අශේන්ගේ සුසුම ජාතික රූපවාහිනියේ

ජුනි 13, 2019

රංගන ශිල්පී අශේන් මංජුල අධ්‍යක්ෂණය කළ ‘සුසුම’ ඒකාංගික ටෙලි නාට්‍යය මෙම මස 16 වැනිදා එනම් පොසොන් පෝදා දහවල් 1 ට ජාතික නාළිකාවේ විකාශය වේ. සරත් චන්ද්‍රසිරි, සුලෝචනා වීරසිංහ, නයනා හෙට්ටිආරච්චි සහ නෙස්ටා මානෙත් මෙහි චරිත රංගනයේ යෙදෙති. සුසුම නාට්‍යයේ රූපවාහිනී රචනය අශේන් මංජුලගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් සංජීව කුමාර එක්ව තිබේ. ප්‍රියන්ත ඊෂ්වරගේ අංග රචනයකි. සුනිල් එදිරිසිංහ ගායනයෙන් රස ගැන් වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේගෙනි. ප්‍රියල් ප්‍රනාන්දු පසුතල නිර්මාණය කොට ඇත. සුසුම ඒකාංගික නාට්‍යය අයි. සී. ඒ. එන්. ඇඩ්වටයිසිං ආයතනයේ නිෂ්පාදනයකි.

Add new comment