පුංචි එඩී

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
මාර්තු 19, 2020

අපි දෙන්නම ‘ස්කුල් කට්’ කරලා පික්චර් බැලුවා. ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපට බැලුවේ ගැලරියේ ඉඳලා. මම ඒ කාලේ එඩී ජයමාන්නගේ ගීතත් විකට ජවනිකා පැවැත්වීමට ඇති දක්ෂතාවය මුළු කොටහේනේම ප්‍රසිද්ධව තිබුණා. පාසලේ මගේ කැමතිම, ප්‍රියතම දින සිකුරාදා. මොකද, පාසලේ සිංහල සමිතියේ මට ගීතයක් හෝ විකට ජවනිකාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන නිසා.’

ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටය කොටහේනේ කිංස්ලි සිනමාහලේ ප්‍රදර්ශනය කරන බව හා එහි නළු නිළියන් එහි පැමිණෙන බව කල්තියා අසා සිටි කොලු ගැටයෙක් එහි රඟපාන එඩී ජයමාන්න දැක ගැනීමට දින ගනිමින් සිටියේය. ඔහු පසළොස් හැවිරිදිය.

එකල ගුවන් විදුලියෙන් මෙන්ම ඉඳහිට සල්ලිකාරයන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලින් ඇසෙන එඩී ජයමාන්නගේ විකට ජවනිකා අසා ඒවා කට පාඩමින් රඟපාමින් පාසලේ පන්ති මිත්‍රයන් විනෝද කළ මේ ගැටයා ‘කොටහේනේ එඩී’ නමින් ප්‍රකටව සිටියේය. එඩී, රුක්මණීලා ’කඩවුණු පොරොන්දුව‘ මංගල දර්ශනයට 1947 ජනවාරි 21 වෙනිදා සවස 6 ට එන බව දැන සිටි මේ ගැටයා සවස දෙකේ සිට සිනමාහලේ ගැලරි පෝලිමේ කට්ට අව්වේ රැඳී සිටියේය. බැල්කනියේ සිට එඩීට රුක්මණීට අත වැනූ ගැලරියේ අය අතර සිටියේය. එඩී හා රුක්මණී ද අසුන්වලින් නැගිට පහළ සිට ප්‍රේක්ෂකයන්ට අත් වැනූහ. එදා මේ ගැටවරයාට රටක් රාජ්ජයක් ලැබුණා වැනිය.

‘කවදා හෝ එඩී එක්ක විතරක් නෙවෙයි රුක්මණී සමඟ ද රඟපාන බව ගැටවරයාගේ අධිෂ්ඨානය විය.

‘කඩවුණු පොරොන්දුව‘ 17 වාරයක් බැලුවේ ඔහුගේ මවගෙන් වද කොට ඉල්ලා ගත් මුදලිනි. සිනමාහලට හූවක දුරින් ඔහුගේ නිවස තිබීම තවත් විශේෂයකි. අම්මාගෙන් සල්ලි ඉල්ලා බැරි තැන ඔහු තම පන්තියේ සිටි සිසුන්ගේ පොත් සොරකම් කොට ඒවා ආමර් වීදියේ ‘අන්සාරි පොත් කඩේ’ට විකුණා ලබා ගත් මුදලින් ගැලරියේ සිට ‘කඩවුණු පොරොන්දුව‘ බැලුවේය.

කවුද මේ හාදයා. ඔහුගේ නම මදුරාවල ආරච්චිගේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාය. ඔහු 1932 ජුලි 27 වෙනිදා කොළඹ කොටහේනේදී උපත ලැබීය. ක්‍රිස්ටිගේ පියාගේ නම සෙබස්තියන් පෙරේරාය. ඔහු මහනුවර උපන් කෙනෙකි. තාත්තා වරායේ වැඩ පරීක්ෂක වරයෙකු ලෙස සේවය කර ඇත. අම්මාගේ නම ලුසියා පෙරේරාය. ඇගේ ගම මිනුවන්ගොඩය. මේ යුවලට දරුවන් හය දෙනෙකි. තිදෙනෙකු කුඩා කලම මිය ගොස්ය. ක්‍රිස්ටිගේ ලොකු අක්කා නෙලී කැතරින්ය. දෙවැනි අක්කා එල්සිය. මේ දෙදෙනා ද වයස අවුරුදු 16 හා 19 මිය ගොස් ඇත. පවුලේ ඉතුරු වූ එකම දරුවා ක්‍රිස්ටිය.

‘මම ඉගෙන ගත්තේ කොටහේනේ ශාන්ත ලුසියා විද්‍යාලයේ. මගේ නිවස ගාවම හිටිය හොඳම යාළුවා ආරියරත්න කහවිට. (ඔහු පසු කලෙක ‘සිනමාදීප’ හා ‘කලා’ පත්‍රයේ සංස්කාරකවරයකු හා චිත්‍රපට කතා හා තිර නාටක රචකයකු විය) කොළඹ කේරි විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අපි දෙන්නම ‘ස්කුල් කට්’ කරලා පික්චර් බැලුවා. ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපට බැලුවේ ගැලරියේ ඉඳලා. මම ඒ කාලේ එඩී ජයමාන්නගේ ගීතත් විකට ජවනිකා පැවැත්වීමට ඇති දක්ෂතාවය මුළු කොටහේනේම ප්‍රසිද්ධව තිබුණා. පාසලේ මගේ කැමතිම, ප්‍රියතම දින සිකුරාදා. මොකද, පාසලේ සිංහල සමිතියේ මට ගීතයක් හෝ විකට ජවනිකාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන නිසා.’ ක්‍රිස්ටි තම පාසල් කාලය මතක් කළේය.

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාගේ කලා ජීවිතය හදිසියේ වෙනස් වන්නේ නොසිතූ ලෙසය. පනස් ගණන්වල මුල දිනක් කොටහේනේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ විශාල සංගීත ප්‍රසංගයක් තිබී ඇත. එහි විශේෂ අමුත්තන් වශයෙන් සහභාගි වී ඇත්තේ ගුවන් විදුලියේ තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, පී. එල්. ඒ. සෝමපාල මහතුන්ය. ක්‍රිස්ටිගේ විකට ගීතය ඇසූ අර තිදෙනා ඔහු කැඳවා වගතුග අසා ගුවන් විදුලියේ වෙළඳ සේවයේ ‘බ්‍රසල්ස් ආධුනික පැය’ට එන්න කීහ.

‘මගේ ජීවිතයේ ලස්සන දවස ඒ. මට එදා රෑ නින්ද ගියේ නැහැ. පසුවදා වනතුරු ඉස්පාසු නැහැ. ‘ආධුනික පැයට‘ සහභාගි වූ පසු ඉන් සමත් වීම නිසා මට වෙළෙඳ සේවයේ පැය කාලක වැඩ සටහනක් ලැබුණා. කරුණාරත්න අබේසේකර රචනා කළ ‘පෙර අපගේ සිංහලයා’ ගීතය සංගීතවත් කළේ ආර්. ඒ චන්ද්‍රසේන මාස්ටර්. ඊට පස්සේ ‘ලංකා මහතුනි නවින ලෙඩක් බෝ වෙලා’, ‘කුල්ලෙන් පොළා පොළා’ වගේ ජනප්‍රිය ගීත මම එච්. ඇම්. වී. තැටි සඳහා ගායනා කළා.

මෙම ලියුම්කරුට ක්‍රිස්ටි ලෙනාඩ් මුල්වරට හමු වූයේ කතා කරන්නට ලැබුණේ 1966 දී පමණ කොළඹ අලුත් හෙට්ටිවීදියේ සිනමාස් සමාගමේදීය. එවකට ‘කලා’ චිත්‍රපට සඟරාවේ සංස්කාරක ආරියරත්න කහවිටිගේ කාමරයේදීය. මට එදා ‘කලා’ සඟරාවේ විශේෂාංග රචකයකු ලෙස මගේ පාසල් වියේදීම ඒ අවස්ථාව ලැබිණ. කොටහේනේ ක්‍රිස්ටි එකල තනිකඩයකු ලෙස තම මව සමඟ එහි පදිංචිව සිටියේය.

‘මගේ අම්මා සෞඛ්‍ය වින්නඹුවක්. තාත්තා මිය ගිය පසු අපේ ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. තාත්තා වැඩ කළ වරායේ ලොක්කා සුදු මහත්තයා මට එන්න කිව්වා.

‘උඹේ තාත්තා අවංක කීකරුව වැඩ කරපු සේවකයෙක්. ඒ නිසා මම තාත්තට සලකලා ‘ඕවර්සියර්’ කමක් දෙනවා.’

මගේ හිත කලාවට ගිහින් තිබුණ නිසා මම කාරුණිකව කාරණාව කියලා ඒ රැකියාවෙන් ඉවත් වෙන්න හැදුවා.

‘නෑ උඹ පුළුවන් කාලයක් වැඩ කරපං’ සුදු මහත්තයා කිව්වා.

ක්‍රිස්ටිගේ හොඳම හිත මිතුරෙක් මෙන්ම පාසල් මිතුරෙකු වූ එමානුවෙල් රුද්‍රිගූ චිත්‍ර ශිල්පයට දක්ෂයෙක්. දවසක් එමානුවෙල් මට මීගමු යන්න කතා කළා.

‘මචං පත්තරේ දාල තිබුණා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ් චිත්‍රපටවලට නාමාවලිය අඳින්න පුළුවන් ආටිස්ට්ලාට මීගමුවේ එයාගේ ගෙදර එන්න කියලා.’

‘යමු මචෝ අපි දෙන්නට රඟපාන්න චාන්ස් එකක් ගන්න පුළුවන්’

එමානුවෙල් සිනාසී ‘අපි ගිහින් බලමු’ කීවා.

එමානුවෙල් අකුරු සාම්පල් කිහිපයකුත් අරං මීගමු ගියා. බී. ඒ. ඩබ්ලිව්. අකුරු දැකලා මෙහෙම කිව්වා.

‘එහෙනං තමුසෙ ලබන සුමානෙ ඉන්දියාවට යන්න ලෑස්ති වෙනවා.’

එමානුවෙල් ඉන්දියාවට ගිහිං එනකං වරයේ වැඩට යන ගමන් මම බලං හිටියා.

පසුව එමානුවෙල් ‘ප්‍රේම් ජයන්ත්’ නමින් සිනමාවට එක් වුණේ බී. ඒ. ඩබ්ලිව්. ගේම ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයෙන්. ‘සුජාතා’ චිත්‍රපටයෙන් ලංකාවේ ජනප්‍රිය නළුවා වුණේ මගේ මිත්‍රයා එමානුවෙල් නොහොත් ප්‍රේම් ජයන්ත්.’

ක්‍රිස්ට් කී ආකාරයට ‘සුජාතා’ චිත්‍රපටයේ රඟපෑ ප්‍රේම් ජයන්ත් හා ඩොමී ජයවර්ධන ඔහු සමඟ එකල ලංකාවේ ජනප්‍රිය කානිවල්වලට සහභාගි වී ඇත. මේ තිදෙනා ගජ මිතුරෝය. දිනක් ප්‍රේම් ජයන්ත් ක්‍රිස්ටිට සුබ ආරංචියක් ගෙනාවේය.

‘මචං හොඳ චාන්ස් එකක් තියෙනවා. මමයි ඩොමියි ‘වරද කාගෙද’ කියන චිත්‍රපටයේ රඟපානවා. ඒකේ ‘කොබෝ’ කියලා විකට චරිතයක් තියෙනවා. අපි ‘ට්‍රයි’ එකක් දීලා බලමු’.

‘මචං ලොකු දෙයක්’

මා ගැන ප්‍රේම් හා ඩොමී චිත්‍රපට නිෂ්පාදක කේ. ගුණරත්න’ට රෙකමදාරු කළා.

ක්‍රිස්ටිට පරීක්ෂණයට මුහුණ දෙන්න සිනමාස් සමාගමට ගියාම තරු පෙනුණි. ලංකාවේ ජනප්‍රිය විකට නළුවන් සියල්ල පරීක්ෂණයට පැමිණ තිබුණි. ඒ අතර ජෝසප් සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර, ලුවී රුද්‍රිගු, ස්ටීවන් උඩවත්ත, එඩී යාපා දුටු ක්‍රිස්ටිට ‘මට කෙළ වෙනවා’ සිතී ඇත. ක්‍රිස්ටි ඒ අවස්ථාව විස්තර කරන්නේ මෙසේය.

‘මගේ නම කතා කළා. චිත්‍රපට අධ්‍යක්ෂ සුන්දරම් හා ඔහුගේ බිරිඳ නළුවෝ රඟපානවා බලං ඉන්නවා. ප්‍රේම් ජයන්ත් මට කතා කළා.

‘මචං මට කෙළ වෙයිද? මම ඒ කාලේ පණුව වගේ කෙට්ටුයි. මම දාල හිටිය ටයි එකත් මට වඩා විශාලයි. සුන්දරම් අධ්‍යක්ෂවරයාට මාව අල්ලපු ගතියක් පෙනුණේ නෑ. ඔහු ඩොමීට කතා කරලා මොන මොනවද කිව්වා. ප්‍රේම් ජයන්ත් ළඟට ඇවිත් තව මොනවද කිව්වා.

‘ඩොමී කැන් හී ඩු සම්තින්’ කියනු මට ඇසුණා.

‘අයිසේ ක්‍රිස්ටි ගිව් මී අ ස්මෝල් ස්කෙච්’ සුන්දරම් කිව්වා.

‘රයිට් සර්’

මම පොඩි විකට ජවනිකාවක් කළා.

මගේ රඟපෑම දැකලා සුන්දරම් මහතාටත් ඔහුගේ බිරිඳ බාල සරස්වතී මහත්මියට හිනා ගියා. සුන්දරම් මහතා මා දිහා බැලුවා. සුන්දරම් මහතාට ගුණරත්නම් මහතා මෙහෙම කිව්වා.

‘ගුණම්, යූ බෙටර් සයින් කන්ට්‍රෑක් විත් දිස් චැප්’

මට වඩා සතුටු ප්‍රේම්ටයි, ඩොමීටයි. මාව ඇදගෙන මේ දෙන්නා එකවුන්ටන් ළඟට ගෙන ගියා. රු. 1500 කට අත්සන් කරලා රු. 500 ක ඇඩ්වාන්ස් එකක් ලැබුණා. මේ 1953 වසරේ.

එදා ක්‍රිස්ටිට ලැබුණ සතුට අපට විස්තර කරද්දී ඔහුගේ මුහුණින් සතුට දෝර ගලා ගියා. ක්‍රිස්ටි මේ ලියුම්කරුට විස්තර කළේ 1985. 06. 27 දින මා ‘සරසවිය’ පුවත්පතට ලියූ විශේෂාංගයටය.

‘මල්ලී එදා තමයි දවස. මට ඉන්දියාවට යන්න දිනයක් ලැබුණා. මම ගියා මරදානේ ‘ඩැනී සහ සහෝදරයෝ’ සාප්පුවට.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.