STV අන්තර්ජාල රූපවාහිනී නාළිකාව අලුත් නවාතැනක

දෙසැම්බර් 19, 2019

මෙයට වසරකට පෙර ආරම්භ කරන ලද STV නෙට්වර්ක් පුද්ගලික ආයතනයේ නව නිෂ්පාදන මැදිරි සහ කාර්යාල සංකීර්ණයක් පසුගිය දා බත්තරමුල්ල පැලවත්තේදී විවෘත විය. මෙම අවස්ථාවට චිත්‍රපට නළු නිළියන් නිෂ්පාදක අධ්‍යක්ෂවරු ඇතුළු කලාකරුවන් පිරිසක් සහභාගි වූහ. අපේ සිනමාව, මියුසික් ෆැක්ටරි, විසම්මුතිය වැනි ප්‍රේක්ෂක අවධානය දිනා ගත් වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කළ STV නාළිකාව ඉදිරියේදී දේශපාලන, සමාජීය, ආර්ථික, ප්‍රවෘත්තිමය හා වින්දනීය වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. දැනට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන STV නාළිකාව ඉදිරියේදී ප්‍රධාන රූපවාහිනී ධාරාවන් අතරට පිවිසීමටත් එයට සමගාමීව ගුවන් විදුලි නාළිකාවක් ඇරඹීමටත් සැලසුම් කර ඇත. ප්‍රවීණ නිර්මාණශීලී නිෂ්පාදන කණ්ඩායමක් සමඟින් ක්‍රියාත්මක වන මෙහි, අමිල සම්පත් පෙරේරා වැසටහන් හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ සභාපතීත්වය යටතේ නාළිකාව ක්‍රියාත්මක වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.