රිදී තිරයේ - පුංචි තිරයේ තරු එක් කොට

තරු සමඟ රැයක් 25 දා උදා වෙයි
අගෝස්තු 22, 2019

රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ හද බැඳ ගත් ජනකාන්ත තරු රැසක් රංගනයෙන් නර්ථනයෙන් සහ ගායනයෙන් හැඩ ගන්වන විචිත්‍රවත් ප්‍රසංගය තරු සමඟ රැයක් මෙම මස 25 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමිනි.

රවින්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, බන්දු සමරසිංහ, රොෂාන් රණවන, තාරුකා වන්නිආරච්චි, උදාරි පෙරේරා, අනූෂා දමයන්ති, රවීන් කනිෂ්ක මේ සඳහා සහභාගි වන නළු නිළියෝය. ප්‍රසංගයේ නර්ථන වින්‍යාසය චන්න විජේවර්ධනගෙනි. සාරංග දිසාසේකර නිවේදනයෙන් එකතු වේ. තරු සමඟ රැයක් ජාත්‍යන්තර සිංහ සමාජ 306 ඒ සිංහ දිස්ත්‍රික්කය මඟින් සංවිධානය කොට ඇත. ප්‍රසංගයේ ලැබෙන සියලු ආදායම් සමාජ සුබසාධනය සඳහා වෙන් කිරීමට නියමිතය.

Add new comment