ජාතියේ ටෙලි සම්මාන ගෙනා රයිගම් සමාජ මාධ්‍ය සම්මාන උලෙළක් ගෙන එයි

සැප්තැම්බර් 26, 2019

දශක එකහමාරකට උරුමකම් කියන ජාතියේ ටෙලි සම්මාන උලෙළ ‘රයිගම් ටෙලීස්’ මඟින් ඔපමට්ටම් කෙරුණු අත්දැකීම් සමුදායක පන්නරය සමඟ ද කිංඩම් ඔෆ් රයිගම් තවත් ජාතික මට්ටමේ සම්මාන උලෙළක් සංවිධානය කර ඇති බව නිවේදනය කර සිටී. රූපවාහිනී මාධ්‍යයෙන් ඔබ්බට ගිය මෙම සම්මාන උලෙළ Raigam Sdme Awards හෙවත් ජාතියේ සමාජ මාධ්‍ය විශිෂ්ටතා ලෙස නම් කර ඇත.

පෙර සඳහන් කරන ලද සියලුම විශිෂ්ටතා සම්මාන අනු කාණ්ඩ සඳහා ජනප්‍රිය සම්මාන 5 ක් පිදෙනු ලැබේ. එම සම්මාන වනුයේ:

* ජනප්‍රියතම මියුසික් වීඩියෝව

* ජනප්‍රියතම මියුසික් වීඩියෝව (Creative Remake)

* ජනප්‍රියතම කෙටි චිත්‍රපටය

* ජනප්‍රියතම 1 Min චිත්‍රපටය

* ජනප්‍රියතම හාස්‍යෝත්පාදක වීඩියෝව

අයදුම්පත් හා එවනු ලබන සියලුම වීඩියෝ නිර්මාණ Raigam Sdme Awards Youtube  චැනලයට සහ නිල වෙබ් අඩවියට Upload කරන අතර ජනප්‍රියතම වීඩියෝ සම්මාන පිදෙනු ලබනුයේ ප්‍රේක්ෂක ජුරිය විසිනි. මේ සඳහා ප්‍රේක්ෂකයන්ට Raigam Sdme Awards  නිල වෙබ් අඩවියට පිවිස තම මනාපය ප්‍රකාශ කළ හැකිය. යම් වීඩියෝවකට Raigam Sdme Awards Youtube   චැනලයේ සනිටුහන් වන Views  ප්‍රමාණය ද මනාප ලෙස ගණනය කරනු ලැබේ.

ජාතික සමාජ මාධ්‍ය ඇගයීම යටතේ නිර්මාණශීලී සහ ජනප්‍රියතම සමාජ මාධ්‍යයන් සහ නිර්මාණකරුවන් සඳහා සම්මාන 12 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.

ප්‍රේක්ෂක ජූරිය විසින් තීරණය කරනු ලබන මෙම සම්මාන සඳහා ද Raigam Sdme Awards  නිල වෙබ් අඩවියට පිවිස ප්‍රේක්ෂකයන්ට තම මනාපය ප්‍රකාශ කර තමන් වඩාත් ප්‍රිය කරන නිර්මාණ ජයග්‍රහණය කරවිය හැකිය.

උලෙළ සඳහා අයදුම්පත් හා නිර්මාණ භාර ගැනිම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2019 නොවැම්බර් 06 වන දිනෙන් අවසන් වේ.

අයදුම්පත් raigam.lk/raigamtelees.lk  යන වෙබ් අඩවි හෝ raigamtelees facebook පිටුවලින් ලබා ගත හැකිය.

 

Add new comment