කකුළුවෝ සහ මකුළුවෝ වැඩ අරඹයි

දෙසැම්බර් 12, 2019

අනවරථ, අංගානි, කොළඹ අපි ආවා ආදි ටෙලි සිතුවම් පුංචි තිරයට ගෙනා සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ නවතම ටෙලි නිර්මාණය කකුළුවො සහ මකුළුවො නම් වෙයි. එහි මුහුරත් උළෙල ඉකුත්දා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. ඉසුරු ලොකුආරච්චි, රුවන් වික්‍රමසිංහ, නයෝමි තක්ෂිලා, වොල්ගා කල්පනි, දිලිනි ලක්මාලි, ටීනා ෂනෙල්, අසේලා දිසානායක, අංජන ප්‍රේමරත්න, සමන්ති ලැනරෝල් ගංගා ජීවනි වැලිවත්ත්, සුරංගි කොඩිතුවක්කු, දිනිඳු ඒකනායක, සුගත් ජානක, දිනේෂ් තරංග, නිලංග ද සිල්වා, ජනක කල්තොට, චතුරංග කාංචනා, සියාරා ගගුලි සෙනෙවිරත්න, දිලිනි හරින්ද්‍යා. චාරුක සංකල්ප කකුළුවෝ සහ මකුළුවෝ සහ රංගනයෙන් දායක වේ.

විමර්ශන රත්නායකගේ කැමරා අධ්‍යක්ෂණයකි. නුවන් සිංහාධිපති සංස්කරණයෙන් එක්වෙයි. සුසන්ත ජයසිරි, විධායක නිෂ්පාදකවරයාය. සුරංග ප්‍රදීප් කලා අධ්‍යක්ෂණයෙන් එකතු වේ. පූජිත සන්දාදුර අංග රචනයෙන්ද චන්දන ප්‍රියන්ත සහාය අධ්‍යක්ෂණයෙන්ද, දිනේෂ් තරංග තේමා ගීත ගැයුමෙන්ද කකුළුවො සහ මකුළුවො සඳහා එක්වෙති. ශාන්ත පීරිස් සහ දිනේෂ් තරංග පසුබිම් සංගීතය නිර්මාණය කරති. කකුළුවො සහ මකුළුවො රවීන්ද්‍ර ප්‍රියදර්ශනගේ නිෂ්පාදනයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.