රූපවාහිනියට සුදු ඇඳගෙන කළු ඇවිදින්

මාර්තු 21, 2019

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තාගේ නවතම ටෙලි නිර්මාණය සුදු ඇඳගෙන කළු ඇවිදින් ඉකුත් සඳුදා සිට විකාශය වීම ආරම්භ විය. එය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී නවයයි තිහට ජාතික නාළිකාවේ විකාශය වනු ඇත. මවක සහ දියණියකගේ ජීවන අරගලයක් හා සබැඳි කතා පුවතක් ඔස්සේ අධ්‍යක්ෂවරයා විසින් රූපවාහිනි රචනය කරනු ලැබූ මෙහි ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, වීණා ජයකොඩි, සරත් කොතලාවල, උමයංගනා වික්‍රමසිංහ, ආනන්ද කුමාර උන්නැහේ, මිෂෙල් දිල්හාරා ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති. සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂවරයාය. අජන්ත අලහකෝන්ගේ කලා අධ්‍යක්ෂණයකි. ලක්මා වීරසේකර ඇඳුම් නිර්මාණයෙන් එකතු විය. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. දිනේෂ් සුභසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් නාට්‍යය රස ගන්වයි.

මෙහි අධ්‍යක්ෂ සුනිල් මීට ප්‍රථම සිරි සිරිමල්, රෝද හතරෙ මනමාලයා, සිහින වසන්තයක්, සුදුයි උසයි, ෂර්ලොක් හොම්ස්, පියස, පින්සර දොස්තර වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කොට තිබේ.