හෙටත් පායන ඉරක් සොයා ඉගිළෙන පැණි කුරුල්ලෝ

ජූලි 4, 2019

රංගන දායකත්වය:
ගයනා සුදර්ශනී
තිසුරි යුවනිකා
සංගීත් සතරසිංහ
බිමල් ජයකොඩි
ගිරිරාජ් කෞශල්‍ය
වොල්ගා කල්පනී
ගාමිණී සෝමරත්න
චන්ද්‍රසේන වලිමුණි
සහන් විජේසිංහ
නිමාලි කපුගේ
දුලාංජ දිල්ෂාන්
නිරෝෂ් අනුරාධ

අධ්‍යක්ෂණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්
නිෂ්පාදනය - සහන් විජේසිංහ
තිර රචනය - රසික සුරවීරආරච්චි
සංස්කරණය - තිවංක උඩගෙදර
කැමරාකරණය - තුසිත අනුරාධ
කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික‍්‍රමසිංහ
අංග රචනය - මනෝජ් ලක්සිරි
සංගීත අධ්‍යක්ෂණය - දිල්ෂාන් තමෙල්

රාජිකා මැදිවිය පසුකරමින් සිටින එක්දරු මවකි. ඇයගේ දියණිය ධනුකි ය. රාජිකාගේ සැමියා කලකට ඉහතදී ඝාතනයට ලක් විය.

කතාවේ ආරම්භය තුළ ඇය දිස්වන්නේ සාමාන්‍ය මවක, ගෘහණියක ලෙසයි. නිවසේ දෛනික රාජකාරී කටයුතු සියල්ල සිය දෑතින් තනිවම සිදු කරන රාජිකා දවසින් වැඩි හරියක් මුළුතැන්ගෙය තුළ ගත කරයි. ඒ ඇයගේ දින චර්යාවයි. එහෙත් රාජිකා සැඟවුණු දිවි පෙවතක් සහිත කාන්තාවකි. ඇය විසින් ඉතා බලවත් පාතාල කණ්ඩායමක් මෙහෙයවනු ලබන අතර ඇයගේ සේවා දායකයන් අතර රටේ නමගිය ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින් ධනවතුන් ආදී විවිධ තරාතිරම් වල පිරිස් වෙති. රාජිකා තුළ වූ සැඟවුණු දැඩි බව දන්නේ ඇය හා ගණුදෙනු කරන පිරිස් සහ ඇයගේ ගෝලබාලයින් පමණකි.

ධනුකි අධ්‍යාපනය නිමා කරන වයසේ පසුවන අතර ඇය සිය මවගේ ප‍්‍රධාන පෙළේ ගෝලයෙකු වන නිමේෂ් හා පෙමින් වෙළෙයි. ධනුකි ඔහු සමග පැනයාමට කතිකා කරගනු ලබයි. මේ පිළිබඳව දැන ගන්නා රාජිකා නිමේෂ් නම් වූ එම තරුණයාව තමාගේ විශ්වාසවන්තම අතවැසියා වන තම්පෝ ලවා ඝාතනය කිරීමට උත්සාහ කරයි. නිමේෂ් ඉන් බේරී ධනුකි සමග පැන ගියද ඉන් කම්පනයට පත්වන ධනුකි මානසික ව්‍යාධි තත්වයකට ගොදුරු වෙයි.

එතැන් පටන් රාජිකාගේ ජීවිතය වෙනස් වීමකට ලක්වෙයි. ඇය ධනුකි සොයා ගොස් ඇය යථා තත්වයට ගැනීමට අපමණ වෙහෙසක් දරයි. සුපුරුදු දිවි පැවැත්මෙන් බැහැරව දියණිය සමග නිදහස් ජීවිතයක් ගෙන යාමට රාජිකා උත්සාහ දැරුවද පසුගිය අඳුරු ජීවිතය ඇය පසුපස නිරන්තරව ලුහුබැඳ පැමිණෙයි. රාජිකා ඉන් බේරී පැනයාමට උත්සාහ කළද එක් පසෙකින් නීතියද අනෙක් පසින් අඳුරු පාතාලයද දේශපාලන හස්තයන්ද රාජිකාට ඒ සඳහා අවකාශ නොදෙයි. මේ අතර නිමේෂ් ඒ සියල්ල අභියෝගයට ලක්කරමින් ධනුකිගේ සහ රාජිකාගේ ජීවිතය ආරක්ෂා කිරීමට පෙළඹෙයි. නමුත් ඔහුට ඊට අවකාශ ලැබෙයිද ? රාජිකාගේ සහ ධනුකිගේ ජීවිතය සාමන්‍ය තත්ත්වයට යළිත් පත්වෙයිද ? රාජිකාගේ පෙළඹවීම් හේතුවෙන් පාතාලයට යොමු වූ තරුණයින්ට ඉන් ගැලවීමක් ලැබෙයිද ?

පැණි කුරුල්ලෝ පුංචි තිරයේ සැරිසරන්නේ එම කතාපුවත ප්‍රේක්ෂකයාට දනවමිනි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මෙය අධ්‍යක්ෂණය කර තිබේ. සුදු හාමිනේ, සරා සහ සුභා, මේ සුරම්‍ය පාරාදීසේ, කප්සුවහස්කල් ආදි ටෙලි සිතුවම් සහන් මීට පෙර සිවගුරුනාදන් ගුරුනිෂ්පාදනය කරන ලදී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.