රූපවාහිනියේ ක්‍රයිම් සීන්

නොවැම්බර් 1, 2018

 ක්‍රයිම් සීන් නමින් රහස් පරික්ෂක ක්‍රියාදාම කතා මාලාවක් ඉකුත් ඔක්තෝබර් අග සිට ජාතික නාළිකවේ විකාශය ඇරැඹිණ. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී නවයට එම නාළිකාව ඔස්සේ මෙය විකාශය වේ.

ක්ලීටස් මෙන්ඩිස්, අමිත්ත වීරසිංහ, සනත් විමලසිරි, කලණ ගුණසේකර, තුෂිනි ප්‍රනාන්දු, ඩිස්නි රාජපක්ෂ, හිමායා බණ්ඩාර, සඳනි ප්‍රනාන්දු, සංගීත් ප්‍රභූ, ගෝවින්ද නවරත්න, දිනේෂ් සිල්වා මෙහි රඟපාන නළු නිළියන්ය. ක්‍රයිම් සීන් යූ. ඒ. පල්ලිය ගුරුගේ අධ්‍යක්ෂණයකි. ඔහු සුපර් සික්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන අතර පැණි මකුළුවෝ මෙන්ම සාමා චිත්‍රපට නිෂ්පාදනය කොට තිබේ.

Add new comment