දුලීකාගෙන් ටෙලි නාට්‍යයක්

ජූලි 16, 2020

නිෂ්පාදිකාවක ලෙසින් කරළියට පැමිණි ජනප්‍රිය නිළි දුලීකා මාරපන ඉන්ටර්නැසනල් නමින් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරමින් සිටින බව වාර්තා විය. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඇගේ ආදරණීය සැමියා සුජීව ප්‍රියාල් වේ.

මේ දිනවල රූ ගැන්වෙන එහි දුලීකා සුජීව සමඟ සරත් කොතලාවල, මේධා ජයරත්න, මාලා ජයවීරගේ, තරින්ද්‍රි ප්‍රනාන්දු, සංගීත් ප්‍රභූ, කුමාර වඳුරැස්ස, චානුක ප්‍රබුද්ධ, රුසැඳි සෙනායා, මහේන්ද්‍ර වීරරත්න, සුරංගා රණවක, ටාෂි විහාරි, ගාවින්ද නවරත්න, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, ආලෝක සම්පත්, සමිත සුධීෂ්ව, වගීෂා සල්ගාදු, ගයාන් විතාන ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

අසංක සායක්කාරගේ පිටපත් රචනයකි. ස්ටෙනා ඇඩම්ස් කැමරා අධ්‍යක්ෂවරයාය. සමීර මඳු කිඳෙල්පිටිය අංග රචනයෙන් දායක විය. රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සම්බන්ධිකාරකවරයාය. නිශාන්ත රණසිංහගේ සහාය අධ්‍යක්ෂණයකි. තිලංක බණ්ඩාර සංස්කරණ ශිල්පියාය. නිෂ්පාදන කළමනාකරණය සාලින්ද රත්නායක විසින් සිදු කොට තිබේ. දිනේෂ් ජයශාන්තගේ කලා අධ්‍යක්ෂණයකි.