රයිගම් ටෙලීස් පළිඟු ජයන්ති උලෙළ දා තියුණු තරඟයකින් කූඹියෝ ජය ගනිති

මාර්තු 28, 2019

රයිගම් ටෙලීස් සම්මාන උලෙළ 15 වැනි වරටත් පසුගිය 23 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ. ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙනි. රයිගම් සම්මාන පළිඟු ජයන්ති උලෙළ ඉතා උත්කර්ෂවත් වුවා මෙන්ම තරඟකාරී අතින් ඉහළ අගයක් ගත්තේය. මේ එහි සම්මාන පිදුණු ආකාරයයි.  

විශේෂ ප්‍රණාම සම්මාන

රවින්ද්‍ර ගුරුගේ

හේමසිරි ලියනගේ

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය

ශ්‍රියානි අමරසේන

 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

හොඳම නළුවා - රොෂාන් රවීන්ද්‍ර (අජන්ත) - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය

හොඳම නිළිය - චාන්දනී සෙනෙවිරත්න (මව) - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ලක්මාල් ධර්මරත්න - කුඹියෝ - ස්වාධීන රූපවාහිනිය

ටෙලි නාට්‍යය - කූඹියෝ - නිෂ්පාදක - අසංක දොඩන්තැන්න - ස්වාධීන රූපවාහිනිය

වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව - ස්වාධීන රූපවාහිනිය

2018 සම්මානනීය නාලිකාව - ස්වාධීන රූපවාහිනිය

 

නැඟී එන ටෙලි නාට්‍ය නළුවා - ඇන්ඩෘ පුල්ලේ (ටිරාන්) - කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

නැඟී එන ටෙලි නාට්‍ය නිළිය - තෙරුණි ආශංසා පීරිස් (සරෝ / ඈන්) - බැද්දට සඳ - ජාතික රූපවාහිනිය

සහාය නළුවා - කළණ ගුණසේකර (ප්‍රියන්ත මහඋල්පතගම) - කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

සහාය නිළිය - උදයන්ති කුලතුංග (සුරංගි) - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය

තිර රචනය - නාමල් ජයසිංහ - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය

ඒකාංගික ටෙලි නාට්‍යය - මී කූඩුව - තිසර ඉඹුලාන - ජාතික රූපවාහිනිය

ටෙලි චිත්‍රපටය - ගිරි දුර්ග - දිලුක ප්‍රසාද් ගුණතිලක - ටීවී දෙරණ

 

ජනප්‍රිය සම්මාන

ජනප්‍රියතම ටෙලි නාට්‍ය - වෙස් - ස්වර්ණවාහිනී

ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - රවීන් කණිෂ්ක

ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමආරච්චි

 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

ටෙලි නාට්‍ය අංග රචනය - නලින් ප්‍රේමතිලක සහ හර්ෂ මංජුල - මිණි ගං දෑල - සිරස ටීවී

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත - මිණි ගං දෑල - සිරස ටීවී

කැමරාකරණය - ස්ට්‍රයිනර් ඇඩම්ස් - කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

ශබ්ද නිර්මාණකරණය - කිංස්ලි රාජපක්ෂ, ප්‍රදීප වදකාරගෙදර සහ රංජන් සෙනෙවිරත්න - කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

සංස්කරණය - දමිත චන්ද්‍රසිරි - කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ ධර්මකීර්ති - තාත්තා - සිරස ටීවී

ගීත රචනය - කුමාර ලියනගේ - තාත්තා (අර හීන් අඬට දිය පෑරෙන ගීතය) - සිරස ටීවී

ගායකයා - රෝහණ ධර්මකීර්ති - තාත්තා (අර හීන් අඬට දිය පෑරෙන ගීතය) - සිරස ටීවී

ගායිකාව - බුද්ධිනී තනුරිකා වැලිවිට - සහෝදරයා (ඉතිහාසයේ ආදරේ පුරාවත ගීතය) - ස්වාධීන රූපවාහිනිය

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) කළිඳු කරුණාරත්න - ටීවී දෙරණ

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) - නිෂාන්ති දිල්රුක්ෂි - ස්වාධීන රූපවාහිනිය

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (දමිළ) - කේ. සම්භාවි - නේත්‍රා ටීවී

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (ඉංග්‍රීසි) - බර්නඩින් ජයසිංහ - ටීවී 1

රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) - චානු දිසානායක - සිරස ටීවී

රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ) - ප්‍රනීතා කෝනේෂ්වරන් - නේත්‍රා ටීවී

රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි) - ෆාතිමා ශරිෆා තාහීර් - චැනල් අයි

නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන - ශ්‍රී ලංකා ගොට් ටැලන්ට්- ධම්මික ෆොන්සේකා - වරුණ කරුණාරත්න - කුමුදු අබයදීර - සිරස ටීවී

රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය - දෙරණ ප්‍රයිම් ටයිම් නිව්ස් - ටීවී දෙරණ

සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව (සම සම්මානය) - සිරස ටීවී සහ ටීවී දෙරණ

 

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන - මුතුහර - (නෙළුම් විල) - උදාන්ත කමල් ගුණතිලක - ජාතික රූපවාහිනිය

රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - දිනන ළමයි - කවිඳු ප්‍රනාන්දු සහ සාරංග පතිරණ - හිරු ටීවී

රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - - සෙල්ෆි - ඩබ්. එම්. මාලතී වීරසිංහ - ජාතික රූපවාහිනිය

රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන - හිරු නැණ කිරුළ (ධ්ධ් අදියර) - ටිලින අමල් දර්ශන සහ චතුර ජයසුන්දර - හිරු ටීවී

රූපවාහිනී වාර්තා වැඩසටහන - සියපතක ගමනාන්තය - ජයමිණි ඉලේපෙරුම ගම්ලත් - ජාතික රූපවාහිනිය

රූපවාහිනී පුවත් විශේෂාංගය - අද දවස - (වස විස නැති කෙසෙල්) - එස්. එච්. අනුර ප්‍රියදර්ශන - ස්වර්ණවාහිනී

රූපවාහිනී සංගීත වැඩසටහන - සුළං කුරුල්ලෝ - ශානක රණතුංග සහ විරාජ් හෙට්ටිආරච්චි - සිරස ටීවී

රූපවාහිනී හඬකැවීම - අධිරජ ධර්මාශෝක - රංජීවනි බැද්දේවිතාන - ටීවී දෙරණ

රූපවාහිනී සඟරාමය වැඩසටහන - කලාබර - ආර්. ඒ. දුශාන්ත දර්ශන - ස්වාධීන රූපවාහිනිය

රූපවාහිනී කථිකා වැඩසටහන - ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය (අරුවක්කාලු අපද්‍රව්‍ය ව්‍යාපෘතිය) - රන්දික හෙට්ටිආරච්චි සහ රශික දිනේෂ් ධර්මරාජා - සිරස ටීවී

ජූරියේ කුසලතා සහතික -

ඩිහාන් කවීෂ - රංගනය - නිබ්බුතා නූන සාමාතා

හිමායා සමුදි විතාරණ - රංගනය - ගිරිදුර්ග

ජූරියේ කුසලතා සම්මාන

අංජන ප්‍රේමරත්න - රංගනය

ජනජීව වේහැල්ල - නිෂ්පාදනය

සද්ධා මංගල සූරිය බණ්ඩාර - කෝටිපතියෝ ගීත රචනය

දිනේෂ් දිසානායක - සංගීතය

ශ්‍යාමෙන් දංගමුව - ගායනය

ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන

අයි. ඩී. ඒ. ප්‍රියන්ජන් - නිෂ්පාදනය

පරාක්‍රම ජයසිංහ - රංගනය

ඩිල්කා සමන්මලී - 360ෟ

චරිත් අබේසිංහ - මිණිගංදෑල - අධ්‍යක්ෂණය

    

 

Add new comment