සදහම් වරුසා ඇරැඹෙයි

දෙසැම්බර් 12, 2019

සදහම් වරුසා නමින් විකාශය වීමට නියමිත පොහෝ දින කතා මාලාවේ මුහුරත් උලෙළ ඉකුත් දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ක්‍රිෂාන්ත වීරමන් විසිනි. කුමාර ශ්‍රියානන්ද නිෂ්පාදනය කරනු ලබන මෙම පොහෝ දින කතා මාලාවේ පළමු කතාංගයේ ජනක කුඹුකගේ, ලියෝනි කොතලාවල, සුමුදු වාසනා සහ චන්දන රත්නායක රංගනයේ යෙදෙති. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. විධායක නිෂ්පාදනය සහ රූපවාහිනී රචනය ප්‍රසාද් සමරතුංගගෙනි. සමන් සූධීර සහ තිලානි නිසංසලා සහාය අධ්‍යක්ෂවරුන්ය. කෝරළගේ උපතිස්ස නිෂ්පාදන සහායකවරයාය. එම් ටීම් කැමරා උපකරණ සපයයි.


දේශීය සිනමාවට මුස්ලිම්වරුන්ගේ දායකත්වය

බර්නාඩ් ශ්‍රීකාන්තගේ නවතම කෘතිය ‘දේශීය සිනමාවට මුස්ලිම්වරුන්ගේ දායකත්වය’ පසුගිය දින ජනගත කෙරිණ.


සලරු සිත්තම් අනිද්දා

ආනන්ද පින්නවල සහ ආනන්ද ගමගේ සංවිධානය කරන සලරූ සිත්තම් විචිත්‍රවත් ප්‍රසංගය මෙම මස 14 වැනිදා සවස කිරිබත්ගොඩ වයි. එම්. බී. ඒ. රංග ශාලාවේදී පැවැත්වේ. පැරැණි චිත්‍රපට ගීත සඳහා නව පරපුරේ නළු නිළියෝ මෙහිද රැඟුම් ඉදිරිපත් කරනු ලබති.


තරු වැස්සක් 15 දා වසී

සමර ශ්‍රී දඩල්ලගේ සංස්කෘතික සුභසාධන කලා සංගමය ඉදිරිපත් කරන තරු වැස්සක් ප්‍රසංගය මෙම මස 15 වැනිදා සවස කොළඹ ලුම්බිණි රංග ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා සඳුන් විජේසිරි, ජයතිලක හේරත්, සුගත් ජානක, මානෙල් චන්ද්‍රලතා, රේණුකා මායාදුන්න, ආනන්ද පින්නවල, නයනි සමරවීර, ප්‍රසන්න කාරියප්පෙරුම, එරංජි අමරජීව, මනුෂි රංගන, නිලු කෝරළගේ සමඟ සමර ශ්‍රී දඩල්ලගේ යන කලාකරුවන් සහභාගිවීමට නියමිතය. ප්‍රසංගයේ සම්බන්ධිකරණය එස්. ඒ. බෙනට් විසිනි. නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සමර ශ්‍රී දඩල්ලගේ ගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.