ස්වාධීන රූපවාහිනියට පිටගම්කාරයෝ එති

අගෝස්තු 6, 2020

මෙරට බිහි වූ විශිෂ්ටතම ටෙලි සිතුවමක් වන පිටගම්කාරයෝ නැවත රස විඳීමට ඔබට අවස්ථාව උදා වී තිබේ. ඒ ස්වාධීන රූපවාහිනි නාළිකාවෙනි. සති අන්තයේ එනම් සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 7.30 ට පිටගම්කාරයෝ නැවත විකාශය වනු ඇත. නැසීගිය කෘතහස්ත අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් පිටගම්කාරයෝ රචනා කොට අධ්‍යක්ෂණය කළේය. සම්මාන අති විශාල සංඛ්‍යාවක් දිනාගත් එම ටෙලි සිතුවමේ නිළි රැජන මාලිනී ෆොන්සේකා, ජැක්සන් ඇන්තනී, රන්ජන් රාමනායක, සබීතා පෙරේරා, ගෝතමී පතිරාජ, දයා අල්විස්, ජී. ආර්. පෙරේරා, අශෝක පීරිස්, පාලිත සිල්වා, වීණා ජයකොඩි, යශෝධා විමලධර්ම, නිරෝෂා හේරත්, දීපානි සිල්වා, සුනීතා විමලවීර, ප්‍රියංකර රත්නායක, චන්ද්‍රා කලුආරච්චි, රංජිත් ද සිල්වා, අශේන් මංජුල, ජේ. එච්. ජයවර්ධන, ලාල් කුලරත්න, නවනන්දන විජේසිංහ, අවන්ත මහතන්තිල ඇතුළු පිරිස රංගනයේ නියැළුණහ. මෙහි කැමරා අධ්‍යක්ෂණය එම්.ඩී.මහින්දපාලගෙනි. පිටගම්කාරයෝ තිරනාටකය පසුකලෙකදී මුද්‍රණද්වාරයෙන් ද එළිදැක්විණි.