තණමල්විල කොල්ලෙක්

ජනවාරි 30, 2020

රෝෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණයක්...

සම්මානනීය උණුසුම සහ පිය ස්මරණය

නූතන වෙළෙඳපොළ බලවේගයන් මඟින් හසුරවන්නා වූ ගමක වෙසෙන තරුණයෙකි. ඔහුගේ නම දීප්තය. දීප්ත ක්‍රමයෙන් නාගරික සංස්කෘතියේ වාණිජ වටිනාකමක් සහ සිවිල් බලයක් සහිත චිත්‍ර ශිල්පියකු බවට පත් වේ. ඔහුගේ කලා ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ඔහු විසින් නිර්මිත කලා කෘතීන් අන්තර් ජාතිකව ඇගැයුමට ලක්වේ. එම සම්මානනීය උණුසුම සමඟ විදෙස්ගතව සිටින අවකාශයක දීප්තට තම පියාගේ ජීවිත සමු ගැනීමේ පණිවුඩය ලැබේ. එම මරණයේ හැඟීම ඔස්සේ අතීත ස්මරණයන් සමඟ දීප්ත තනි වේ. එම මතක පරිච්ඡේදයන් දිග හැරීමයි තණමල්විල කොල්ලෙක් ටෙලි සිතුවම ඔබ වෙත ගෙන එන්නේ. සම්මානනීය රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි සිතුවම සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8 ට විකාශය වේ.

තණමල්විල කොල්ලෙක් නළු නිළියෝ

හේමසිරි ලියනගේ, යශෝධා විමලධර්ම, දසුන් පතිරණ, ධනුක දිල්ශාන්, සුරාජ් මාපා, ප්‍රිමා ලියනගේ, සුලෝචනා වීරසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාර උන්නැහේ, විශ්වජිත් ගුණසේකර, අංජන ප්‍රේමරත්න, සූර්යා දයා රුවන්, සේවියර් කනිෂ්ක, නිලංක දහනායක, දිලිප් කුමාර, තිලක්ෂණි රත්නායක, කසුනි කාවින්දි, කලණි දොඩන්තැන්න, ශ්‍රීමාලි ෆොන්සේකා, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, චන්දි රණතුංග, ගීතා අලහකෝන්, මංජු ශ්‍රී, සමන් පුෂ්ප ලියනගේ, චාමර ප්‍රියදර්ශන, ප්‍රියන්ත ප්‍රභාත්, දයා වයමන්, බන්දුල සූරිය බණ්ඩාර, වසන්ත පූර්ණවංශ, ධනංජය සිරිවර්ධන (ගරු රඟපෑම්) ගිහාන් ප්‍රනාන්දු (ගරු රඟපෑම්)

තණමල්විල කොල්ලෙක් නිෂ්පාදන කණ්ඩායම

රූපවාහිනි රචනය - තුසිත විජයමුනි

කැමරා අධ්‍යක්ෂණය - තිසර තුල්වන්

අංග රචනය - වසන්ත පූර්ණවංශ

සහාය අධ්‍යක්ෂණය - චමින්ද උඩවෙල

නිෂ්පාදන කළමනාකරණය - රුවන් බණ්ඩාර, අජිත් මංජුල

සංගීත අධ්‍යක්ෂණය - දේශක සම්පත්

සංස්කරණය - ලක් රුවන් ද සේරම්

නිෂ්පාදනය - ෆාහීම් මවුජුඩ්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.