ප්‍රදීප්ගේ තෛ‍්‍රලෝකා 14 දා

දෙසැම්බර් 13, 2018

නිවේදකයකු ලෙස ක්ෂෙත්‍රයට පිවිස නළුවකු බවට පත්ව අනතුරුව අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රදීප් ධර්මදාසගේ මීළඟ ටෙලි සිතුවම මෙම මස 15 වැනිදා එනම් එන සෙනසුරාදා සිට සති අන්තයේ දිනවල රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. තෛ‍්‍රලෝකා නම් වන එය ගමක ජිවත් වන විවිධ ජාතීන්ට අයත් තරුණයන් කිහිප දෙනෙකු එක්ව ගොඩ නාගා ගත් පාපන්දු කණ්ඩායමක් වටා දිග හැරෙන කතාවක් ඔස්සේ නිර්මාණය වූවකි. ශ්‍රියන්ත මෙන්ඩිස්, උමයංගනා වික්‍රමසිංහ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, දයාදේව එදිරිසිංහ, පූජන දන්දෙණිය, කෝරළගේ සමන්, නිරංජනි ශන්මුගරාජා, වසන්ති රන්වල, ආනන්ද කුමාර උන්නැහේ, මයුර කාංචන, සරත් කරුණාරත්න, ජෙහාන් අප්පුහාමි, කසුනි කාවින්දි, සංජීව දිසානායක, ගාමිණී ජයරත්න, හරිඳු රංගජිත් අබේසූරිය ඇතුළු පිරිස මෙහි චරිත මවති.

මාලක රණසූරිය සහ නිලන්ත පෙරේරා තෛ‍්‍රලෝකා රචකයන්ය. කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්තිගෙනි. ජීවන මනරම් විධායක නිෂ්පාදනයෙන් එක් වේ. ලක්රුවන් ද සේරම් සංස්කරණ ශිල්පියාය. විශ්ව සංකල්ප ඇල්දෙණිය සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. නාරද තොටගමුවගේ අංග රචනයකි. අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂවරයාය. චාමර සේලාර සහාය අධ්‍යක්ෂවරයා වේ. මේඝ කාවින්ද කොළඹගේ වර්ණ සංයෝජනය සිදු කොට ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.