නාලන්ගේ නෑනලා රූපවාහිනියට එති

සැප්තැම්බර් 24, 2020
නාලන්ගේ නෑනලා රූපවාහිනියට එති

දූ දරුවෝ, සත්පුර වැසියෝ, සෙනෙහෙවන්තයෝ, නෑදෑයෝ, ආදී පවුලේ කතා පුංචි තිරයට ගෙනා නාලන් මෙන්දිස්ගේ නවතම ටෙලි නිර්මාණය ‘නෑනාලා’ ඔක්තෝම්බර් 05 දින සිට රාත්‍රී 8.30 ට සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන් ප්‍රේක්ෂක ඔබ වෙත තිළිණ කිරීමට නියමිතව ඇත. යශෝධා විමලධර්ම, ජනක කුඹුකගේ, රම්‍යා වනිගසේකර, ගීතා කාන්ති ජයකොඩි, පූජානි භාග්‍යා, ලයනල් වික්‍රම, වසන්ත කුමාරසිරි, වසන්ති රංවල, රොෂාන් පිලපිටිය, රුවන්ගි රත්නායක, බුද්ධික ලොකුකැටිය, හිරුණි රණසිංහ, අසංග පෙරේරා, දමයන්ති ෆොන්සේකා, නිර්ධා උයන්හේවා, දිලුම් විජේසිංහ, ජගත් ඇපලදෙණිය, කුමාර වඳුරැස්ස, ඇන්ටන් කුරේ ආදී රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙති. මෙහි රූපවාහිනී රචනය සුනන්ද සිල්වාගෙනි. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. කැමරාකරණයෙන් ඉන්දික ලක්මාල් ද, සංස්කරණයෙන් තිලංක නිරංජන බණ්ඩාර ද දායක වෙති. සුරංග ප්‍රදීප් කලා අධ්‍යක්ෂණයෙන් ද, ෂනිල් වැලිවිට විතානගේ අංග රචනයෙන් ද, උදය ප්‍රසන්න සහය අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් නිශාන්ත ප්‍රදීප් නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායක වෙති. ‘නෑනාලා’ බුද්ධික ලොකුකැටිය සහ හිරුනි රණසිංහයගේ නිෂ්පාදනයකි.