ලංකා අන්දරය TV

පෙබරවාරි 7, 2019

ඇන්. ඇම් වෙනුවට ෆීලික්ස්

රජයේ මුදල් අමාත්‍යවරයා වූ ඇන්. එම්. පෙරේරා මහතා වෙනුවට ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මුදල් අමාත්‍ය ධුරයට පත් විය. එහෙත් එජාපයේ දක්ෂිණාංශික මුහුණුවරට නායකත්වය දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා බටහිර රටවල් ඔස්සේ ඒ වන විට ක්‍රියාත්මකව තිබුණු ලිබරල් ආර්ථික ක්‍රමයට දැඩි ලෙස ආසක්තව සක්‍රීයවීමේ ප්‍රතිඵලය වශයෙන් ෆීලික්ස් ප්‍රධාන සමඟි පෙරමුණ රජය පෙරළා දමා 1977 දී එජාප රජයක් පිහිටුවීම සඳහා ජන වරමක් ලැබුවේය. ලිබරල් ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ගති ලක්ෂණය වන්නේ රාජ්‍යයන් විසින් ජනතාව වෙනුවෙන් තීව්රව පවත්වාගෙන යන සුබසාධනවාදී ආර්ථික ක්‍රමවේදයන් අහෝසි කර දමමින්, එම කාර්යභාරයෙන් ක්‍රම ක්‍රමයෙන් නිදහස් වීම වේ.

77 දී බලයට පත්වන ජේ. ආර්. ජයවර්ධන රජය එතෙක් සුබසාධනවාදී (සංවෘත) ආර්ථිකයක් ඔස්්සේ ගමන් කරන ලද රාජ්‍යය ඉන් මුදවා ගෙන විවෘත (ලිබරල්) ආර්ථික ක්‍රමෝපායන් ඔස්සේ බටහිර රටවල්වලට හොඳ වෙලඳපොළක් අප රටේ ඇති කිරීමට උත්සුක වූයේය. ඒ සඳහා සමාජයීය, ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, දෘෂ්ටිවාදී වශයෙන් ජනතාව නැඹුරු කර ගැනීමේ අලුත් විධි ක්‍රමයන් සොයා යාමට එම රජයට දැඩිව අවශ්‍ය විය. වර්ණ රූපවාහිනී මාධ්‍යය කඩිනමින් ලාංකික ජනතාවට හඳුන්වා දීම එහි ප්‍රබල ආයුධයක් වන බව ඔවුහු තේරුම් ගත්හ. ඒ වන විට ඉන්දියාවේ රාජ්‍ය රූපවාහිනී නාළිකාව වන දූරදර්ශන් රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ සියලුම වැඩසටහන් කළු - සුදු පමණක්ම විය. එහෙත් වර්ණ රූපාවලියකින් අප රටේ ජනතාවගේ ඇස් අන්ධකාරයෙන් බැඳ දැමීමට හැකි වන බව එදා සිටි අද දක්වාම බලයට පත්වන රජයන් හොඳාකාරවම දැන සිටියි.

77 රජය පිහිටුවා වසර පහක් සපිරෙන විට රජය යටතේ පූර්ණව ක්‍රියාත්මක වන රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට එම රජය පොහොසත් විය. එහෙත් ඒ වන විට රූපවාහිනී සේවයක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත යටතේ අයදුම්පත් කැඳවා තිබිණ.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.