වැරැදි තැන්වල නතර වූ ජීවිත ගැන කියැවෙන

“නෝ පාර්කිං”
අගෝස්තු 8, 2019

දිගු කලකට පසු හොඳ හැටි සිනහවෙමින් රස විඳිය හැකි ටෙලි සිතුවමක් විකාශය වනු දක්නට ලැබිණ. ඒ ස්වර්ණවාහිනි නාළිකාවේ නෝ පාර්කිංය. එය තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ ඔහුගේ පස් වැනි ටෙලි නිර්මාණයයි. අතිශය ජනාදරයට පාත්‍ර වූ සිඳු ටෙලි සිතුවම තිළිණගේ අධ්‍යක්ෂණයකි. නෝ පාර්කිං නාට්‍යයෙහි වස්තු බීජය හට ගන්නේ ඔහුගේ සිතෙහිය.

කාලාන්තරයක පටන් මෙවැනි නිර්මාණයක් ගෙන ඒමට ඔහු අදිටන් කරගෙන සිටියේ ඒකකාරී ටෙලි රැල්ලෙන් මිදීම උදෙසාය. තිළිණ එම අදහස රූපවාහිනී රචනයකට පෙරළන හැටියට බාර දුන්නේ අසංක සායක්කාරටය. මීට පෙර ටෙලි නාට්‍ය මෙන්ම වේදිකා නිර්මාණ කිහිපයකම පිටපත් රචනයෙන් හසළ අත්දැකීම් ඇති අසංක නෝ පාර්කිං ටෙලි නිමැයුම රූපයට නැඟීමට අවශ්‍ය පිටපත සැකසීමේ වගකීම බාර ගත්තේ වැරදි තැන්වල නතර වුණු ජීවිත නමැති තේමාව ඔස්සේ නෝ පාර්කිං රූපගත කිරීම් ආරම්භ විය.

ඇත්තතටම මේක වෙනස් කතාවක්. ලංකාවේ ඉපදුණු ළමයෙක් පිටරට හැදී වැඩෙනවා. ඒ ළමයා ලංකාවට එන්නේ තමන්ගේ අම්මව හොයාගෙන. ලංකාවේදි විවිධ වූ රැවටීම්වලට ලක්වෙලා ඇය හරියට වාත වෙනවා. අන්තිමේ ලංකාවම එපා වෙලා ආයේ පිටරට යනවා. මේක අපි හිනාවෙලා නැරැඹුවාට යටි පෙළ මාර අර්ථයක් තියෙනවා. මේ අපිටයි හිනා වෙන්නේ.

අධ්‍යක්ෂ තිළිණ තමන්ගේ නාට්‍ය ගැන කියන්නට පටන් ගත්තේ එහෙම. ඔහු තවත් අදහස් කිහිපයක් මෙලෙස පැවසුවා.

මං කරපු නාට්‍ය ඔක්කොම වගේ විකාශය වුණේ දෙරණ නාලිකාවේ. සිඳු වුණත් තවම යන්නේ ඒකෙනෙ. නෝ පාර්කිං ස්වර්ණවාහිනියේ විකාශය වන නිසා සමහරු අහනවා දැන් දෙරණත් එක්ක නැද්ද කියලා. නෝ පාර්කිං රූපගත කිරීම් කරලා ස්වර්ණවාහිනියට දුන්න සැණින් ඔවුන් විකාශය කරන්නට කැමැත්ත පළ කළා. ඒකයි සිද්ධ වුණේ. මං කරපු සිඳු නාට්‍යයට වඩා හාත්පසින්ම වෙනස් නිර්මාණයක් මේක. නළු නිළියෝ වුණත් එහෙමයි. ඩබ්ලිව්. ජයසිරි සිඳු නාට්‍යයේ ලොකු හාමුදුරුවෝ. මේකේ ඊට ප්‍රතිවිරුද්ධ චරිතයක්.

ඒවා ගැනත් මිනිස්සු කතා වෙනවා. නාට්‍යයේ රේටින්ග්ස් ගැනත් විවිධ මත තියෙනවා. අපි ඉන්න වෘත්තීයමය තත්ත්වය මත අපිට සිද්ධ වෙනවා රේටින්ග්ස් විශ්වාස කරන්න. හරි හෝ වැරැදි අපිට ඒකට එකඟ වෙන්න වෙනවා. නෝ පාර්කිං වගේම සිඳු නාට්‍යය විකාශය වෙනවා. නාට්‍ය දෙකේම කොටස් හතළිහ හතළිහ දෙන්නත් ඕන එක සැරේට. ඉතාම වෙහෙස වෙලා කාලය කළමනාකරණය කරගෙන නාට්‍ය දෙකකම නිර්මාණය කරනවා.

මට දිගටම සෙට් වුණේ මෙගා නාට්‍ය. වෘත්තීයමය මෙගා නාට්‍යකරුවකු වෙලා දැන් ඉන්නේ. ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. ලැබෙන නිර්මාණය හරියට කරනවා. නෝ පාර්කිං නාට්‍යයේ නිෂ්පාදකවරුන් වන අංජු විධානගේ සහ චතුරංග නිලවීර කියන දෙදෙනාම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. ඔවුන් කිසිදු පැකිළිමකින් තොරව මෙයට මුදල් යෙදෙව්වා. මම ඊට සරිලන ලෙස දෙදෙනාට සාධාරණයක් කළා.

 

 

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Propecia Es Mirame Que Proscar cheap cialis Baclofen Commander 10mg Cialis Cialis En Farmacias Espanolas
සඳු, 03/30/2020 - 13:10
Jankisa (තහවුරු වී නොමැත)
Amoxicillin Normal Dose is there generic cialis None Prescribtion Drug Canada Abalify Cialis Achat Cialis Pro
සඳු, 03/30/2020 - 14:30
Jankisa (තහවුරු වී නොමැත)
Amoxicillin Normal Dose is there generic cialis None Prescribtion Drug Canada Abalify Cialis Achat Cialis Pro
සඳු, 03/30/2020 - 14:33

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.