ලංකා TV අන්දරය

රස්නය වැඩිවී ගින්න ඇවිළෙයි
මාර්තු 7, 2019

ජාතික රූපවාහිනිය ජාතියට දායාද කිරීමේ මහෝත්සවයේදී වේදිකාවේ පසුතලය ගිනි ගැනීමට හේතු වූ කරුණ පසුව සොයා බැලිමේදී බලධාරින් හට නිරීක්ෂණය වූයේ පාලිත පෙරේරාගේ රුව ආලෝකමත් කිරීම සඳහා ලබා දී තිබූ ප්‍රධාන ආලෝක කදම්භයේ (ම්ඥර ඹ්ඪඨඩබඑක) රස්නය වැඩිකමට වේදිකාව පසුපස අලංකරණයට සරසා තිබූ ජෝජට් රෙද්දට ගිනි ඇවිලී ඇති බවය. රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවේශය හේතුවෙන් මුළු රටම ගින්නෙන් වෙලාගත් අයුරු සංකේතවත්ව එසේ පෙන්නුම් කර ඇති බව ප්‍රකාශ කර සිටිමින් පෙළක් විචාරකයෝ ජාතික රූපවාහිනියේ සමාරම්භක උත්සවය විවේචනය කරන්නටද පෙලඹූණහ.

1977 බලයට පත් වූ ජේ. ආර්. රජයේ දෘෂ්ටිවාදයට වාහකයක් වෙමින් රූපවාහිනී මාධ්‍යය එසේ කරළියට පැමිණීම සම්බන්ධයෙන් පූජ්‍ය සහ ගිහි පක්ෂයේ සමහර බුද්ධිමතුන්ගෙන් දැඩි විවේචන එයට එල්ල විය.

Add new comment