නිවස විදෙස් සිනමා Netflix නෙට්ෆ්ලික්ස්යානු සිනමා සංස්කෘතියේ හොලිවුඩ් සුසමාදර්ශ මාරුවීම

Netflix නෙට්ෆ්ලික්ස්යානු සිනමා සංස්කෘතියේ හොලිවුඩ් සුසමාදර්ශ මාරුවීම

by Test User
March 14, 2024 12:31 am 0 comment

කාලාන්තරයක් තිස්සේ සිනමාව විසින් අත්පත් කරගත් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙි සමිප්‍රදාය යමි කිසි විතැන්වීමකට පත්කරන්නට නෙටිෆ්ලික්ස් වෙළඳ සමාගමට හැකියාව ලැබිණි. වර්තමානයේ ගෝලීය සිනමා සංස්කෘතියේ භූ දර්ශනය ගැඹුරු පරිවර්තනයකට භාජනය වී ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ ‘නෙටිෆ්ලික්ස්’ වැනි ප්‍රවාහ වේදිකාවල(Online Platforms) නැඟීම හේතුවෙන්. මෙම අද්විතීය පරිවර්තනය “නෙටිෆ්ලික්සියානු සිනමා සංස්කෘතිය” විචාරකයන් නාමකරණය කරයි. එය සිනමා පරිභෝජන රටාව සහ ඩිජිටල් යුගයේ චිත්‍රපට නිෂ්පාදකයින් සහ ප්‍රේක්ෂකයින් අතර විකාශනය වන සම්බන්ධතාවයේ නූතන සම්මිශ්‍රණයකි. සාම්ප්‍රදායික චිත්‍රපට ප්‍රදර්ශන ක්‍රමවෙිදට සහ ඩිජිටල් ක්ෂේත්‍රය අතර රේඛා බොඳ කරමින්, නරඹන්නන් සඳහා සමස්ත සිනමා අත්දැකීම වැඩි දියුණු කිරීමට නෙටිෆ්ලික්ස් සිනමා සංස්කෘතියට ඇති ශක්‍යතාවය වැඩි දියුණු වී තිබේ.

නෙටිෆ්ලික්ස් (Netflix )යනු හුදෙක්ම ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සඳහා මාර්ගගත ප්‍රවාහ සේවාවකි (Online streaming service).. එය ප්‍රතිස්ථාපනය වනුයේ වර්ෂ 1997 දී මාර්ගගත (ONLINE) ක්‍රමයක් ලෙස චිත්‍රපට කුලියට දෙන(Online movie rent system) සේවාවක් ලෙසයි. වර්තමානයේ එය වැඩිදියුණුවට පත්ව එනම් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ටෙලිවිෂන් නාලිකාවක් අයුරින්, අපි සාමාන්‍යයෙන් නරඹන ටෙලිවිෂන් නාලිකාවකට වඩා මෙය වෙනස් වන්නේ අන්තර්ජාලය හරහා මෙහි ටෙලි කතා (Tv shows), වාර්තා චිත්‍රපට (Documentary Films), සජීවිකරණ චිත්‍රපට (Animation Films)  හා වෘත්තාන්තමය චිත්‍රපට (Feature Films) පහසුවෙන් නැරඹීමට හැකිවීම යි. වර්තමානයේ නමි ලොව පුරා රටවල් 190කට අධික සංඛ්‍යාවක ඇමරිකන් ඩොලර් මිලියන් 158කට අධික ගෙවුම් සාමාජික සංඛ්‍යාවක් ඇති, වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 වැනි විශාල ආදායමක් උපයන දැවන්ත සමාගමකි.

‘නෙට්ෆ්ලික්ස්’ යනු සැබෑ සිනමාව නොවන බව විචාරකයන් සේම ප්‍රේක්ෂකයන්ගේ ද ප්‍රමුඛ අදහස වෙති. ඔවුන්ගේ තර්කය වනුයේ ගුණාත්මක මටිටමෙි ‘නියම’ සිනමා අත්දැකීමක් ලබා ගැනීමට නමි පුළුල් සිනමා තිරයක් සහිත පොප්කෝන් සුවඳකින් වැසුණු අඳුරු සිනමා ශාලාවකට ගොඩවිය යුතු බවයි. නිවසේ විසිත්ත කාමරයේ මධ්‍යයේ ස්ථානගත වී ඇති අඟල් විසි එකේ නවීනතම ඩිජිටල් පැතලි තිරය සහිත රූපවාහිනි යන්ත්‍රයෙන් නමි නියම සිනමා අත්දැකීමක් ලැබිය නොහැකි බව ඔවුන්ගේ අදහස වෙයි. නමුත් මෙි නියම සිනමා රසය විඳීමෙි අවස්ථාව සමිපුර්ණයෙන්ම පාහේ බිඳ දමන්නට නෙටිෆ්ලික්ස් සමාගමට වැඩිකලක් ගත වුයේ නැත. මෙතෙක් කල් හොලිවුඩ් කර්මාන්තය අත්පත් කරගෙන තිබූ  ‘Universal’, ‘Paramount’, ‘Disney’  වැනි ප්‍රධාන පෙළේ සිනමා සමාගමිවල අත රැඳී සිනමා ආධිපත්‍යට නෙටිෆිලික්ස් සමාගම දරුණු ලෙස පහර ගැසීය. නෙටිෆ්ලික්ස් ආක්‍රමණයත් සමඟ ඔවුන් රූපවාහිනි කතාමාලා නිෂ්පාදනයට සමගාමීව චිත්‍රපට සඳහා මුදල් ආයෝජනය කළා පමණක් නොව චිත්‍රපට බෙදාහැරීම ද සිදු කළේය. මෙි සමඟම නෙටිෆ්ලික්ස් ආයතනය විසින් හොලිවුඩ් සිනමා කර්මාන්තයට සෘජුවම බලපෑමි එල්ල කරමින් හොලිවුඩ් සිනමා කර්මාන්තයට ප්‍රවිෂ්ට විය. කෙටි කාලයක් තුළ නෙටිෆිලික්ස් සන්නාමය මෙතරමි ජනප්‍රිය පත් වුයේ ඇයි ද? යන්න පිළිබඳ විමසා බැලීම වටී.

 

1. නව තේමාවන් සහිත තාරුණ්‍ය ඉලක්ක කරගත් ආකර්ෂණීය රූපවාහිනි කතාමාලා නිෂ්පාදනය කිරීම.

උදා-;13 Reasons why, Sex Education, Stranger Things

2.විවිධ ශානරයන් (Genres) යටතේ නව ⁣තේමාවන් මුල්කරගෙන රූපවාහිනි කතාමාලා(Tv Series)  නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම.

උදා-; ක්‍රියාදාම(Action)  ශානරයේ “Money Heist” කතා මාලාව, අභුතරූපි(Fantasy) ශානරයේ “The Witcher” කතා මාලාව, Horror (භීම) ශානරයේ’Stranger Things’  කතා මාලාව

 

3. නෙටිෆ්ලික්ස් සන්නාමය ප්‍රවර්ධනය සහ මනා ප්‍රචාරණය

උදා -; Android App  එකක් ලෙසින් Netflix  චනන එකක් හරහා පහසුවෙන් යුතුව සිනමා රසිකයාට චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා නැරඹීමට පහසුකම් සැපයීම.

 

4.ගෝලීය වශයෙන් රටවල් ගණනාවක් පුරා Netflix  රූපවාහිනි සේවාවක් ලෙස ක්‍රියාත්මක වීම.

5.Netflix  සමාගම හරහා නිෂ්පාදනය සහ බෙදාහරින රූපවාහිනි කතා මාලාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වීම.

6.ඔස්කාර් ඇතුළු ප්‍රධාන පෙළේ සිනමා සමිමාන උළෙලයන් රැසකදි නෙටිෆ්ලික්ස් සිනමා නිර්මාණ සහ රූපවාහිනි කතා මාලා සමිමානයන්ට නිර්දේශ වීම සහ සමිමානයට පාත්‍ර වීම.

7. දත්ත මත පදනම් වූ චිත්‍රපට නිෂ්පාදනය

නෙටිෆ්ලික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම සිනමා නිෂ්පාදනයකම අන්තර්ගතය සකස් කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ මනාප මතය. ප්‍රේක්ෂකයන් දැඩි රුචිකත්වයක් දක්වන්නේ කිනමි ආකරයේ චිත්‍රපට ශානර වෙතද යන්න සලකා බලයි. මෙය නෙටිෆ්ලික්ස් සමාගම නිෂ්පාදනය කරන සෑම චිත්‍රපටයක් වෙත හෝ ටෙලි කතා මාලාවක් වෙත ප්‍රේක්ෂකයන් කිනමි ප්‍රමාණයක් මනාපය දක්වනවාද යන්න පිළිබඳ දත්ත මත පදනමි වෙයි. මෙය ප්‍රේක්ෂකයන්ගේ විශේෂිත රුචි අරුචිකම්වලට සරිලන පරිදි චිත්‍රපට නිෂ්පාදනය සඳහා වඩාත් පුද්ගලාරෝපිත සහ ඉලක්කගත ප්‍රවේශයකට තුඩු දී ඇත.

8.ස්වාධීන සිනමාකරුවන් සවිබල ගැන්වීම

සාම්ප්‍රදායික හොලිවුඩි චිත්‍රාගාර පද්ධතිවල ඇති ආධිපත්‍යයෙන් ඔබිබට⁣ ගොස් බාධාවකින් තොරව ගෝලීය වශයෙන් විවිධ රටවල ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයින් සඳහා නෙටිෆ්ලික්ස් නිදහස් අවකාශයක් සපයා ඇත. නැවුමි තේමාවන් සහිත නවක අධ්‍යක්ෂවරයන් වෙත තම නිර්මාණ සඳහා නෙටිෆ්ලික්ස් සන්නාමයක් ලෙස පහසුකම් සපයයි.

Netflix  සංස්කෘතියක් බවට පත්වෙමින් ලොවපුරා සිටින තරුණ ප්‍රජාව සහ සිනමා රසිකයන් අතර ජනප්‍රිය වීම නිසා ම ආසියානු කලාපයේ සිනමාවටද, විශේෂයෙන් බොලිවුඩි සිනමාවට, කොරියානු සිනමාවට නෙටිෆ්ලික්ස් ආයතනය මෙයාකාරයෙන් විවිධ රටවල සිනමාවන්ට මුදල් ආයෝජනය කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි.”Sacred Games” නමි ඉන්දියානු කතා මාලාවට නෙටිෆිලික්ස් සමාගම නිෂ්පාදන දායකත්වය සිදු කිරීම සහ’The Innocent”රූපවාහිනි කතා මාලාව සඳහා නිෂ්පාදන දායකත්වයෙන් සහ බෙදාහැරීම සිදු කිරීම මීට නිදසුන් වෙි. නෙටිෆ්ලික්ස් යනු නව සිනමා රසිකයන්ගේ ප්‍රියතම සන්නාමයක් බවට පත් වී හමාර ය. එය විශේෂයෙන් Covid19  වැනි ගෝලීය වසංගත තත්ත්වයක් තුළ ගෘහයට කොටු වු සිනමා ප්‍රේක්ෂකයාට, සිනමා ශාලා වසා තිබුණු අවධියක නෙටිෆිලික්ස් හරහා ප්‍රේක්ෂකයාට නිවසේ ආලින්දයේ සිටම නවතම චිත්‍රපට නරඹන්නට අවකාශය සැලසිණි. ගෝලීය සිනමාවක් වශයෙන් හොලිවුඩි සිනමා කර්මාන්තය තුළ මෙතෙක් චිත්‍රාගාර හිමිකාරිත්වය ඉවතට තල්ලු කරමින් නෙටිෆිලික්ස් සිනමාව විසින් චිත්‍රපට, එහි ආකෘතිය වීඩියෝ, කේබල්, චන්ද්‍රිකා, සංයුක්ත තැටි හෝ අන්තර්ජාල අවකාශය දක්වා වෙනස් කරමින් සිටියි. සෞන්දර්ය සංකල්පය, තාක්‍ෂණය වාහකය සමඟ ගමන් කරද්දි නිරායාසයෙන්ම මුදල් සමඟ බැඳෙයි. නෙටිෆ්ලික්ස් සමාගම වසරකට බිලියන ගණනින් මුදල් උපයන්නේ යටකී කාරණ පෙරදැරි කරගෙන ය.

නෙටිෆ්ලික්ස් සිනමා වෙළඳපොළ සුසමාදර්ශය තීව්‍ර ව පරිවර්තනය වීමකි. එය තාක්‍ෂණික සුසමාදර්ශයේ ප්‍රතිඵලයකි. නෙටිෆ්ලික්ස් සමාගම සිනමා කලාව විකුණා මුදල් උපයන්නේ මෙම තාක්‍ෂණික සුසමාදර්ශට එසේත් නැතිනමි තාක්‍ෂණික පරිවර්තනයට පින්සිදු වන්නටය. විශේෂයෙන් භුමිඅතික්‍රමණික අවකාශයක් (supraterritorial space)  තුළ අධිලාභ ජනනය කරන දැවැන්ත ව්‍යාපාරයක් බවට නෙටිෆ්ලික්ස් සමාගම අද පත් ව ඇත. එක පසෙකින් තාක්‍ෂණික සුසමාදර්ශයට මෙම නෙටිෆිලික්ස් සිනමාව සමිමාදමි වෙයි. ඉතිහාසය අපට යමක් ඉගැන්වූයේ නම්, එක් තාක්ෂණයක් බොහෝ විට තවත් තාක්ෂණයක් යටත් කර ගනී. දැන් අපි උල්පතේ පෑනෙන් බෝල් පොයින්ට් පෑන වෙත හුවමාරුව අවසානයේ පරිගණකය වෙත පැමිණ ඇත. ගෝලීය ප්‍රවේශයත් සමඟම, නෙට්ෆ්ලික්ස් යනු සිනමා කර්මාන්තය තුළ සිනමා තාක්‍ෂණයේ සුසමාදර්ශ මාරුවකි. නෙටිෆ්ලික්ස්යානු සිනමා සංස්කෘතිය හුදු ප්‍රවණතාවක් පමණක් නොව චිත්‍රපට කලවෙි අනාගතය හැඩගස්වන පරිවර්තනීය බලවේගයකි.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT