වර්ෂ 2021 ක්වූ January 25 වැනිදා Monday
එන්කවුන්ටර් පුංචි තිරයට

එන්කවුන්ටර් නම් වූ ටෙලි සිතුවමක් අධ්‍යක්ෂණය කරමින් අධ්යක්ෂවරයකු ලෙසට නමන් දිනා සිටි චාමර පෙරේරා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු බවට පත් වෙයි. එහි රූපගත කිරීම් අද දින (18) අලුත්ගමදී ආරම්භවීමට නියමිතය. නිරෝෂන් විජේසිංහ, විශ්ව ලංකා, නිමල් පල්ලේවත්ත, පියුමි බොතේජුු, මිහිර සිරිතිලක, රංගි රාජපක්ෂ, සංගීතා බස්නායක, ටෙක්ලා කුමුදු කුමාරි, ධනුෂ්කා ජයරත්න, ධනංජි තාරුකා, රුක්ෂානා දිසානායක, ප්‍රින්සි ප්‍රනාන්දු, ලක්ෂ්මන් මානවඩු, ප්‍රියා විතානාරච්චි, සුනෙත් රසාංග, සුභද්රාණි ප්‍රේමතිලක, රුවන් අමරසේකර, අමිල සංජීව, මංජුලා සජීවනී, අනුරාධා රයිනි එන්කවුටර්හි නළු නිළියෝය.
සිසිර වෙඩික්කාරගේ නිෂ්පාදනයකි. නිමල් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂවරයාය. ඩිලාන් රොෂාන් සටන් අධ්‍යක්ෂණයෙන් දායක වේ. චාමින්ද වාස් කලා අධ්යක්ෂවරයා වේ. සුරේෂ් ඉන්දිකගේ අංග රචනයකි.