ඔස්ට්‍රේලියා මෙගා ලයිව් ස්ටාර් 9 වෙනිදා ජාතික රූපවාහිනියේ

අගෝස්තු 8, 2019

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගායන කුසලතාවයන් එළිදැක්වීමක් ලෙස පැවති මෙගා ලයිව් ස්ටාර් අවසන් මහා තරඟය හෙට (අගෝස්තු 09) සවස 2.00ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතව ඇත. මෙගා ලයිව් ස්ටාර් තරගාවලියේ මෙල්බන්, බ්‍රිස්බෙන්, ඇඩිලේඩ්, සිඩ්නි, කැනබරා යන ප්‍රාන්තයන්හි පැවැති තරඟයන්ගෙන් තෝරා ගත් 12 දෙනෙකු අවසන් මහා තරඟයට සුදුසුකම් ලද අතර එය මෙල්බන්නුවරදී පැවැත්විණි.

එහිදී ඇඩිලේඩ් ශූරතාවය දෙව්නි අසාරාද, අනුශූරතාවය ඉයෝමි කිසංජලා ද, බ්‍රිස්බෙන් ශූරතාවය චරිත් මාර්ටිනෝ ද, අනුශූරතාවය අනුරුද්ධ කීරවැල්ල විසින්ද, සිඩ්නි ශූරතාවය කාවින්ද හේවගේ ද, අනුශූරතාවය නිවෝද් මෙනුෂ විසින් ද දිනා ගන්නා ලදී. අවසන් මහා තරඟයේ තෙවන ස්ථානය කාවින්ද හේවගේ ද, සිඩ්නි නුවර අනුශූරතාවය ටානියා ද සිල්වා විසින් ද, මෙල්බන්නුවර ශූරතාවය විස්මිත සචින්තක ද මෙල්බන් නුවර අවසන් මහා තරඟයේ ජනප්‍රියම තරුවට හිමි සම්මානය මහීෂ ගමගේට ද හිමි විය.

මෙල්බන් නුවර තරඟ සංවිධානය මාලක යාපා සහ මනෝජ් හෙට්ටිආරච්චි විසින් ද බ්‍රිස්බෙන් ප්‍රාන්තයෙ තරඟ සංවිධානය තිලක් බොලූකඳුරේ විසින්ද, ඇඩිලේඩ් සංවිධානය ක්‍රිෂාන්ත හෙන්නායක විසින් ද සිදුකරන ලදී. උමාරා සිංහවංශ, කැළුම් ශ්‍රීමාල්, ඉන්ද්‍රචාපා ලියනගේ විසින් තරඟ විනිශ්චයන් කරන ලද අතර, ත්‍රී සිනමා ෆිල්ම්ස් අධ්‍යක්ෂ අජිත් කුමාර තන්ත්‍රී විසින් රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂණය කරන ලදී. චන්දි ජේ. සමාජජාලා මාධ්‍යකරණයෙන් ද සහන් වීරසේකර කථනයෙන් ද, මාලක යාපාගේ කළමනාකරණයෙන් යුතුව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.