රූපසිංහ මාස්ටර් සහ එඞී මාස්ටර් ගැයූ එකම තනුවේ ගී -

අප්‍රේල් 16, 2020

"ශ‍්‍රී රාහුල හිමි ගේ නාමේ" සහ "විසෙහි විස සදනා ලෝකේ"

මෙරට 1920-40 ද්වාදශකය තුළ බිහි වූ එක් ශ්‍රේෂ්ටතම ගාන්ධර්වයෙක් වූයේ සංගීතඥ එච්. ඩබ්ලිව් රූපසිංහ සිරිමතාණන් ය. මාතර දික්වැල්ලේ දී උපත ලද මෙතුමා සංගීතයට අතපොත් තබන්නේ වයස යන්තමින් 12 සපිරෙද්දී ය. එවකට ටවර්හෝල් හි සුප‍්‍රසිද්ධ තබ්ලා වාදකයෙකු වූ විල්ෆ‍්‍රඞ් පෙරේරා මහතාගෙන් තබ්ලාවට අතපොත් තබන මෙතුමා ටවර්හෝල් හි සුප‍්‍රසිද්ධ සංගීතඥයෙක් වූ ඇල්බට් සයිමන් පතිරාජ මහතා වෙතින් සංගීතය හදාරා වර්ෂ 1917 සිට ටවර්හෝල් නාටක වල තබ්ලා වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කළේ ය. එවකට ටවර්හෝල් හි නාට්‍ය කතුවර චාර්ල්ස් ඩයස් මහතාගේ විදුර, හේමමාලි සහ නාගානන්ද ආදී නාටක වලට සංගීතය සැපයු, මාස්ටර් අබ්දුල් සතාර්, ගුජරාති ජාතික මාස්ටර් සදාලාල් මගන්ලාල් සහ මාස්ටර් ෆුල්ඛාන් බක්ස් ආදී ඉන්දියානු සංගීතඥයන් වෙතින් සංගීත ශාස්ත්රෝද්ග‍්‍රහණය ලැබූ මෙතුමා එවකට සිටි ඇම්. ජී. පෙරේරා නම් වූ සුප‍්‍රසිද්ධ සංගීතඥයා වෙතින් ද සිය ශාස්ත‍්‍රීය හින්දුස්ථානි සංගීත ඥානය තවදුරටත් දියුණු කරගත්තේ ය. මෙම වකවානුවේ, එනම් 1925-29 කාලයේ චාර්ල්ස් ඩයස් මහතාගේ බොහෝ නාටක වල සංගීතය මෙතුමාගේ මූලිකත්වයෙන් කෙරුණු අතර, ටි.පී පේ‍්‍රමචන්ද්‍ර මහතා විසින් රචිත බොහෝ නුර්ති සඳහා මෙතුමාගේ සංගීතය භාවිත වීය. ”රූපසිංහ මාස්ටර්” නමින් 1920 දශකයේ අගභාගයේ මෙතුමාගේ නාමය ලක්දිව තුඩ තුඩ රැුව් දුනි. සර්පිනාව, තබ්ලාව සහ වයලීනය වැයීමට මනා සේ දස්කම් පෑ මෙතුමා එවකට මෙරට ජනප‍්‍රිය වූ ”සාජ්ජ” නොහොත් ”බජව්” නමැති සම්භාෂණ වල නැතුවම බැරි සංගීතඥයකු විය. මෙතුමාගේ ජනප‍්‍රිය භාවය නිසාම වර්ෂ 1929 දී කොළඹ විලියම් පේද්‍රිස් සමාගමේ අනුග‍්‍රහයෙන් පර්ලොෆොන් (ඡු්ඍඛධඡු්‍යධභ ලේබලයට ”ප‍්‍රභූන් ගේ සම්පතින් දිලෙන්නා” සහ ”හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ” යන ගීත දෙක තැටිගත කළේ ය. එම ගීත දෙක රචනා කලේ එවකට සුප‍්‍රසිද්ධ නාටක කතුවර බී.ඇල්. බෝධිපාල මාස්ටර් විසිනි. වාද්‍ය ශිල්පියෙකුට අමතරව ගායකයෙකු ලෙසද මෙතුමා ්‍යඵඪ සහ ඡු්ඍඛධඡු්‍යධභ ලේබල වලින් ශ‍්‍රාවක සිත් දිනාගත් කලාශිල්පියෙකු බවට පත්විය. වර්ෂ 1939 දී ්‍යඵඪ සහ ඣඛඹඵඊෂ් ලේබල සඳහා ගායක ගායිකාවන් ලියාපදිංචි කිරීමේදී රූපසිංහ මාස්ටර් වෙත ්‍යඵඪ සමාගමේ ප‍්‍රධාන සංගීත අධ්‍යක්ෂධූරය ලැබුණි. කෝකිල දේවී, රුක්මණී දේවී, සුසිලා ජයසිංහ, ලක්ෂ්මී බායි, රෙජිනා පෙරේරා, ඇම්. කේ. වින්සන්ට්, වාසුදේවී, ලෝරන්ස් පෙරේරා, ඇනී බෝත්ජු, සෝමකාන්තා, අනුලාවතී, ලීලාවතී, නිර්මලා ආදීහු මෙම යුගයේ ඔහුගේ සංගීත අදියුරුවම යටතේ ්‍යඵඪ ලේබලයෙන් ගී ගැයූ අනෙකුත් ගායක ගායිකාවෝ වූහ. එලෙසම රූපසිංහ මාස්ටර් ද කේවල ගීත මෙන්ම යුග ගීත ද ස්වකීය හඬින් තැටිගත කළේ ය. ඔහු යුග ගී ගැයුවේ ඔහුගේ කණ්ඩායමේ සිටි අග‍්‍රගණ්‍ය ගායිකාවන් දෙදෙනා වූ කෝකිල දේවී සහ රුක්මණී දේවී සමගින් පමණක් වීම විශේෂත්වයකි. රුක්මණී දේවී සමගින්, ”සිරි බුද්ධගයා විහාරේ”, ”ශිල්පසතර ලෝකේ”‍, ”මුනි රාජා දියනා ස්වාමී”, ”මුනි ශ‍්‍රී දළදා”, ”සිරිපාද කමල්”, ”ශ‍්‍රී මුනි ගෞතම”, ” ශ‍්‍රී මහා බෝධි මුලේ”, ”ධර්ම රාජා මාරජී”, ආදී ගීත ද, කෝකිල දේවී සමගින් ”ශ‍්‍රී පති ශ‍්‍රී හරී විෂ්ණු දෙවින්දා”, ”මවු පිය ආදී සොඳුරු තමාගේ”, ”වීනා නාදේ සේමා”, ”දස දෙසෙහි කීර්තී ”, ”ප‍්‍රාතිහාරී පෑ ලෝකේ”, ”ක‍්‍රිෂ්ණජිනා ජාලිය හා” ආදී ගීත ද ගායනා කළේ ය. මේ සියලූ‍ම ගීත හින්දුස්ථානි අනුකාරක තනු ඇසුරින් නිෂ්පන්න වුවද, එම ගීත වලට රූපසිංහ මාස්ටර් යෙදු සංගීතමය නව්‍යතාවයන් , වර්ණයන් සහ ස්වාරානුයෝජනයන් වෙසෙසින් අගය කළ යුතු ය.

 

අද මා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ 1939-43 වකවානුව තුළ හමුවන ්‍යඵඪ ලේබලය වෙනුවෙන් තැටිගත කළ රූපසිංහ මාස්ටර් ගේ කේවල ගායනයන් දෙකක් අඩංගු වූ එකම තැටිය වන භ 9347 අංකයෙන් නිකුත් වුණු , රූපසිංහ මාස්ටර් විසින්ම සංගීතය සැපැයූ වර්ෂ 1939 දෙසැම්බර් මාසයෙහි තැටිගත කළ ”ශ‍්‍රී රාහුල හිමිගේ නාමේ” යන ගීතයෙහි ඉතිහාසයයි. දශක අටකට ආසන්න කාලයක් ගෙවී ගියද , මෙම ගීතයෙහි ඇති සර්වකාලීන වටිනාකම තවමත් එක ලෙස නොසිඳ පවතින්නේ එකී තනුවෙහි පවතින විශිෂ්ට වූ සංගීතමය අනුභූතියත්, රූපසිංහ මාස්ටර් ගේ මධුරතර ගායනයෙහි පැවති ගාම්භීර භාවයත් නිසාම ය.

 

ශ‍්‍රී රාහුළ හිමිගේ නාමේ - බැබලේ ලංකා ඉතිහාසේහි

ශ‍්‍රී රාහුළ හිමිගේ නාමේ - බැබලේ ලංකා ඉතිහාසේහි

විජයබ ස්වාමි ඒ තොටගමුවේ

සඟරාජ වී දැන තෙවළා දහමේ

ෂඞ්භාෂාවෙහි පරමේශ්වර වී

සිංහලයේ මහා කිවිඳාණෝ

ශ‍්‍රී රාහුළ හිමිගේ නාමේ

පිවිතුරු සීලේ ඒ සමිඳාගේ

දස අතෙහි අද පැතිරී පවතී

හෙළ භාෂාවෙහි නව ජීවනයේ

ද්වාරය හැර තැබූ කිවිඳාණෝ

ශ‍්‍රී රාහුළ හිමිගේ නාමේ

 

කෝට්ටේ යුගයෙහි බිහිවුණු ශ්‍රේෂ්ටතම පැවිදි සාහිත්‍යකරුවාණන් ලෙස සුපතල, ෂඞ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ‍්‍රී රාහුළ ස්වාමිපාදයාණන් ගැන වැයු ප‍්‍රශස්ති ගීයක් වූ මෙම ගීතය රචනා කළේ වින්සන්ට් සෝමපාල සූරීන් විසිනි. මෙරට සිටි අති දක්ෂ ශාස්ත‍්‍රීය සංගීත ගුරුවරයෙකු,සංගීත ග‍්‍රන්ථ රාශියක කතුවරයෙකු වූ වින්සන්ට් සෝමපාල මහතා ප‍්‍රවීණ සංගීතඥ ජයන්ත අරවින්ද මහතාගේ දයාබර පියාණන් ය. මෙම ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ දුර්ගා රාගය ඇසුරින් නිර්මිත ගීතයක් වන අතර, ත‍්‍රිතාලයෙන් ගැයෙන මෙම ගායනයෙහි ”ස රි ම ප ධ ස” යන ආරෝහණය ද, ”ස ධ ප ම රි ස” යන අවරෝහණය ද අන්තර්ගත කොට එහි රස භාවයන් තීව‍්‍ර කරයි. ෙසෙධාන්තිකව දුර්ගා රාගය ඇසුරින් නිර්මිත ගායනා තුළින් ”භක්ති රසය” උද්දීපනය වන බව පොතපතෙහි දැක්වෙයි. රූපසිංහ මාස්ටර්ගේ මෙම සුගායනය තුළින් ද මතුකිරීමට පරිශ‍්‍රම දරා ඇත්තේ එවැන්නක් බව ගීතය ශ‍්‍රවණය කිරීමෙන් මනාව පැහැදිළි වෙයි. එසේම වර්ෂ 1951 දී භාරතයේ සිට මෙරටට පැමිණි මහාචාර්ය රත්නජංකර් පඬිතුමාගේ සංගීත පරීක්ෂණයට පෙනී සිටි මෙරට සංගීත ශිල්පීන් අතුරින්, ශාස්ත‍්‍රීය අංශයෙන් විශිෂ්ට ශේණියෙන් සමත් වුණු එකම ගායකයා වූයේ එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් ය. එම පරීක්ෂණය වෙනුවෙන් රූපසිංහ මාස්ටර් විසින් ගායනා කරනු ලැබුවේ ද මෙම ” ශ‍්‍රී රාහුල හිමිගේ නාමේ” ගීතය යි. එතුමාගේ ගායනයට අතිශයින් පැහැදුණු රත්නජංකර් පඬිතුමා විසින් මෙම ගීතය අඩංගු ග‍්‍රැමොෆෝන් තැටියක් ඉන්දියාවට ගෙන ගිය බව ද සඳහන් වේ. 1939-45 වකවානුව තුළ ්‍යඵඪ තැටි සමාගමෙන් බිහිකළ ගීත තැටි 125 ට පමණ මෙතුමා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ අතර, සංඛ්‍යාත්මක වශයෙන් ගීත 28 ක් (කේවල ගායන 2ක්‍ , යුග ගී 22 ක්, කෝකිල දේවී සහ රුක්මණී දේවී සමගින් ත‍්‍රිපුද්ගල ගී 4 ක්* එතුමා ගායනා කළේ ය. එතුමා සංගීතවත් කළ ගීත අතර ”ශ‍්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ”‍, ”වන්දනාවේ යමු පේවීලා ”‍, ”තේ පැන් දින දින වැඩි වැඩියේ”, ”සාලවනේ හි වෙසන්ගේ සාලවනෙහි”, ”ආදී සිංහලූ‍න් පිට දීප දේශ ජය ගත්තා” යනාදී ජනප‍්‍රිය ගීත රාශියක් වෙයි. මීට මතරව 1949-53 වකවානුවේ හි ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ශාස්ත‍්‍රීය වාදන, ගායන මෙන්ම සරල ගී වැඩසටහන් රාශියක් ද මෙතුමා විසින් ඉදිරිපත් කළේ ය. වර්ෂ 1971 අප‍්‍රියෙල් 27 දින එච් . ඩබ්ලිව් රූපසිංහ මහා ගාන්ධර්වයාණෝ සදහට ම දෙනෙත් පියගත්හ.

රූපසිංහ මාස්ටර්ගේ මෙම ගීතයට පාදක වූ මුල් හින්දුස්ථානි ගීතය වූයේ ” මනමෝහන මුරලි වාලා” නමැති ගීතයයි. එම ගීතය ගායනා කරනු ලැබුවේ පණ්ඩිත් නාරායන් රා ඕ ව්‍යාස් විසින් 1936 දී පමණ ්‍යඵඪ (තැටි අංක භ 5733* තැටියකටය. ”දුර්ගා රාගය” යනුවෙන් තැටි ලේබලයෙහි සඳහන් කර ඇති මෙම ගීතයේ සංගීතය සපයනු ලැබුවේ පණ්ඩිත් නාරායන් රා ඕ ව්‍යාස් ගේ සොයුරු වූ පණ්ඩිත ශංකර් රා ඕ ව්‍යාස් විසිනි. වර්ෂ 1902 දී උපත ලද පණ්ඩිත් නාරායන් රා ඕ ව්‍යාස් ලාරෝරයේ ගන්ධර්ව සංගීත මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලදුව, ස්වකීය වැඩිමහල් සොයුරු වූ පණ්ඩිත ශංකර් රා ඕ ව්‍යාස් වෙතින් ද ශාස්ත‍්‍රීය සංගීත අධ්‍යාපනය ලබා, වර්ෂ 1929 සිට 1955 දක්වා ්‍යඵඪ තැටි සමාගම වෙනුවෙන් ශාස්ත‍්‍රීය ගායනා 300 ක් පමණ හින්දි, මරාති සහ ගුජරාති භාෂා වලින් තැටිගත කළේ ය.

 

 රූපසිංහ මාස්ටර්ගේ මෙම ගීතය තැටිගත කිරීමට ප‍්‍රථමව වර්ෂ 1938 ඣඛඹඵඊෂ් ග‍්‍රැමොෆෝන් ගීත තැටි සමාගම විසින් බී. එඞ්වින් ද සිල්වා මාස්ටර් (එඞී මාස්ටර්* ගේ හඬින් වෙනත් ගීතයක් මෙම තනුවටම පටිගත කෙරුණි . එම ගීතය ද එවක සිට අද දක්වාම ශ‍්‍රාවකයන් අතර අතිශයින් ජනප‍්‍රිය ගීතයකි. ඣඛඹඵඊෂ් තැටි අංක ඨෑ 15007 අංකයෙන් තැටිගත කෙරුණු මෙම ගීතය ” විසෙහි විස සදනා ලෝකේ” ලෙස නම් කෙරුණි. ගීතය රචනා කළේ යූ .ඞී. පෙරේරා මාස්ටර් විසිනි. සංගීතය අධ්‍යක්ෂණය කරන ලද්දේ මොහොමඞ් ගවුස් සහ එඞී. ද සිල්වා මාස්ටර් දෙදෙනා විසින් ය. ”කටින් එකකුත් හිතෙන වෙන එකකුත් ඇතිව ක‍්‍රියා කරන දුෂ්ට මිනිසුන්ගෙන් වන විපත්ති දැනගෙන ඉන් ප‍්‍රවේසම් වීමට කාරණා පෙන්වා දෙන රචනාවකි” යනුවෙන් හැදින්වීමක් වර්ෂ 1938 දී නිකුත්කරන ලද ඣඛඹඵඊෂ් කැටලොග් පොතෙහි මෙම ගීතය පිළිබඳව සටහන් විය. ගීත රචනාව පහත ආකාර විය.
 
 විසෙහි විස සදනා ලෝකේ
 
 කෙරෙනා හානි ගිනි වාගේ පෙනේ //
 
 අමරස දිව’ගේ පිය බස කියනා
 
 රුදුගුණ ඇති දන සාපෙකි ලෝකේ,
 
 ඒ බව නිසි සේ තේරුම් ගන්නා
 
 ප‍්‍රීති දෙලොකෙහි විඳිනා //
 
 ඇතුළත එකකි, පිට වෙන දෙයකි,
 
 යහපත වනසන නපුරු සතාගේ //
 
 ඒ බව නිසි සේ තේරුම් ගන්නා
 
 ප‍්‍රීති දෙලොකෙහි විඳිනා //
 
 විසෙහි විස සදනා ලෝකේ....

 
 ගීතය ගායනා කළ එඞී මාස්ටර් ඣඛඹඵඊෂ් ලේබලයට ගැයූ එකම සහ අවසාන ගීත තැටිය මෙය ම විය. රෙජිනා පෙරේරා ගායිකාව සහ එඞී මාස්ටර් වර්ෂ 1939 සිට ඣඛඹඵඊෂ් තැටි ලේබලයෙන් ඉවත් වී ්‍යඵඪ සමාගමට පස් අවුරුදු ගිවිසුමකට බැඳී ගීත ගායනා කළෝ ය. එඞී මාස්ටර් ගැන වෙසෙසින් ම සඳහන් කළ යුතුය. වර්ෂ 1894 කොළඹ දෙමටගොඩ දී උපත ලද මෙතුමා, මූලික අධ්‍යාපනය කේරී විද්‍යාලයයෙන් හදාරා පසුව ස්වකීය සොයුරෙකුන්වූ සනි ද සිල්වා මාස්ටර් වෙතින් මැන්ඩලීනය සහ වයලීනය වැයීමට උගෙන එවකට සුප‍්‍රසිද්ධ සංගීතඥයෙකු වූ සයිමන් පතිරාජ මාස්ටර් වෙතින් සර්පිනාව සහ තබ්ලාව වැයීමට ද උගත්තේය. එසේම රූපසිංහ මාස්ටර්ගේ ගුරුවරයා වූ සංගීතඥ ඇම්. ජි.පෙරේරා මාස්ටර් වෙතින් ම ශාස්ත‍්‍රීය සංගීතය මැනවින් ප‍්‍රගුණ කළ මෙතුමා, අනතුරුව මහනුවර ආර්.ඞී .මැන්දිස් මහතා විසින් ආරම්භ කළ”මධ්‍යම ලංකා නාට්‍ය සංගමය” ට බැඳී එහි සංගීත ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළේ ය. මීට අමතරව මෙම වකවානුවේදී ම, ටවහෝල් නාටක වල සංගීතය ශිල්පියෙකු මෙන්ම නළුවෙකු ලෙස ගීත ගායනා කරමින් ද දස්කම් දැක්වූ මෙතුමා වර්ෂ 1938 දී ”සහෝදර සංගීත සමාජය” නමින් සංගීත ආයතනයක් අරඹා විශාල ගෝල පිරිසක් බිහි කළේ ය. වර්ෂ 1937-38 වකවානුවේ ඣඛඹඵඊෂ් ලේබලයෙන් ද, වර්ෂ 1939 සිට 1943 දක්වා ්‍යඵඪ ලේබලයෙන් ද කේවල ගී සහ යුග ගී රාශියක් මෙතුමා විසින් තැටිගත කරන ලදී. ”ජාතික ආශා” , ”ශාස්ත‍්‍රධාරී සාධු ජනා ගේ”, ”බඹ සුර නර ආදී”, ”සත්‍ය සුධී දනන් රකිනා”, ”අමිත ගුණෙන් සුසැදි”, ”දරුවා චරිතේ සාදති” , ”ඥාන සාර ගුණ භාරී ප‍්‍රියාදර” ආදී ගීත එතුමාගේ ජනප‍්‍රිය වූ කේවල ගායනාවන් ය. එතුමා යුග ගී තැටිගත කළේ එවකට සිටි ජනකාන්තම ගායිකාවක වූ පර්ල් වාසුදේවී සමගින් පමණකි. වාසුදේවි -එඩි මාස්ටර් තැටිගත කළ යුග ගී රාශියකි. ”සැනසීම දෙයි සැමදා”, ” ජීවිත කලකදී යාවි ගෙවීලා”, ” අති සුන්දර ජය ශ‍්‍රී මහා බෝ”, ”ජනරංජන ශ‍්‍රී අනුරාධපුරේ”, ” බුදු සසුන දිලේවා”, ”නාමේ දැන් නාමේ දැන්” ඒ අතර වෙත්. මෙතුමාගේ පුත‍්‍රයන් සියලූ‍ දෙනාම පාහේ සංගීතයෙහි දස්කම් පෑහ. වැඩිමහල් පුතු හියුබට් ද සිල්වා නොහොත් එඞී ජූනියර් මහතා 1940 දශකයේ ජනප‍්‍රිය ග‍්‍රැමොෆෝන් ගායකයෙක් විය. 1950 දශකයේ ජනප‍්‍රිය චිත‍්‍රපට සහ වේදිකා නළුවෙක් මෙන්ම ගායකයෙක් ද විය. දෙවැනි පුතු බී .එඞ්වඞ් ද සිල්වා (අයිරිෂ් මාස්ටර්* ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විශිෂ්ට ශේණියේ ගායකයෙක් මෙන්ම පළමු ශේණියේ වාදකයෙක් විය. බාල පුතු බි. අර්වින් ද සිල්වා මාස්ටර් ගුවන්විදුලි ශිල්පියෙකු මෙන්ම ජනප‍්‍රිය ”තරානා” ගායන ශිල්පියෙකි. එලෙසම මෙතුමා එවකට බිහිවූ ජනප‍්‍රිය ග‍්‍රමොෆෝන් ගායකයන්න්ගේ ගුරුවරයා ද විය. ඇලන් රත්නායක, ඒ.ජේ.කරීම්, ඇම් .ඞී. චන්ද්‍රපාල, ඒ. ආර්.ඇම් ඉබ‍්‍රාහීම් එවැනි ජනප‍්‍රිය ගායකයෝ වූහ. වර්ෂ 1956 ජුනි මස 30 වැනිදා මෙම විශිෂ්ට කලාකරුවා දැයෙන් සමුගත්තේ ය.
 
 පසුගිය ශතවර්ෂයෙහි පළමු කාර්තුවෙහි මෙරට සංගීත ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රගමනය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් කළ එච්. ඩබ්ලිව් රූපසිංහ සහ බී .එඞී ද සිල්වා ගාන්ධර්වයන් දෙපලට මෙම සටහන උපහාරයක් ම වේවා!
 
 විශේෂ ස්තුතිය :
 
 ගීත තැටි සංරක්ෂක මුදිත අභයගුණවර්ධන සහ කුලසේකර මද්දුමගේ මහත්මාවරු , කලාභූෂණ ඇඹුල්දෙණියේ ලයනල් ගුණතිලක මහතා, ගීතයන් හි රාග තාල පිළිබඳ දැනුම්වත් කළ ප‍්‍රවීණ සංගීතවේදී විශාරද ජයන්ත අරවින්ද මහතා

Add new comment