මේ අහසත් ඉස්සර වගේ නෑ රූ ගත කරයි

සැප්තැම්බර් 3, 2020

ජෝර්ජ් යසන්ත දර්ශන අධ්‍යක්ෂණය කළ මේ අහසත් ඉස්සර වගේ නැහැ පොහොය ඒකාංගික කතා මාලාවේ පළමුවැන්නේ රූපගත කිරීම් ඉකුත්දා සිදු කෙරිණි. තර්ඩ් බෙල් ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙස නිර්මාණය වන මෙහි ජයතිස්ස අතුලසිරි, ඉඳුනිල් ලංකා, සුජානි මේනකා, කෝසල ලක්ෂාන්, ගිමන්ති කසුනිකා, මාලගේ කුඹුර, නිෂුන් කොවිඳ, ඉසුරිකා හා දුලාරි ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. අධ්‍යක්ෂවරයා විසින් රූපවාහිනි රචනය සිදු කොට ඇත. මනෝජ් ඉන්දික කැමරා අධ්‍යක්ෂවරයාය. උපුල් ප්‍රසන්නගේ කලා අධ්‍යක්ෂණයකි, හර්ෂණ ජයතිලක සහාය අධ්‍යක්ෂවරයාය.මල්ෂි ලියනගේ ගේ ඇඳුම් නිර්මාණයකි. අරවින්ද අංග රචනා ශිල්පියාය. නිෂ්පාදන සහාය සමාධි බාලසූරිය සහ අසේල ලංකාගෙනි. ආලෝකකරණයෙන් ප්‍රසාද් ද සජිත් මධුශාන් ප්‍රවාහන කටයුතු සඳහා ද එක් විය.