ලංකා අන්දරය TV

ජනවාරි 31, 2019

60, 70 දශකයන් වන විට ලෝක පරිමාණ දේශපාලන හැඩතල වෙනස් වෙමින් පැවතිණි. ලිබරල් කොමියුනිස්ට් සහ ජාතිකත්ව යන විභේදනයන් තුන යටතේ ලෝක දේශපාලනය ක්‍රියාත්මක විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව වියැකී ගිය බලාධිපත්‍යය නව යටත් විජිතකරණ ක්‍රමෝපායන් මඟින් පිළිසකර කර ගෙන නැවත පතුරුවාලන්නට අමෙරිකාව ප්‍රධාන බටහිර රටවල් විසින් කැස කවන ලදී. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එය යටතේ පාලනය වන සංවිධාන උපයෝගි කර ගන්නා ලදී. මෙයින් ඔවුන් බලාපොරොත්තු වූයේ දේශ දේශාන්තරවල මායිම් බැමි බිඳ දමමින් එකම (ලිබරල්) ආර්ථිකයක් සහ එහිම ඵලයක් ලෙසට එකම (ජනප්‍රිය) සංස්කෘතියක් රට රටවල්වල ස්ථාපිත කරමින් මානසිකව තමන්ගේ අණසකට එම රටවල් නතු කර ගැනීම වේ. මේ අධිපතිවාදී මතය නිල වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ 1975 සැප්තැම්බර් මස 24 වැනි දින නයිරෝබි නුවර දී පැවැත් වූ සමුළුවේ එවකට ලෝක බැංකු අධිපතිව සිටි රොබට් මැක්නමාරා විසින් පවත්වන ලද දේශනයත් සමඟය. ඔහු එහිදී ප්‍රකාශ කර සිටින්නේ තවදුරටත් පැරැණි සුබසාධනවාදී ආර්ථිකයට ඉදිරියට යාමට අපහසු බවත්, එයට අලුත් හැරවුමක් අවශ්‍ය බවත් යන්නය. මේ සඳහා ඔහු යෝජනා කර සිටියේ ඒකාධිකාරී ගෝලීය ප්‍රාග්ධනයට සීමාවකින් තොරව තමන්ගේ රටවල් විවෘත කරන ලෙසටය.

මෙයට ප්‍රතිචාර දැක් වූ අප රට එවකට පාලනය කළ 70 - 77 සමඟි පෙරමුණ සුබසාධන රාජ්‍යයේ දක්ෂිණාංශික පිලට නායකත්වය දුන් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ බටහිර රටවල් විසින් අලුතෙන් එළි දක්වන ලද මෙම න්‍යාය පත්‍රයට අනුගත වන ලෙසටය. එහි ප්‍රතිඵලය වූයේ සමඟි පෙරමුණ රජයේ හවුල්කාර පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂය සහ එම රජයේ තවත් හවුල් පක්ෂයක් වූ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික මතවාදය දැරූ කණ්ඩායමක් සමඟ රජයෙන් ඉවත් වීම වේ.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.