තුර්කියෙන් ආ ‘වුමන්’ ලංකාවේදී කිසා වෙයි

අගෝස්තු 27, 2020

සිරස ටීවී මඟින් ඔබ වෙත පිදෙන නවතම හඬ කැවූ ටෙලි සිතුවම “කිසා” නමින් සෑම සතියේ දිනකම රාත්‍රී 8 ට විකාශය වේ. මෙය පියකුගේ  සෙනෙහස අහිමි වූ දරුවන්  දෙදෙනෙකුගේ ආදරණීය මවක ලෙස විවිධ අභියෝගයන්ට මුහුණ  දෙමින් ජීවිතය ජය ගන්නා කිසා නමැති කාන්තාවක වටා ගෙතී ඇති කතා පුවතකි. 

වුමන් නමින් නිර්මාණය වූ කිසා මුල් කෘතිය තුර්කි නිර්මාණයකි. එය ලොව රටවල් 65 කට අධික සංඛ්‍යාවක මින් පෙර විකාශය වී තිබේ. ටෝකියෝ අන්තර් ජාතික ටෙලි සම්මාන උලෙළේ විශිෂ්ටතම නාට්‍ය ලෙස ද මෙය සම්මානයට පාත්‍ර වී ඇත.