සුදත් දේවප්‍රිය යළිත් පුංචි තිරයට සුළඟ මහ මෙරක විකාශය ඇරැඹේ

ජූලි 18, 2019

අඹ යහළුවෝ, මඩොල්දූව ආදී විශිෂ්ට ටෙලි සිතුවම් පුංචි තිරයට මෙන්ම උඩුගං යාමය සිනමාවට කැන්දූ සුදත් දේවප්‍රියගේ නවතම ටෙලි නාට්‍යයයි සුළඟ මහ මෙරක. එය නිෂ්පාදනය කොට ඇත්තේ ප්‍රකට රංගන ශිල්පිණී ලක්ෂ්මි දමයන්ති විසිනි. සුළඟ මහ මෙරක මෙම මස 20 වැනි සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

හේමසිරි ලියනගේ, බිමල් ජයකොඩි, දමිතා අබේරත්න, ජයනි සේනානායක, සුමිත් රත්නායක, ආනන්ද කුමාරඋන්නැහේ, ධර්මප්‍රිය ඩයස්, ආනන්ද අතුකෝරල, ලක්ෂ්මි දමයන්ති, වොල්ගා කල්පනී, තරින්දු ප්‍රනාන්දු, නිලංක දහනායක, චන්දිමා කරුණාදාස මෙහි චරිත මවති.

සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂවරයාය, වසන්ත පූර්ණවංශගේ අංග රචනයකි, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂවරයාය, සෝමදාස මල්දෙණිය සහාය අධ්‍යක්ෂවරයා වේ. ජගත් වීරතුංගගේ සංස්කරණයකි. බිමල් ජයකොඩි, නිරංජලා මංජරී සමඟ ලක්ෂණා ගායනයෙන් දායක වේ. සුළඟ මහ මෙරක නාට්‍යයේ රූපවාහිනී රචනය සුදත් දේවප්‍රියගෙනි.