සුදු ඇඳගෙන කළු ඇවිදින් සම්මාන දිනාගනී

සැප්තැම්බර් 24, 2020

රයිගම් ටෙලි සම්මාන උලෙළ පසුගිය 19 වැනි දින ෂැංග්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා මහාචාර්ය සුනිල් ආරියරත්නය. කලාකරුවන්, සම්මානලාභීන්, මාධ්‍යවේදීන් රැසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. එදින රයිගම් සම්මාන 58 ක් පිරිනැමුණු අතර මෙවරත් ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රිය නළුවා, නිළිය හා ජනප්‍රිය ටෙලි නාට්‍ය තෝරා පත් කර ගැනිණි. මෙවර ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය පිරිනැමුණේ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් මැතිනියටයි. මෙවර සම්මාන උලෙළේ හොඳම ටෙලිනාට්‍ය ලෙස සම්මාන දිනුවේ සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයයි.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි නාලිකාව ලෙස ජාතික රූපවාහිනිය ද ප්‍රවෘත්ති නාලිකාව ලෙස සිරස රූපවාහිනිය සම්මාන හිමිකර ගත්තේය. මේ උලෙළේ සම්මාන ලැබූ අයුරුයි.

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන

1. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය (ප්‍රාසාංගික)

සුදු ඇඳගෙන කළු ඇවිදින්  - මංජුල කැකුලාවල/

නඳුනි රොස්මරීනා/

ධනුෂ්ක කරුණාතිලක - (ජාතික රූපවාහිනිය)

2. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය

ආනන්ද අබේනායක - 

(වීරයා ගෙදර ඇවිත්) - (ජාතික රූපවාහිනිය)

3. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය නිළිය

ශලනී තාරකා - කමනී 

(අ. ඩෝ) (සිරස ටීවී)

4. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය නළුවා

ආනන්ද කුමාරඋන්නැහේ - විල්සන් 

(සුදු ඇඳගෙන කළු ඇවිදින්) - ජාතික රූපවාහිනිය)

5. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය සංස්කරණය

ජගත් වීරතුංග - වීරයා ගෙදර ඇවිත් - 

(ජාතික රූපවාහිනිය)

6. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

ගයාන් ගණකධාර - 

වීරයා ගෙදර ඇවිත් - (ජාතික රූපවාහිනිය)

7. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය ගීත රචනය

මංජුල වෙඩිවර්ධන - 

සතර අභින කඳුළු ජලාසේ... (දෙයියන්ගේ රටේ) - 

(අයි. ටී. එන්.)

8. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය ගීත ගායකයා

දුමාල් වර්ණකුලසූරිය - අරුමැසි ආදරේ... 

(සක්කාරං) (සිරස ටීවී)

9. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය ගීත ගායිකාව

රයිනි චාරුකා - මහකතරක (ක්ලික්) -(ස්වර්ණවාහිනී)

10. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය සහාය නළුවා

කණිෂ්ක සේවියර් - නිරෝෂන් (වීරයා ගෙදර ඇවිත්) - 

(ජාතික රූපවාහිනිය)

11. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය සහාය නිළිය

දිනූපා කෝදාගොඩ - විශාඛා (වීරයා ගෙදර ඇවිත්)

12. වසරේ නැඟී එන 

ටෙලි නාට්‍ය නළුවා

රන්දික ගුණතිලක - දිනී 

(අ.ඩෝ) (සිරස ටීවී)

13. වසරේ නැඟී එන 

ටෙලි නාට්‍ය නිළිය

මිෂෙල් දිල්හාරා - අයෝමා (සුදු ඇඳගෙන කළු ඇවිදින්)-(ජාතික රූපවාහිනිය)

14. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරීම

එස්.රාජේන්ද්‍රන්  - වීරයා ගෙදර ඇවිත් - 

(ජාතික රූපවාහිනිය)

15. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

සිසිකිරණ පරණවිතාන  - සුදු ඇඳගෙන කළු ඇවිදින් - (ජාතික රූපවාහිනිය)

16. වසරේ විශිෂ්ටතම 

ටෙලි නාට්‍ය තිර රචනය

නාමල් ජයසිංහ - 

(වීරයා ගෙදර ඇවිත්)- (ජාතික රූපවාහිනිය)

17. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

අජන්ත අලහකෝන් -  

සුදු ඇඳගෙන කළු ඇවිදින් - (ජාතික රූපවාහිනිය)

18. වසරේ විශිෂ්ටතම ඒකාංගික 

ටෙලි නාට්‍යය(විනාඩි 55 අඩු)

අපරාරම්භය - 

සන්තුස ලියනගේ - 

(ජාතික රූපවාහිනිය)

19. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය

බුවනෙක රණවක - 

රාවණ (ටීවී දෙරණ)

20. වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාළිකාව

සිරස ටීවී

21. වසරේ සම්මානනීය 

ටෙලි නාට්‍ය නාළිකාව

ජාතික රූපවාහිනිය

22. වසරේ සම්මානනීය නාළිකාව

ජාතික රූපවාහිනිය

23. වසරේ ජනප්‍රියතම 

ටෙලි නාට්‍යය

තණමල්විල කොල්ලෙක් - අයි. ටී. එන්.

24. වසරේ ජනප්‍රියතම 

ටෙලි නාට්‍ය නලුවා

රවීන් කණිෂ්ක

25. වසරේ ජනප්‍රියතම 

ටෙලි නාට්‍ය නිළිය

ශලනි තාරකා

26. විශේෂ ප්‍රණාම සම්මාන

විශාරද මමෝජ් පීරීස් සහ

ලියෝනි කොතලාවල

ප්‍රතිභාප්‍රභා ගෞරව 

සම්මානය

■සුමිත්‍රා පීරිස් මැතිනිය

විශේෂ ඇගයීම් සම්මානය

■හිමාලි සයුරංගි - 

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස තෙවසරක් අඛණ්ඩව

නිර්දේශ වූ අද්විතීය රංගන කුසලතාවය උදෙසා විශේෂ සම්මානය