මරු සිරාගේ කතාව පුංචි තිරයට

ජනවාරි 3, 2019

70 දශකයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ දෙද්දුව ජයතුංගගේ සිරිපාල හෙවත් මරු සිරා චරිතය පාදක කර ගනිමින් තැනෙන ටෙලි සිතුවමේ රූපගත කිිරීම් මෙම මස දෙවැනි සතියේ සිට ආරම්භ වනු ඇත. මෙයට ප්‍රථම එම චරිතය ඇසුරෙන් සිනමාපටයන් නිර්මාණය වුව ද ටෙලි සිතුවමකට මරු සිරාගේ කතාව අන්තර්ගත වන්නේ ප්‍රථම වතාවටය. අමරනාත් ජයතිලක සිරිපාල හා රන් මැණිකා යනුවෙන් තැනු චිත්‍රපටයට ද, ටයිටස් තොටවත්ත මරුවා සමඟ වාසේ චිත්‍රපටයට ද යොදා ගත්තේ එම චරිත කතාවය. එදා රවීන්ද්‍ර රන්දෙණිය හා විජය කුමාරතුංග රඟපෑ මරු සිරා චරිතය මෙවර ටෙලිවිෂනයේදී නිරූපණය කරන්නේ හර්ෂ තෙන්න්කෝන් විසිනි. මරු සිරා ටෙලි නිර්මාණය සංජීව සමරවීරගේ රචනයකි. කොටස් හැටකින් යුතු මෙය ධනුෂ්ක රත්නායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි. නිෂ්පාදනය ගයාන් දිනේෂ් පෙරේරාගෙනි.

 

Add new comment