වසර 56කට පෙර කවියට නැඟුණු අජන්තාගේ අප‍‍්‍රකාශිත පේ‍‍්‍රමය

අප්‍රේල් 2, 2020

ආචාර්ය අජන්තා රණසිංහ විසින් විරචිත සෑම ගීතයක්ම පාහේ සංගීතවේදීන් නිර්මිත තනුව අමතක කොට පදමාලාවට පමණක් සමාධිගතව විමසීමෙන් ඔහුගේ කාව්‍යාත්මක චින්තනය සහෘදයාට හඳූනාගත හැකි වේ.

අජන්තාගේ මෙකී කාව්‍යාත්මක චින්තනය හෙළි කරන අගනා කියුමක් වරක් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සූරීහු මා සමඟ පැවසූහ. අජන්තාගෙයි මගෙයි යාළුකම පටන්ගත්තේ පාසල් සමයේ ඉඳලා.  ඔහු මට ගීතයක් ලියලා ගෙනත් දෙන්නේ හරියට පොලිසියෙන් වගේ.  උඹ මේක ඊළඟ වැඩසටහනේදී කියපං කියලා. ගී පදමාලාව මගේ අතේ තබනවා.  හැත්තෑව දශකයේ මැද දවසක් උදේ අපේ ගෙදර ඇවිත් ඔහු බෞද්ධ ගීතයක් මා අතට දී උඹ මේක කියපං ඊළඟ වැෙදෘදී’ යැයි කිව්වා. මොකක්ද බං මේ. 

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දා කරම්. මේකට පුළුවන්ද තනුවක් දාන්න යැයි මං ඇසුවා. එවිට අජන්තා මේ ගීතයේ පදවැල තාලයට වැටෙන හැටි කීවා.
 එවිටම මෙයට උචිතම තනුව මගේ මනසට නැඟුණා.

වරක් අජන්තාගේ ගීපද මාලා රැගත් සංගත තැටියක් ජනගත වූ අවස්ථාවක සනත් නන්දසිරි මහාචාර්යතුමා දෙසුමක් පවත්වමින් පැවසූ කියුමක් මගේ සිහියට නැඟේ. හැත්තෑව දශකයේ මුල අජන්තා පදිංචි වී සිටියේ නුගේගොඩ අපේ ගෙවල් සමීපයේ නිවසක.  ඔහු රැකියාවට යන ගමන් ස්කූටරයේ බොහෝ දවස්වලට උදේ අපේ නිවසට ගොඩ වෙනවා.  දවසක් ඔහු අපූර්ව සිදුවීමක් ගැන මට පැවසුවා.හරි වැඩෙනෙ බං.  කොහේදෝ ඉඳලා එන බල්ලෙක් මගේ ස්කූටරය එනකන් බලා ඉඳලා හරියටම ඒකට පනිනවා.  මේකා මට හරි කරදරයක්.  දැන් මාත් දන්නවා ඌ පනිනකොට බේරිලා යන්න.ඉහත සිදුවීම සිනාසෙමින් පැවසූ මහාචාර්ය සනත්ඣී ඉක්බිතිව එදා මෙසේ කීවේය.
 

 

ඒ බල්ලා විතරක් නෙවෙයි විවිධ කාලවල එක එක ජාතියේ බල්ලෝ අජන්තාගේ ගමන හරහට පැන්නා.  නමුත් ඔහු නොසැලී තමන්ගේ ගමන දිගටම ගියා. මිනිස් ජීවිතවල පවත්නා ස්තී‍‍්‍ර-පුරුෂ පේ‍‍්‍රම සබඳතා විවිධාකාරය. එහෙත් එහි මූලික ප‍‍්‍රභේද ත‍‍්‍රයක් හඳූනාගත හැකි වේ යැයි මම සිතමි.  ඇතැම් සබඳතා ස්තී‍‍්‍ර-පුරුෂ පේ‍‍්‍රමිය ආකර්ෂණයන්ය (Limerance) ලාලසාව (Passion) හා මනඍෂ්ටිය (Fantasy)මේ හා බැා තිබේ.  අනෙක් ප‍‍්‍රභේදය ස්තී‍‍්‍ර-පුරුෂ ප්ලේටෝනියානු පේ‍‍්‍රමය (Platonic Love) නම් වේ. මෙහි ඇත්තේ කායිකපේ‍‍්‍රමයෙන් සපුරා විනිර්මුක්ත වූ ගැඹුරු ආධ්‍යාත්මික ආදරයකි. අප‍‍්‍රකාශිත පේ‍‍්‍රමය(Unrequited Love)තෙවැනි ප‍‍්‍රභේදය වේ. මේ වූ කලි බොහෝවිටස්ති‍‍්‍රය හෝ පුරුෂයාගේ සිත තුළ ඒකපාර්ශ්වික ලෙස පමණක් පවතින පේ‍‍්‍රමයකි. අනෙක් පාර්ශ්වයට ප‍‍්‍රකාශ නොවන හෙයින් බොහෝවිට මෙබඳූ පේ‍‍්‍රමයක් ජීවිතය පුරාම හෙළි නොවේ.  නිදර්ශනයක් වශයෙන් x ගේ සිත තුළ Y ගැන පේ‍‍්‍රමයක් තිබූ බව X ප‍‍්‍රකාශ නොකළ හෙයින් Y පරචිත්ත විජානන ඥානය තිබුණොත් හැර හාන්කවිසියක්වත් Y නොදනී.
 

අජන්තා රණසිංහයන් තරුණ අවධියේ සිටම අනේකවිධ පේ‍‍්‍රම පීඩාවන්ට ගොදුරු වූ බව පසුකලක විවෘතව හෙළි කළේය.  අනෙක් අතට ඔහු සෞන්දර්යවාදියෙකි. රසවතෙකි.  අජන්තා රචිත පේ‍‍්‍රම ගීත සියල්ල සියුම් ලෙස විග‍‍්‍රහ කළ බැලූවහොත් පේ‍‍්‍රමය ඒ අරභයා ඔහු ලැබූ රස හැඟුම්, අනුභූතීන්, වේදයිතයන් සේම විරහ වේදනාවඣී විප‍‍්‍රලම්භ ශෘංගාරය හෙළි වේ.


 මෙහිදී සියල්ල තමා විසින්ම අත්විඳීන ලද අනුභූතීන් නොවන්නට පිළිවන. ඕනෑම කලාකරුවකු, සාහිත්‍යවේදියකු තමා අවට ජන සමාජයේ අත්දැකීම්ද, ස්වකීය නිර්මාණ සඳහා අවශෝෂණය කොටගන්නා හෙයිනි.  එහෙත්ඣී අජන්තා ලියූ පේ‍‍්‍රම ගීත බහුතරයකඔහුගේම අත්දැකීම් පාදක වී ඇතැයි මට සිතේ.
 

1964 දී පළවූ ඔහුගේ පළමු පද්‍ය සංග‍‍්‍රහය ,තිවංක රේඛා ,මෙහිලා දැක්විය හැකි මුල්කාලීන දෘෂ්ටාන්තයකි. මා උමතු කළ ඇගේ කටහඬ, මැයෙන් කවි පන්තියක් එහි දක්නා ලැබේ.
 එය මෙහිදී උපුටා දක්වනු වටී.
 

ඈත රුවන්ගිර පරුවත මත්තේ

මි‚ කෙඬාලින් බැඳී මන්දිර දහසෙක

කවුළු පියන්පත් විවර කරනු මැන

ඔබේ මියුරු පෙම් ගීය අසන්නට

 

අරුණුගිරෙන් රන් අරුණළු පතිතව

 

පබා රඟන සඳ මන්දිර මුහුණත

රනින් නිමවූ රන්රුවක් පරිදි හිඳ

ගයන්නෙහිය ඔබ පේ‍‍්‍රම පුරාවත

 

නීල නුවන් ආකාශ තලාවෙන්

වෑහෙන කඳූළැලි වැහි බිඳූ එකිනෙක

හද යමුනාවේ පේ‍‍්‍රම ප‍‍්‍රවාහය

සමඟින් එක් වී ගලයි පිටාරා

 

ඔබේ මධුරතර ගීත තරංගා

ගලා හැලෙනු දැක සත්සමුදුරු මත

මනසංගන නිල් තණ පියවිල්ලේ

සමන් පොහොට්ටුව දෑස හැරෙව්වයි

 

ඒ මල් දෑසෙන් හැලූණ කඳූළු බිඳූ

ඔබේ සිරස ගන රන් කෙඳී රැනක

අමුණා කි‚හිරි මල් පෙති ගෙල වට

රුවන් පියලි මාලා

 පැලඳූයෙමි

 

එතැන් පටන් දඹ රනින් නෙළා රුව

සඟවා තැබුවෙමි හදවත ලෙන්හි

රන අඹරේ ඔබ කෙවිලිය වූදා

පැතුයෙමි මා ඔබෙ ගීතය වේවයි

 

නෙළුම් රේණු කෙමි දහසක් ඇතුරූ

සඳූන් සුවඳ මුසු බුමුතුරුණක් මත

 

සෙමෙන් දෙපා පොඩි නංවා එනු මැන

පවන් රොදක් මෙන් කඳූ මුදුනින් බැස

 

ඔබ වඩිනා තුරු බලා හිඳීන්නෙමි

කඳූ පාමුල නෙත් නිලාව දල්වා

පුෂ්පරාග ජීවන කුසලානය

පුරා අමා පෙම දෝතින් පුදනෙමි

 

රෝස කුසුම වන් සියුමැලි සිරුරක

රෝස පැහැති සළුවෙන් සැරසූ දින

මහද ගුවන දුර පාවෙන මේ කුළු

මහත් බැතින් ඔබ දෙපා සිඹිනු ඇත

 

මේ වූ කලි අජන්තාවන්ගේ අප‍‍්‍රකාශිත පේ‍‍්‍රමයක් හෙළි කරන කවි පන්තියකැයි මම සිතමි.


 ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියේ මුලින්ම ගී ලියූ යොවුන් වියේ සිටි අජන්තා එහි ගී ගැයූ ගැටවර වියෙහි ළමා ගායිකාවක් වූ දැරිවියකට පෙම් බැඳී අයුරු මේ කවෙන් හෙළි වේ.  මේ වූ කලි ඔහුට ඒකපාර්ශ්වික වූ අප‍‍්‍රකාශිත පේ‍‍්‍රමයක් බවත් කවි පෙළෙහි ව්‍යංග්‍යාර්ථයෙන් කවියා අපට ඉඟි කෙරේ.
 

 

එතැන් පටන් දඹ රනින් නෙළා රුව

සඟවා තැබුවෙමි හදවත ලෙන්හි

රන අඹරේ ඔබ කෙවිලිය වූදා

පැතුයෙමි මා ඔබෙ ගීතය වේවයි

 

ඔබ වඩිනා තුරු බලා හිඳීන්නෙමි

කඳූ පාමුල නෙත් නිලාව දල්වා

 

පුෂ්පරාග ජීවන කුසලානය

පුරා අමා පෙම දෝතින් පුදනෙමි

 

කවියාගේ මුවින් තම පේ‍‍්‍රමය ඇයට ප‍‍්‍රකාශ නොකළද මේ යුවතිය එය කෙසේ හෝ වටහා ගනු ඇතැයි ඔහු අපේක්ෂා කළ බැව් යථෝක්ත කවි යුගලෙන් හෙළිවේ.  ළමා පිටියේ මේ දැරිවිය කවුරුන්දැයි සහෘදයාට ඉඟි කිරීමටද කවියා මැළි වී නැත.  සැබෑ ජීවිතයේ මුවින් ප‍‍්‍රකාශ නොකළද කවියෙන් එය ඇය වෙත දැනවීමට මින් ඔහු ප‍‍්‍රයත්න දැරුවා විය හැකිය.
 

මිනිසා සැබෑ ලොවෙහිදී ඉටුකොට ගත නොහැකි දේ කල්පනා ලෝකයේදී ඉටු කර ගනීඣී යනුවෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඣීකල්පනා ලෝකයඣී විචාර ග‍‍්‍රන්ථයෙහි පළ කළ අදහසක් මා සිහියට නැඟේ.

මේ යුවතිය කවුරුන්දැයි හෙළිවන පද්‍යාර්ධය මේය.
 

 

මහද ගුවන දුර පාවෙන මේ කුළු.

මහත් බැතින් ඔබ දෙපා සිඹිනු ඇත

 

1960 අජන්තා ළමා පිටියට ලියූ තැටිගත පළමු ගීතය වූ දුර පාවෙන මේ කුළු ගුවනේ පිළිබඳ මම පසුගිය ලිපියක විග‍‍්‍රහ කළෙමි.
 මේ ගීතය නන්දා මාලිනියbගැයූ බැව් සහෘද ඔබට මතක ඇත.  එකල මෙසේ අජන්තාගේ අප‍‍්‍රකාශිත ඒකපාර්ශ්වික පේ‍‍්‍රමයට (ඹබරුුමසඑැා ඛදඩැ) ආලම්බන විභාව වූයේ නන්දා මාලිනීයයි.
 කවියා ජීවිතයෙන් වියෝ වී දැන් සිව් වසරකි.  මින් වසර 56කට පෙර යථෝක්ත කවි පෙළෙන් පළ වූ ආචාර්ය අජන්තාගේ මේ අපූර්ව අප‍‍්‍රකාශිත පේ‍‍්‍රමය පිළිබඳ ඇතැම්විට ආචාර්ය නන්දා මාලිනිය මුල්වරට දැන ගනුයේ මවිසින් රචනා කරනු ලබන මේ ඇසු පිරූ තැන් ලිපියෙන් විය හැකිය.

Add new comment