සඳ විමන ඇරැඹෙයි

අප්‍රේල් 25, 2019

රංගන ශිල්පිණී විනෝජා නිලන්ති නිෂ්පාදනය කළ නවතම ටෙලි සිතුවම සඳ විමන නම් වෙයි. එහි මුහුරත් උලෙළ ඉකුත්දා පැවැත්විණි. ලක්ෂ්මන් පුෂ්පකුමාර රූපවාහිනී රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන මෙම ටෙලි සිතුවමෙහි විශ්ව කොඩිකාර, උදයන්ති කුලතුංග, විදුෂි උත්තරා, රොෂාන් පිලපිටිය, බුද්ධික ජයරත්න, රුවන්ති මංගලා, මහේන්ද්‍ර වීරරත්න, කුසුම් පෙරේරා, නිමල් ඇන්තනි, මධුරංග අබේසිංහ සමඟ විනෝජා නිලන්ති රංගනයේ යෙදෙති.

Add new comment