මෙරට බිහිවූ කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ එකම පවුලකින් සොහොයුරියන් තිදෙනකු එකතුවී ආරම්භ කළ පළමු ගායක කණ්ඩායම “ත්රීසිස්ටර්ස්” නම් විය. ඉන්ද්‍රාණි පෙරේරා, මල්ලිකා පෙරේරා, අයිරාංගණී පෙරේරා යන සොහොයුරියන් තිදෙනාගෙන් සැදුම්ලත් මෙම ත්රීසිස්ටර්ස් කණ්ඩායම බිහිවනුයේ ඉන්ද්‍රාණි පෙරේරාගේ මූලිකත්වයෙනි. ඒ මීට දශක 05කට පමණ පෙරය. එසේ ත්රීසිස්ටර්ස් සංගීත කණ්ඩායම බිහිවී දශක 05කට පමණ පසු අද වනවිට පානදුර පුරවරයෙන් එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙක් ද සංගීත ක්ෂේත්රය තුළින් කලා ලොවට පිවිසී ඇත්තේ “ත්රීසිස්ටර්ස්” නමිනි. ඔවුන් තිදෙනාද “පෙරේරා”ලා වීම දෛවෝපගත සිද්ධියකි. එකී සොහොයුරියන් තිදෙනා මිනුරි පෙරේරා (අවු: 17), සෙනුරි පෙරේරා (15) සහ අකේෂි පෙරේරා (12)ය. එම තිදෙනාගෙන් යුත් ත්රීසිස්ටර්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව 15 හැවිරිදි සෙනුරි පෙරේරාය. එදා බිහිවූ ත්රීසිස්ටර්ස්ලා ගායනයට අති දක්ෂයෝ වූහ. අද බිහිවෙමින් සිටින ත්රීසිස්ටර්ස්ලා ගායනයට පමණක් නොව සංගීත භාණ්ඩ වාදනයට ද එකසේ සමත්කම් දක්වන්නීය. පානදුරින් බිහිවන අවුරුදු 18ටත් අඩු මෙම ත්රීසිස්ටර්ස්ලා සිය සංගීත දිවිය පිළිබඳ අදහස් දැක්වීමට සරසවිය හා මෙසේ එක්වූහ.
මිනුරි පෙරේරා මෙම ත්රීසිස්ටර්ස්ලාගේ වැඩිමහලාය. ඇය සිය සංගීත කණ්ඩායම ගැන අදහස් දැක්වූයේ මෙලෙසිනි.
පානදුරෙන් බිහිවන ත්රිසිස්ටර්ස්ලගෙන් වැඩිමහල් සොහොයුරිය ඔබයි. ඔබ ගැනත් සංගීත කණ්ඩායම ගැනත් මොකද සිතෙන්නේ……?
මට තවම වයස අවුරුදු 17යි. මට ඇත්තටම සතුටුයි පාසල් අධ්‍යාපන කටයුතුත් හොඳීන් කරන ගමන් මගේ නංගිලා දෙන්නත් එක්ක ත්රීසිස්ටර්ස් නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන්
මේවගේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්න අදහසක් පහළවුණේ කොහොමද …..?
කුඩා කල සිටම අපි තිදෙනාට ගීත ගායනයට වගේම සංගීත භාණ්ඩ වාදනයටත් දක්ෂතාව තිබුණා. ඒ නිසා තමයි මෙවැනි කණ්ඩායමක් නිර්මාණය කරගෙන අපේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අදහස් කළේ…
මෙහි මූලික අදහස කාගේද…..?
අපි තිදෙනාගේ හැකියාව කුඩා කාලයේ සිටම හඳුනාගත් අපේ අම්මටයි තාත්තටයි තමයි මේ මූලික අදහස පහළවුණේ
මිනුරි, ඔබේ ගායන, වාදන හැකියාවන් මුලින්ම හඳුනාගත්තේ කොහොමද …..?
මම ගොඩාක් කුඩා කාලයේ ඉඳන්ම ගීත ගායනා කරනවා. ගෙදර හැමෝමත් කියනවා මම ලස්සනට ගායනා කරනවා කියලා .තාත්තා මට කුඩා අවධියේම ගිටාරයක් ගෙනත් දුන්නා. ඒක මම තනිවම තාලයට ර්‍ථතචර කරලා තියෙනවා . එයින් තමයි අම්මටයි තාත්තටයි තේරිලා තියෙන්නේ මියුසික් කියන දේ මගේ ඇඟේ තිබෙනවා කියලා .
කලාහැකියාවන් ඔප්නංවාගන්න බොහෝ අයගේ ගුරුහරුකම් ලැබෙන්න ඇති…..?
අනිවාර්යයෙන්ම. මේ හැමදේටම උදව් කළේ අම්මා, තාත්තා දෙදෙනා තමයි. මම 02 වසරේ ඉගෙනගන්නා කාලයේ සිට පියානෝ පන්ති ගියේ නිමාලි ටීචර් ළඟට. දිවයිනෙන්ම පියානෝ Play කිරීමෙන් පළමු ස්ථානය ලබාගන්න මට අවස්ථාව ලැබුණේ නිමාලි ටීචර්ගේ ගුරුහරුකම් නිසයි…ඒවගේම මට ගිටාර් Play කරන්න ඉගැන්නුවේ කපිල කෝසල සර්. මගේ නංගිලා දෙදෙනාට අදටත් කපිල කෝසල සර් තමයි සංගීතය උගන්වන්නේ. ඒවගේම අපි තිදෙනාට කටහඬ පුහුණුව (Voice Traning) ඉගැන්වූ විශාරද ඉෂාණි උපේන්ද්‍රා ටීචර්, අද වෙද්දි Voice Trainning කරන හර්ෂ සර්, ඒවගේම මම සංගීතය ඉගෙනගත් ප්‍රදීප් ශ්‍රීනාත් සර් ආදීන් අපේ කලා හැකියාවන් හඳුනාගත්තා. ඔවුන්ව මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා
පාසලෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය ගැන කීවොත් …..?
මුලින්ම අපි ගියේ පානදුර අගමැති බාලිකාවට. ශිෂ්‍යත්වය සමත්වීමෙන් අනතුරුව පානදුර බාලිකාවට ඇතුළත් වුණා. මම පාසලේදී ඉගෙනගත්තේ පෙරදිග සංගීතය . සංජීව ලසන්ත සර් සහ සුභාෂිණී ටීචර් තමයි අපට පෙරදිග සංගීතය ඉගැන්වුවේ. පාසලේ පැවැත්වුණු සෑම සංගීතමය වැඩසටහනකටම ගිටාර්, කීබෝඩ් වාදනයට මාව සම්බන්ධ කරගත්තා. පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගන්නත් අපට හැකිවුණේ පාසලේදී ලැබුණු සංගීත අධ්‍යාපනය නිසා. ඒවගේම පාසලේ විදුහල්පතිනි ඉෂාණි සුබසිංහ මැඩම්වත්, හිටපු විදුහල්පතිනි සුරංගි මැඩම්වත් ගෞරවබහුමානයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා . පාසලෙන් අපේ සංගීත දිවිය ආලෝකවත් කරගැනීමට විශාල සහායක් ලැබුණා
මිනුරි, සූර්යා දයාරුවන් සමඟ ගයන “දෙව්ලියක වගේ” ගීතය ගැනත් එයට අවස්ථාව ලද ආකාරයත් පැහැදිලි කළොත් ….?
ඔව්, අපි දැනට විවිධ තේමා යටතේ වෙනස්ම ගීත 10ක් නිර්මාණය කර තිබෙනවා. ඒවායින් එක් තේමාවක් තමයි සහෝදර බැඳීම. සූර්යා දයාරුවන් අයියා සමඟ ගායනා කරන ගීතය එවැනි තේමාවක් සහිතවූවක්. එම “දෙව්ලියක වගේ” ගීතය රචනා කළේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ මාමා. සංගීතය සැපයුවේ ප්‍රියාන් කාරියවසම් මාමා. මේ ගීතය නිර්මාණයේදී තමයි සම්පත් ප්‍රනාන්දුපුල්ලේ මාමා අපිට සූර්යා දයාරුවන් අයියාව හඳුන්වලා දුන්නේ
එළිමහන් ප්‍රසංගවලදී ලැබෙන ප්‍රේක්ෂක ආදරය වචනයට පෙරළුවොත්…..?
ඇත්තෙන්ම ඒ ගැන ගොඩක් සතුටුයි. එළිමහන් ප්‍රසංගවලදී ස්ටේජ් එකට නඟිනවට වඩා සින්දුවක් ගායනා කර අවසන්වූවාට පසු “වන් මෝ” කියලා ප්‍රතිචාර ලැබෙද්දී මාරම සතුටුයි. සින්දු 04ක් 05ක් කියලා වේදිකාවෙන් බහිද්දි රසිකයෝ තවතව අපෙන් සින්දු ඉල්ලනවා. ස්ටේජ් එකෙන් බැස්සට පස්සේ ලැබෙන ප්‍රතිචාර නම් කියා නිමකරන්න බැහැ
ශාස්ත්‍රීය මට්ටමින් සංගීතය හදාරන්න අදහසකුත් ඇති.? එසේම ඔබේ ත්‍රි සිස්ටර්ස් කණ්ඩායමට අන්තර්ජාතික තලයට යෑමේ සිහිනයකුත් ඇති…..?
මම දැනට සංගීත විශාරද විභාගය කරමින් ඉන්නේ. ඒවගේම ත්රිසිස්ටර්ස් කණ්ඩායම අන්තර්ජාතිකතලයට ගෙනයන්න ලොකු සිහිනයක් තියෙනවා. අනිවාර්යයෙන් ඒ සිහිනය සැබෑ කරගැනීම තමයි අපේ අරමුණ
මීට දශක කිහිපයකට පෙර බිහිවූ ඉන්ද්‍රාණි පෙරේරා පුමුඛ ත්‍රී සිස්ටර්ස්ලාගෙන් පසුව මිනුරි ඇතුළු තිදෙනාගේ කණ්ඩායම සංගීත ලොවේ පෙරළියත් කරාවිද …….?
අපි ඉතාමත් ආසාවෙන් ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ඇතුළු ත්රීසිස්ටර්ස්ලගේ ගීත ගායනා කරන්නේ. ඉදිරියටත් අපි ගීත නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ගායනයෙන් සහ වාදනයෙන් ලොකු වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අවුරුදු 15ක් වන සෙනුරි පෙරේරා මොවුන් තිදෙනාගෙන් දෙවැනියායි. ත්රිසිස්ටර්ස් කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව වන්නේ ද ඇයයි. සෙනුරි සිය ගායන දිවිය පිළිබඳ මෙසේ අදහස් දැක්වුවාය.
සෙනුරි, ඔබ ඔබලාගේ ත්‍රි සිස්ටර්ස් කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව. මොකද ඒ ගැන හිතෙන්නේ……?
ඇත්තටම සතුටුයි. මට වගේම අක්කටයි, නංගිටයි ඉතා හොඳීන් ගායනයට සහ වාදනයට හැකියාව තිබෙනවා
ගායනයට අමතරව වාදනයටත් ඔබ දක්ෂයි. වාද්‍ය භාණ්ඩ ඔබේ දෑතට හුරුවුණේ කොහොමද කියා සිහිපත් කළොත් …..?
මම අපේ ත්රීසිස්ටර්ස් කණ්ඩායමේ ගිටාරය ර්‍ථතචර කරනවා. එසේම පාසලේ වාද්‍ය වෘන්දයේ ගිටාර්, කොංගො, බොංගො, ඩ්‍රම්ස් ර්‍ථතචර කරනවා. ඊට අමතරව ජ්‍යේෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සයිඩ් ඩ්‍රම්ස් ර්‍ථතචර කරනවා. උපතින් ලද හැකියාවට අමතරව නිතරම පුහුණුවීම් සිදුකරන නිසා සංගීත භාණ්ඩ හොඳීන් වාදනය කරන්න පුළුවන්. දැන් හොඳට ඒ භාණ්ඩ දෑතට හුරුවෙලා තියෙන්නේ
අක්කා සහ නංගි දෙදෙනාට සාපේක්ෂව සෙනුරි වඩාත් දක්ෂතාවක් දක්වන්නේ කුමන අංශයටද……?
සංගීතයට අමතරව මම ක්‍රීඩා කටයුතුවලත් නිරතවෙනවා. ඒවායින් මගේ ප්‍රධාන ක්‍රීඩාව ජවන සහ පිටිය ක්‍රීඩා. පාසලේ මීටර් 100, 200 දුර පැනීමේ ඉසව්වලින් ප්‍රථම ස්ථානය ලබාගෙන 14න් හා 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වුණා. ක්‍රිකට් සහ එල්ලේ ක්රීඩාවලත් නිරතවෙනවා. එල්ලේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වුණෙත් මමයි. ජවන හා පිටිය ඉසව්වලින් කොට්ඨාස, කලාප, පළාත්වලින් ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා
එළිමහන් වේදිකාවේ ත්‍රී සිස්ටර්ස්ලට ලැබෙන ප්‍රතිචාර මොනවගේද ……..?
ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ගීත ගායනයට පෙර ලැබෙන ප්‍රතිචාරවලට වඩා ගීත ගායනා කර ස්ටේජ් එකෙන් බැසීමේදී අතිවිශාල ප්‍රතිචාර ලැබෙනවා. අම්මයි තාත්තයි දෙන්නා පුදුම වෙහෙසක් දරන්නේ අපි තුන්දෙනාව ස්ටේජ් එකේ ඉඳන් කාර් එක ළඟට අරගෙන යන්න
ගායනය සහ වාදනය අතර වෙනසත්, ප්‍රේක්ෂකයාට එය ගෝචර වන ආකාරයත් ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි…..?
වාදනය සහ ගායනය සිදුකිරීම තරමක් අපහසු කටයුත්තක්. එහෙත් නිරන්තර පුහුණුවත් සමඟ ගායනය සහ වාදනය සමබරව කරගෙන යනවා. එළිමහන් ප්‍රසංගවලදී අපට වාදනයෙන් තොරව ගායනය පමණක් කළ හැකි නිසා සියලු ශක්තිය අපට ගායනයට යොදවන්න පුළුවන්. එහිදී රසිකයන්ට, ප්‍රේක්ෂකයාට එය දැනෙනවා වැඩි ඇති කියලා මම විශ්වාස කරනවා.
සෙනුරි, ඔබ තිදෙනාට භාෂා කිහිපයකින්ම ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳ යමක් කීවොත් ….?
ඔව්, අපි තුන්දෙනාට සිංහල, ඉංග්‍රීසි, හින්දි, දමිළ යන භාෂා හතරෙන්ම ගායනා කිරීමේ හැකියාව තිබෙනවා
ඔබලා ගායනයට ගීත තෝරාගන්නා යම් ක්‍රමවේදයක් වේද……? සහ සමාජ මාධ්‍යය තුළ ත්‍රී සිස්ටර්ස්ලාගේ භූමිකාව පැහැදිලි කළොත් ….?
ඔව්, ඒ අවස්ථාවට අනුකූලව ඒ ඒ කාලවලට අදාළව අපට ගායනයට සුදුසු ගීත මොනවද කියලා තීරණය කරන්නේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ අනුව අපි ගීත තෝරාගැනීම සිදුකරනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය වගේම සමාජමාධ්‍ය ජාලයේ අපේ ගීත විකාශය වෙනවා. එසේම මෑතක අපි ගායනා කළ ගීතයක් මිලියනයකට අධික ප්‍රේක්ෂක ප්‍රමාණයක් රසවිඳ තිබුණා.
සංගීත දිවියේ අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති ….?
ත්රිසිස්ටර්ස්ලා වශයෙන් අපි ලංකාවේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා . එසේම ලංකාවේ සංගීතය ජාත්යන්තරතලයට රැගෙනයෑමේ ලොකු සිහිනයක් ද තිබෙනවා
අකේෂි පෙරේරා මෙම සංගීත කණ්ඩායමේ බාලම සොහොයුරියයි… ඇය ද සිය අදහස් පළකිරීමට මෙසේ එක්වූවාය.
අකේෂි, ඔබ කීබෝඩ් වාදනයට ඉතා දක්ෂයි.සංගීත භාණ්ඩ වාදනයට හැකියාව ඇතිබව මුලින්ම හඳුනාගත්තේ කොහොමද ….?
මුලින්ම අක්කා තමයි සංගීත භාණ්ඩ Play කරන්න පටන්ගත්තේ . ඊටපස්සේ අපි දෙන්නටත් කිව්වා Play කරමු කියලා . එවිට මට අවුරුදු 09ක් වගේ. මම කැමැති වුණේ කීබෝඩ් Play කරන්න. ටික කාලයක් ගතවුණාම අපි තිදෙනාට උගන්වන කපිල සර් කිව්වා මට කීබෝඩ් වාදනයට තමයි වඩාත් හැකියාව තියෙන්නේ කියලා
අක්කලා දෙන්නත් එක්ක ගායනයේ, වාදනයේ නිරතවෙද්දි ඔබටම අනන්‍ය වූ යම් දක්ෂතාවක් තිබෙන බව හැඟුණාද……?
මට හිතෙන්නේ අපි තුන්දෙනාටම ගායනයට, වාදනයට තිබෙන්නේ එකම දක්ෂතාව කියලයි
ගායනය සහ වාදනය යන අංශ දෙකෙහි වෙනසත් , සමානතාවත් විග්රහ කළොත් ……..?
වෙනස ගැන කිව්වොත් රසිකයන් ගොඩාක් කැමැති ගායනයට වෙන්න ඇති. එහෙත් ගායනයක් ලස්සන වෙන්න නම් අනිවාර්යයෙන් වාදනයත් ලස්සන විය යුතුයි. එය තමයි මා සිතන ලෙස ගායනය සහ වාදනය අතර ඇති සබඳතාව.
ඔබ තිදෙනාගේ කලා හැකියාවන්ට දෙස් -විදෙස් රසිකයන්ගෙන් දැනටමත් යම් ඉල්ලුමක් ඇතැයි මා සිතනවා……..?
ඔව්, ඇත්තෙන්ම අම්මගෙයි තාත්තගෙයි යහළුවන්ගෙන් වගේම අපි නොදන්න බොහෝ දෙනාගෙන් ප්‍රතිචාර ලැබෙනවා.. අම්මට තාත්තට කෝල් කරලා අපේ ගායන, වාදන හැකියා ගැන ඇගයීම් කරනවා. විදෙස් රටවල සිටින අයගෙනුත් ඉතා ඉහළ ප්‍රතිචාර, ගුණදොස් ලැබෙමින් පවතිනවා. යූටියුබ් , ෆේස් බුක් , ටික් ටොක් ආදී නව සමාජ මාධ්‍ය ජාලවලිනුත් අපි තිදෙනාට ඉතා සුබවාදී කමෙන්ට්ස් ලැබෙනවා
එළිමහන් ප්‍රසංගවලදී ලැබෙන රසික ආදරය දැනෙන්නේ කොහොමද ….?
රසික ආදරය ගැන නම් කියන්න වචනත් නැතිතරම්. ප්‍රසංග වේදිකාවෙන් බහින අවස්ථාවලදී අම්මයි තාත්තයි බොහෝ මහන්සි වෙනවා අපි තුන්දෙනාව වාහනය ළඟට ගෙනියන්න. බොහෝ රසිකයෝ අපි ළඟට ඇවිත් කතා කරනවා . ෆොටෝස් ගහමු කියනවා. ඇත්තෙන්ම ඒ ගැන අවංකවම සතුටක් හිතට දැනෙන්නේ..
සංගීත වැඩිදුරටත් ඉගෙනගන්න අදහසක් ඇති…..?
දැනටමත් වාදනයට අපට කපිල සර්ගේ සහයෝගය ලැබෙනවා. අනාගතයේදී සංගීතය පිළිබඳ තවදුරටත් ඉගෙනගෙන කලාව තුළින් රටට, සමාජයට යම් සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා
ඔබ තිදෙනා , එදා බිහිවූ ඉන්ද්‍රාණි පෙරේරා ඇතුළු ත්‍රී සිස්ටර්ස්ලගේ කලා දිවිය ගැන යම් අධ්‍යයනයක් කරනවාද….?
පසුගිය දිනවල අම්මයි, තාත්තයි ගොඩක් උත්සාහ කළා ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියව අපට මුණගස්වන්න..එහෙත් එතුමිය දැනට විදෙස්ගතව සිටින බව ආරංචියි…එතුමිය ලංකාවට ආ විගස ඇය හමුවී කතාබහ කරන්න කැමැත්තෙන් ඉන්නේ
මේ දිනවල ඔබ තිදෙනාගේ නිර්මාණ කාර්යයන් සහ අනාගතයේ සිදුකෙරෙන නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් ……?
පසුගිය ජුනි 01වැනිදා චූටි අක්කගෙයි තාත්තගෙයි උපන් දිනය දවසේ පානදුර පුරහලේ අපි ප්‍රසංගයක් කළා. එයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා . අනාගතයේ අපේම ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සූදානමින් ඉන්නවා
ඔබ තිදෙනා කලා ප්‍රසාදිනී සම්මානයෙන් ද පසුගියදා පිදුම් ලැබුවා…..?
ඔව්, ඇත්තෙන්ම කලා ප්‍රසාදිනී සම්මානයට පාත්රවීම සතුටට කරුණක් . එදින අක්කාට එයට සහභාගී වීමට නොහැකිවුණා. එදා ඒ සම්මානය ලැබීමේදී දැනුණු හැඟීම වචනවලට පෙරළන්න අපහසුයි. ඒ අවස්ථාව අපට ගොඩාක් වටිනවා . එය අපි තිදෙනාගේම ජීවිතයේ මිල කළ නොහැකි අවස්ථාවක් කියා හඳුන්වන්න කැමැතියි.
මනෝජ් රුක්මල් කුමාරසිංහ