අස්වැන්න නිම වෙයි

නොවැම්බර් 8, 2018

සැම්සන් කුමාරගේ දිගු කලකට පසු අධ්‍යක්ෂණය කළ අස්වැන්න ටෙලි සිතුවමේ සියලු වැඩ කටයුතු ඉකුත් දා නිම විය. 1971 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ජයසේන ජයකොඩි සූරින්ගේ අස්වැන්න නවකතාව ඇසුරෙන් මෙම ටෙලි සිතුවම නිර්මාණය විය.

ජගත් චමිල, ඩබ්ලිව්. ජයසිරි, ක්ලීටස් මෙන්ඩිස්. පාලිත සිල්වා. රශිප්‍රභා සංදීපනී, රින්ස්ලි වීරරත්න, ජගත් බෙනරගම, නිල්මිණි තෙන්නකෝන්. මාලි ජයවීරගේ. රෝහිණී වික්‍රමආරච්චි, උපුල් වීරසිංහ ඇතුළු නළු නිළියන් රැසක් අස්වැන්න සඳහා රංගනයෙන් දායක වෙති.

අජිත් ගුණතිලක අස්වැන්න ටෙලි නිර්මාණයේ නිෂ්පාදකවරයාය. ගාමිණී කොස්තා අංග රචනයෙන් දායක විය. තුෂාරි ජයසිංහ සහ සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂවරුන්ය. චිත්‍රා විජේරත්නගේ ඇඳුම් නිර්මාණයකි. අස්වැන්නහි පසුතල නිර්මාණය ප්‍රේමනාත් ජයසේකරගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.