උදාරි පෙරේරා පණපිටින් වළදාලා

සියතට ‘‘ඉත්තෝ’’ පැමිණෙයි
ජුනි 27, 2019

ඔහු ‘‘සිංහාවලෝකනය’’, ‘‘ස්පන්දන’’, ‘‘නිදහසේ පියා. ඩී.එස්.’’ වැනි සිනමා කෘති තුළින් ද, ‘‘මිල්ලෑව වලව්ව’’, ‘‘ආයෙමත් ආදරෙන්’’ හා ‘‘චංචල රේඛා’’ වැනි ප්‍රේක්ෂක අවධානයට හා ආකර්ෂණයට නතු වූ ටෙලි සිතුවම් තුළින් ද පේ‍්‍රක්ෂකයා ඇමතී ය. ඒ තුළින් ඔවුන් හා මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට මේ නිර්මාණකරුවා සමත් විය. මෙවර ඔහු තාරුණ්‍යයේ නෙත් සිත් ඉලක්ක කර ගනිමින් වෙනස් මානයක් ගත් ‘‘ඉත්තෝ’’ ටෙලි නාට්‍යය සමඟින් යළිත් පුංචි තිරයේ ප්‍රේක්ෂකයා අතරට පැමිණ ඇත. ඔහු සුනෙත් මාලිංග ලොකුහේවා යි. ‘‘ඉත්තෝ’’ ටෙලි නාට්‍යය පිළිබඳව ඔහු හා යෙදුණු සුහද පිළිසඳරකි මේ. ඉත්තෝ නාට්‍යය සතියේ දින පහේම රාත්‍රි 8ට සියත නාලිකාවේ විකාශය වේ.

ඇත්තටම මොකක් ද මේ ‘‘ඉත්තෝ’’ කියන්නේ?

කෙටියෙන් ම කියනව නම් ඉත්තෝ කියන්නේ අභිරහස් මිනීමැරුම් දාමයක මිනීමරුවන් හඹා යන රහස් පරීක්ෂක කතාවක්.

ඔබ මෙවැනි තේමාවක් තෝරා ගත්තේ ඇයි?

මම හැම මොහොතකම උත්සාහ කරන්නේ සහ හිතන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නා නිර්මාණ ඔවුන් වෙත ඉදිරිපත් කරන්නයි. ඒ අනුව යමින් තමයි ‘‘ඉත්තෝ’’ ටෙලිනාට්‍යය නිර්මාණය වුණේ. මට දැනුණු දෙයක් තමයි අපේ ප්‍රේක්ෂකයන් වඩාත් කැමති ත්‍රාසය හා කුතුහලය ඇතුළත් නිර්මාණ නරඹන්නට බව. අපේ රටේ පමණක් නෙවෙයි, ලෝකයේ වෙනත් රටවල් ගත්තත් ඒ තත්ත්වය එලෙසමයි. එසේ වීමට හේතු වන්නේ ප්‍රේක්ෂකයා සකී‍්‍රය ලෙස මෙම මාලා නාටකයන් හි ඇති අබිරහස් විසඳන්නට උත්සාහ කරන නිසා. ඉත්තෝ ටෙලි නාට්‍යයත් මා නිර්මාණය කළේ, එවන් වූ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන අයුරින් ම ඉතා තීව්‍ර කුතුහලය හා ත්‍රාසය පිළිබිඹු වන ආකාරයට යි. ඇත්තෙන් ම මෙය බටහිර නිර්මාණය වූ ටෙලි මාලාවක් සේම ප්‍රේක්ෂකයා වෙත දිගහැරෙන්නේ, රූපවාහිනී තිරය දෙස බලා හිඳීනවාට වඩා එහා ගිය වින්දනාත්මක රසවින්දනයක් ඔවුන් වෙත තිළිණ කර දෙමිනුයි.

එසේ ම මෙය කොටස් සියයකින් යුත් ටෙලි මාලාවක්. මෙහි දී කොටස් 25න් 25ට කතා තේමාව වෙනස් වුණත්, එක දිගට ගලාගෙන යන සහ එකිනෙකට මනාව සම්බන්ධ වන ලෙසටයි මෙහි තිර රචනය ලිය වී තියෙන්නේ. ඒ වගේ ම විශේෂම දේ තමයි අලුතින් එක් වන කොටස් සඳහා මුල් කොටසේ රඟ පෑ ප්‍රධාන නළු නිළියන් හැරුණු කොට නව මුහුණු එකතු වීම. මේ අනුව සම්පූර්ණ නාට්‍යය සඳහා නළුනිළියන් 75කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. මා මෙලෙස තීරණය කළේ එක ම මුහුණු දැකීමෙන් ඇතිවන ඒකාකාරිත්වයෙන් ප්‍රේක්ෂකයා මුදා ගැනීම පිණිස යි.

මෙහි වෙනත් විශේෂතා මොනවා ද?

චිත්‍රපට රංගනයේ නියැළි උදාරි පෙරේරාගේ ප්‍රථම ටෙලි නාට්‍යය රංගනය යි. එසේම මෙය බටහිර ටෙලිනාට්‍ය ආකෘතිය මත පිහිටා නිර්මාණය කෙරුණු බපභඥ ඤඥබඥජබඪමඥ, ම්ඪතතඪදඨ, වැනි රහස් පරීක්ෂක (ච්ඥබඥජබඪමඥ ඵඥපඪඥඵ) ගණයේ ටෙලිමාලාවක්. තිර රචනය ලියනු ලබන අවස්ථාවේ දී ම, සෑම කොටසකම අවසාන දර්ශනය නිශ්චිත ලෙස ලියන ලද තිර පිටපතට අනුව රූගත කිරීම් සිදු වන නිසා, සෑම කොටසක ම අවසානයේ ඊළඟ කොටස අනිවාර්යනේම ප්‍රේක්ෂකයාට නැරඹීමට යොමු කරන දර්ශනයක් දැක ගැනීමට අවස්ථාව උදාවෙනවා.

එසේ ම මෙහි අමතක නොවන තවත් විශේෂ සිදුවීමක් තියෙනවා. මෙම ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක උදාරි පෙරේරා නිර්වින්දනය කර සීල් කරන ලද මිනී පෙට්ටියක දමා වළලන අවස්ථාවක් තියෙනවා. මිනී පෙට්ටිය තුළ දී උදාරිට සිහිය එනවා. එයා මිනී පෙට්ටියෙන් එළියට එන්න උත්සාහ කරනවා. අපි මෙයට විශේෂ මිනී පෙට්ටියක් නිර්මාණය කළා. පොළොව යට මිනී පෙට්ටියක් තුළ සිය ජීවිතය බේරා ගැනීමට ඇය දරන උත්සාහය අපි කැමරාගත කළා. එහි දී එය තුළට ආලෝකය ලබා දීම, විශේෂිත කැමරාවක් යොදා ගැනීම හා භීතියට පත් උදාරි හැසිරුණු ආකාරය කිසිසේත් අමතක කළ නොහැකි යි.

‘‘ඉත්තෝ’’ නිර්මාණයට දායක වුණ පිරිස සිහිපත් කළොත්?

රූපවාහිනි රචනයෙන් කාවින්ද මලවිආරච්චි, පි‍්‍රයනාත් විදානපතිරණ සහ නිලංක ඇලෙක්සැන්ඩර්, කැමරාකරණයෙන් ඇඩම්ස් මැක්ලේන්, සංස්කරණයෙන් රෙශාන් මදුශංක චන්ද්‍රරත්න, කලා අධ්‍යක්ෂණයෙන් සුරේන් රාජපක්ෂ, අංග රචනයෙන් තාරක අධිකාරි, ගීත ගායනයෙන් මිහිදු ආරියරත්න, ගීත රචනයෙන් දිල්ෂාන් පතිරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් කේෂාන් පෙරේරා, සහය අධ්‍යක්ෂණයෙන් මෙවන් ලියන්ගේ ද රංගනයෙන් උදාරි පෙරේරා, රොෂාන් රණවන, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ටීනා ෂනෙල්, දමයන්ති ෆොන්සේකා, ජනක් ප්‍රේමලාල්, කුසුම් රේණු, සචිනි වික්‍රමසිංහ, හිරුණි රණසිංහ, මිලින්ද පෙරේරා, අමිල කරුණාරත්න, සිනෙති අකිලා, තිලිණි පෙරේරා, චාමර පි‍්‍රයදර්ශන, චමීර ලියනගේ, ඉෂාන් ගම්මුදලි, මේනකා මධුවන්ති, තාරක අධිකාරි, නිසදි කාරියවසම්, රූපා ගෝමස්, මෙලනි අශෝකා ඇතුළු පිරිසක් දායක වුණා.

මෙම ටෙලි නාට්‍යයේ අන්තර්ගතය පිළිබඳව පුළුල් අවබෝධයක් පේ‍්‍රක්ෂකයාට ලබා ගැනීමට, එහි ඇතුළත් තේමා ගීතයෙන්ම හැකියාව ලැබෙනු ඇත.

වාසි ලුහුබඳීන අන්තරා සෙල්ලමේ 
පැරදුණා මිසක නෑ එකෙක් ජය බිමේ 
බාඳුරා සෙයිලමේ 
ලියැවෙනා ඉරණමේ 
අපටවත් අයිති නෑ අපේ ජීවිතේ 
දෑස වැසෙනා නිමේෂේ පවා  
කාගෙ හෝ ඇස් හොරෙන් දැල්වුණා  
නාදුනන්නා වගේ සැරිසරා 
දාම ඉත්තෝ කපා රජවුණා 
අඩුම ලන්සුවට හුස්ම වෙන්දේසියේ 
විකිණෙනා යසට තොග පිටින් ජීවිතේ 
හැරී හිස ලූ අතේ 
දුවනවා හිතුමතේ 
ඇරඹුමක් මිසක නැවතුමක් නෑ වගේ 
පේන මානේ නොවී හැංගිලා 
කාට හෝ කවුරු හෝ ඉඟි කළා 
නේක මායා මවා රවටලා 
බාල ඉත්තෝ පවා රජ වුණා 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.