හඳගමගේ දියකැටපහණ යූ ටියුබ් එයි

අගෝස්තු 1, 2019

කලකට ඉහතදී විකාශය වූ දිය කැට පහණ ටෙලි සිතුවම යූ ටියුබ් හරහා නැවත ප්‍රේක්ෂකයන්ට රස විඳින්නට අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව මෙම මස 02 වැනිදා එනම් හෙට සිට සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.30 ට යූ ටියුබ් හරහා දිය කැට පහණ නමින් තිබෙන ෆේස්බුක් පිටුවට නාට්‍ය නැරැඹීමට හැකි ලින්ක් එක ඇතුළත් කොට ඇති අතර ඒ හරහා සිකුරාදා රාත්‍රියේ දිය කැට පහණ නරඹන්නට හැකිය. අශෝක හඳගම තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි සිතුවමෙහි හේමසිරි ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, රාජු බණ්ඩාර, අනෝමා ජනාදරී, රුක්මල් නිරෝෂ්, මැල්කම් මචාඩෝ, පි‍්‍රයංකා සමරවීර, කෞශල්‍යා ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයෙන් දායක වූහ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.