රස කලසක විසිතුරු

දෙසැම්බර් 26, 2019

සිසිර විවිධ වැඩසටහන් ආකෘතීන් හඳුන්වා දෙන ලද නිර්මාණකරුවෙක් ද විය. ජාතික වටිනාකමින් වැදගත් ස්ථානයක් සහ ප්‍රාදේශීය උප සංස්කෘතීන් පිළිබඳව මූලික අවධානය යොමු කරමින් නිර්මාණය කරන ලද ‘උරුමය’ වාර්තා වැඩසටහන් මාලාව, මාලා වැඩසටහන් කලාව අප රටට හඳුන්වා දෙන ලද ප්‍රථම අවස්ථාව විය. විවිධ නිර්මාණකරුවන්ගේ තත්කාලීන නිර්මාණයන් සහ ජාතික පෞරුෂයන් සමඟ සම්මුඛ සාකච්ඡා කරමින් නිෂ්පාදනය කරන ලද ‘රසකළස’ වැඩසටහන් මාලාව ද එම ආකෘතියෙන් නිර්මාණය වූ පළමු වැඩසටහන් මාලාව විය. ලෙස්ලි බොතේජු නම් අති දක්ෂ මාධ්‍යවේදියා විසින් ඉදිරිපත් කරන ලද රස කලස වැඩ සටහන පසුකාලයේදී ප්‍රේක්ෂකයන් අතරට වඩාත් සමීප කරන ලද්දේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විසින් පූරක කාර්යභාරය භාරගත් පසුවය. ඔහු සතු පෘථුල වාග්කෝෂය සහ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී දැක් වූ අපූර්වත්වය එයට මහඟු පිටුවහලක් විය. රූපවාහිනී වාර්තා වැඩසටහන් සඳහා එතෙක් මෙතෙක් වැඩිම විදේශීය සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන්නේ සිසිර සුරවීරයන් විසිනි. බර්ට්‍රම් නිහාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘යුගයක කථාවක්’ වාර්තා වැඩසටහන් මාලාව විශාල ප්‍රාග් ධනයක් යොදවමින් නිර්මාණය කරන ලද ප්‍රථම වැඩසටහන් මාලාව වේ.

ජාතික රූපවාහිනිය පටන් ගත් කාලවකවානුවේදීම නිර්මාණය වූ වාර්තා වැඩසටහන් දේශීය සහ විදේශීය සම්මානයෙන් පිදුම් ලැබීමේ ප්‍රවණතාවයක් විය. එයට හේකු වූ මූලික කරුණ වූයේ ප්‍රශස්ත මට්ටමේ වාර්තා වැඩසටහන් 10 - 12 අතර ප්‍රමාණයක් වසරක් පාසා වාර්තා වැඩසටහන් ඒකකය හරහා නිර්මාණය වීමය. සිසිර සුරවීරයන්ට අතරව ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, අනෝමා වත්තලදෙණිය, චන්ද්‍රසෝම විතානගේ පසුකාලයේදී හේම නලින් කරුණාරත්න සහ කෝසල මකුලොළුව විසින් නිර්මාණය කරන ලද වාර්තා වැඩසටහන් කිහිපයක් ද දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබීය. වර්තමානයේදී එම ඒකකයේ ප්‍රධානී චන්දන සෙනවිරත්න යටතේ දශක තුනකට පෙර සිට අඛණ්ඩව ගලාගෙන එන සම්ප්‍රදාය ඉතා ප්‍රශස්ත මට්ටමෙන් වර්තමාන පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීම පිණිස වාර්තා වැඩසටහන් ඒකකය ඇප කැප වී සිටීම සාධණීය ලක්ෂණයකි.

අනුර මාධව ජයසේකර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.