුණි. ඉබචපඵ ධමඥප ඛ්ඥරතධද සහ ර්‍ථපඪදජඥඵඵ ධට ර්චඩචපචණච චිත්‍රපටවල රඟපෑ ඇයට මුලින්ම ලැබී ඇත්තේ නැටුම් දර්ශනයකි. ඇගේ හැකියාවන් තේරුම් ගත් විදේශ අධ්‍යක්ෂවරයෙක් ඇය ගැන පැහැදී චරිතයක් රඟපෑමට අවස්ථාව ලබා දී ඇත. සුජාතාගේ මුල් නම සුජාතා ද සිල්වාය. ඇගේ පියා වූ කොළඹ සිටි ප්‍රකට බෞද්ධ නායකයකු වූ ඩී. ඇන්. ඩබ්ලිව්. ද සිල්වා මහතා 1956 පැවැත් වූ ප්‍රථම ලංකාදීප ‘දීපශිඛා චිත්‍රපට උලෙළේ’ විනිශ්චය මණ්ඩලයේ සභාපති විය.

ලංකා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සුජාතා සිංහල සමිතිය නිෂ්පාදනය කළ ‘තෝම්බුව‘ නාට්‍යයේ රඟපෑවාය. භාරත නාට්‍ය ශිල්පිනියක ලෙස ද ප්‍රකටව සිටි ඇය ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ කලායතනයේ දක්ෂම හා ජ්‍යේෂ්ඨ නර්තන ශිල්පිනියව සිටියාය. මියුසියස් විද්‍යාලයේ ආචාරිනියක් ලෙස ඉංග්‍රීසි පත්‍ර කාලවේදිනියක් ද වූ ඕ ඉංග්‍රීසි නාට්‍ය කිහිපයකම රඟපෑවාය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ ශිරානිගේ (ජීවරාණි කුරුකුලසූරිය) මව ලෙසත්, වින්සන්ට් සේරසිංහගේ බිරිඳ ලෙස රඟපෑවේ සුජාතාය. යුනි ලීවර්ස් සමාගමේ සභාපති ස්ටැන්ලි ජයවර්ධන මහතාගේ බිරිඳ වූ සුජාතා 1998 මිය ගියාය. ග්‍රෙගරි පෙක් 1954 දී ලංකාවේ රූගත කළ ‘පර්පල් ප්ලේන්’ (දඹතැන්න) චිත්‍රපටයේ රඟපාන අතර රීගල් සිනමාහලේ තිරගත වෙමින් තිබූ ඊඩඥ ර්ඪතතඪධද ර්‍ථධභදඤ ව්ධබඥ විශේෂ දර්ශනයට පැමිණි ඔහු පිළිගත්තේ සුජාතාය.

කිරි ගණිත ගුරුන්නාන්සේ හා අල්ගම ගුරුන්නාන්සේලා සමඟ රංජනාගේ නර්තනය ජර්මන් කැමරා ශිල්පියා රූපවාහිනී කැමරාවට නඟයි
 

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මුල්වරට පෙනී සිටි ලංකාවේ රූග ගත වු විදේශීය චිත්‍රපටයක් වූ ‘බීච් කෝම්බර්’ය. 1953 දී ගාල්ල, දොඩන්දූව, ගිංතොට, චීන කොටුව ආදී ස්ථානවල මේ චිත්‍රපටය රූ ගත වූ බව 1953 නොවැම්බර් 11 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයේ පළ වී තිබුණි. ගාල්ලේ දොඩන්දූවේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේද, දොඩන්දූවේ වරාය අසලද රූගත වූ මේ චිත්‍රපටය සඳහා අලුතින් ඉදි කරන ලද අඩි 114 දිග ජැටියක් ද, ආරෝග්‍ය ශාලාවක් තුළ දර්ශන රූගත කෙරිණි. සම්සෙට් මෝම් ගේ කතාවක් ඇසුරෙන් ර්භපඪඥත ඡධය අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ පෙනි සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේගේ නම මාම්පේ විමලකිත්ති හිමිය. උන්වහන්සේ ගාල්ලේ චීන කොටුවේ සංඝාරාමයක වැඩ සිටියහ. ලංකාව වැනි බෞද්ධ රටක භික්ෂූන් වහන්සේ නමක් පිඬු සිඟා වඩින අවස්ථාවක් රූපගත කිරීමට අවශ්‍ය බව චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ‘ටයිම්ස්’ පත්‍රයේ වාර්තාකරුට පවසා ඇත. ඒ අනුව ඔහු විමලකිත්ති හිමියන්ගෙන් කරන ලද ඉල්ලීමට එකඟව ඇති බව 1953 නොවැම්බර් 20 ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයේ වාර්තාවකින් කියවේ.

1956 ලංකාවේ කිතුල්ගලදී රූගත කරන ලද ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ ඕපඪඤඨඥ ධද බඩඥ අඪමඥප ම්ඹචඪ චිත්‍රපටයට ලංකාවේ කාර්මික ශිල්පින් ලෙස හතර දෙනෙක් සම්බන්ධ විය. සහාය අධ්‍යක්ෂවරුන් ලෙස ගාමිණි ෆොන්සේකා, විජය අභයදේව, චන්ද්‍රන් රත්නම් ද කැමරා සහායකයකු ලෙස විලී බ්ලේක් ද මෙසේ ඒ චිත්‍රපයටයට සම්බන්ධ වී ඇත. ගාමිණි, විලී හා විජය අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන්ට රෙකමදාරු කර තිබුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඒ හැරුණු විට ප්‍රේම්නාත් මොරායස්, ශේෂා පලිහක්කාර හා කුමාරි බිබිලේ ද මීට දායක වූහ.

සුරඹා ගුරුන්නාන්සේ ‘ලංකා ගීතය’ චිත්‍රපටයේ

විදේශිය චිත්‍රපටවල රඟපෑ ලංකවේ ළමා නළුවන් දෙදෙනකු ගැන තොරතුරු අනාවරණය වෙයි. ඔවුන් නම් ජෙරම් ද සේරම් හා කර්ට් සිගෙන්බර්ග්ය. 1950 ලන්ඩනයේ රූගත කළ ‘දෙනුවර’ (ඊඹධ ඛ්ඪබඪඥඵ) නම් ඉංග්‍රිසි චිත්‍රපටයේ රඟපෑ ජෙරම් ද සේරම් ලෝක ප්‍රකට ළමා නළු නිළියන් වන ජැකී කූගන්, ෂර්ලි ටෙම්පල් හා මාග්‍රට් ඕබ්‍රියන් සමඟ කරට කර රඟපෑ බව 1950 ජනවාරි 20 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයට ලන්ඩන් වාර්තාකරු ලියූ පුවතක් මුල් පිටුවේම පළ වී තිබුණි. ජෙරම්ගේ පියා බී. බී. සී. (බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ) සේවය නියුතු ප්‍රැන්සිස් ද සේරම්ය. මව කැලරි සේරම්ය. ලංකවේ උපත ලබා ජෙරම් යුද්ධයට පෙර ලන්ඩනයට පැමිණ ඇත. ඇඩොල්ෆ් හක්ස්ලිගේ කෙටි කතාවක් ඇසුරෙන් තැනූ ‘කීර්තියට පෙරමුණ’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ජෙරම් තෝරා ගෙන තිබුණි.

රංජනා තංගරාජා

දොළොස් හැවිරිදි කර්ට් සිගෙන්බර්ග් චිත්‍රපට මාර්ගයෙන් ලංකාවට කීර්තියක් දෙමින් බ්‍රිතාන්‍ය රූපවාහිනී චිත්‍රපටයක රඟපා ඇත. ‘මේ පුදුම ළමා නළුවා’ ගැනත් ලංකාවට ඔහුගේ ඇති සම්බන්ධයත් ගැන මුළු බ්‍රිතාන්‍යයේම කතාබහ කොට ඇති බව 1959 වසරේ ‘වනිතා විත්ති’ පුවත්පතේ හඳුන්වා තිබුණේ ‘අපේ රටට ගෞරවයක් ගෙන දෙන ළමා නළුවෙකු’ ලෙසය.

වසර 100 කට කිට්ටු කාලයකට පෙර අන්තර් ජාතික සිනමාවට එක් වූ අපේ රටේ ශිල්පීන් ගැන ලියූ අසම්පූර්ණ ලිපියකි මේ. මීළඟ සරසවිය පුවත්පතින් ලිපියෙන් මඟහැරුණු ශීල්පින් කිහිප දෙනෙනකුගේ තොරතුරු ලිවීමට බලාපොරොත්තු වෙමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.