වර්ෂ 2019 ක්වූ December 10 වැනිදා Tuesday
දෙරණට රාවණා එයි. අති දැවැන්ත ටෙලි නිර්මාණයක්

මහා රාවණ රජුගේ ජීවිත කතාවේ එක් පැතිකඩක් අලළා නිර්මාණය වූ අති දැවැන්ත ටෙලි සිතුවමක් මෙම මස 25 වැනිදා සිට දෙරණ නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ වේ.
එදින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට එය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් විකාශය වනු ඇත. හෙළ ජන මූලාශ්‍ර ගවේෂණ සහ පර්යේෂණ ඇසුරෙන් මෙහි රූපවාහිනි රචනය සිදු වී ඇති අතර අති දැවැන්ත පිරිවැයක් යොදා මෙය නිෂ්පාදනය වී තිබේ.
අමිත්ත වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ශ්‍යාම් ප්‍රනාන්දු, අනුරාධ මල්ලවාරච්චි, චතුර රාජපක්ෂ, පූජන දන්දෙණිය, චමීර ශානක, ශ්‍රීමාලි ෆොන්සේකා, රංගි රාජපක්ෂ, අනුරාධා එරිසිංහ, ඩිස්නි රාජපක්ෂ, දූලංජලී සෙව්වන්දි, තාරියා කෙනඩි, නුවංගි ලියනගේ, අජිත් වීරසිංහ, සුජීවා ඩයස්, කසුනි කාවින්දි, අතුල ජයසිංහ, වසන්ති රන්වල, පියුමි ශ්‍රීනායක සහ ධනුෂ්කා ජයරත්න රාවණ රංගනයෙන් හැඩ කරති.
ගවේෂණය, කතාව සහ අධ්‍යක්ෂණය කුෂාර තෙන්නකෝන් විසිනි. චරිත් කොතලාවල විධායක නිෂ්පාදකවරයාය. කතා රචනය මධුරංග වීරසිංහගෙනි. කුලරුවන් ගමගේ කැමරා අධ්‍යක්ෂවරයාය. සරත්චන්ද්‍ර ජයවීර කලා අධ්‍යක්ෂවරයාය.
නිමේෂ් කුලසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. උදය ප්‍රසන්නගේ සහාය අධ්‍යක්ෂණයකි. බුවනෙක රණවක අංග රචනයෙන් එක් වෙයි. කසුන් මලින්ද පරිගණක සජීවිකරණයෙන් ද කාලංග ගිහාන් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග සංයෝජනයෙන් ද, චානක සංජීව දෙවැනි කැමරා අධ්‍යක්ෂණයෙන් ද රාවණා ටෙලි සිතුවම හා එක් වෙති. රංග වස්ත්‍ර ලක්ෂ්මන් විජේරත්නගෙනි. චන්දන ශ්‍රි සුදාරක නිෂ්පාදන කළමනාකරුය.