රයිගම් ටෙලීස් පලිඟු ජයන්තිය මාර්තු 23 වැනිදා

ජනවාරි 3, 2019

ලාංකේය ටෙලි සහ සිනමා සම්මාන උලෙළට නවාංග රාශියක් එකතු කළ රයිගම් ටෙලිස් සම්මාන උලෙළේ මෙවර පලිඟු ජයන්තිය සමරමින් 2018 වර්ෂය සඳහා වූ සම්මාන උලෙළ ලබන මාර්තු 23 වන දින නෙළුම් පොකුණ රංග ශාලාවේදී පවත්වනු ඇත.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිය දින සිදු විණි. එහි නිර්දේශිත නාම සන්ධ්‍යාව මාර්තු පළමු දින කොලඹ කිංස්බරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2018 වසරේ ටෙලි නිර්මාණ ඇතුළු නිර්මාණ පිළිබඳ පූර්ව විනිශ්චය කටයුතු මේ දිනවල සිදු කරන බව වාර්තාවේ.

Add new comment