මාලිනියගේ ප්‍රධානත්වයෙන් රයිගම් ටෙලීස් 23 දා පසුවිපරම 27දා

මාර්තු 21, 2019

රයිගම් ටෙලීස් 2019 අති උත්කර්ෂවත් අන්දමින් මෙම මස 23 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වනුයේ හෙළ නිළි රැජින ආචාර්ය මාලිනී ෆොන්සේකාය. පහළොස් වැනි වරට පවත්වනු ලබන රයිගම් ටෙලීස් 2019 සඳහා ඉකුත් වසරේ විකාශය වූ ටෙලි සහ වෙනත් රූපවාහිනී වැඩසටහන් ඇතුළත් වේ. එහි ජනප්‍රියම නළු නිළි සහ ටෙලි නාට්‍ය සම්මාන ජනතා මනාප මඟින් තෝරා ගනු ලබන අතර ඒ වෙනුවෙන් අති විශාල තරගකාරිත්වයක් මේ දිනවලදී දක්නට ලැබේ.

උලෙළේ සම්මාන පිළිබඳ පසුවිපරම් කතිකාව 27 වැනිදා 3.30ට කොළඹ ගී‍්‍රන්පාත් නව නගර ශාලාවේදී පැවැත්වේ.

එහි වියත් දෙසුම ආචාර්ය ටියුඩර් වීරසිංහගෙනි. සමායෝජක මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරය. සංවිධානය ටෙලිනිස හා කොළඹ මහනගර සභා පුස්තකාල උපදේශක කමිටුව මඟිනි.

 

Add new comment